lakbima.lk

පිං පැමිණවීම

පාස්කු ඉරිදා (21) දා මෙලෙච්ඡ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය කතෝලික බැතිමතුන්ට සර්ව ආගමික පිං පැමිණවීම  හා ප්‍රහාරයේදී තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මස්කෙළිය ප්‍රදේශයේ සිංහල, දමිළ  හා මුස්ලිම් ජනතාවගේ සහභාගීත්වයෙන් මස්කෙළිය පොදු ක්‍රීඩාංගනකයේදී ආගමික උත්සවයක් ඉකුත් (12) වන ඉරු දින පැවැත්විණි.

මෙහිදී සර්ව ආගමික නායකයින් විසින් තම ආගම් අනුව පිං පැමිණවීම හා සෙත් ප්‍රාර්ථනා කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඉටි පහන් දැල්වීම සිදුකළහ.

මෙම අවස්ථාවට මස්කෙළිය ශ්‍රී සුමණාරාම විහාරාධිපති තපෝවනයේ සුසීත හිමි වැඩම කර සිටි අතර මස්කෙළිය ශාන්ත ජෝෂප් කතෝලික හා ක්වීන්ස්ලණ්ඩ් තේ වතුයායේ කතෝලික දේවස්ථානවල  පියතුමන්ලා පැමිණ සිටියහ.

මස්කෙළිය, සාමිමලේ, නල්ලතන්නිය, ගාඩ්මෝර්, මරේ යන ප්‍රදේශවල ජනතාව විශාල පිරිසක් මෙම ආගමික වැඩසටහනට සහභාගී වූහ.

ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.