lakbima.lk

මත්ද්‍රව්‍යය

 

සෞඛ්‍යය අමාත්‍යංශය මගින් මේ රට තුල අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 75 අලෙවි කිරිම සදහා ලග තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ (10) සැකපිට අත්අඩංගුවට  ගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

ඉන්දියාවෙන් මේ රටට නිතිවිරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරිම සදහා සැකකරු කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් බගවන්තලාව තෙරේසියා වතුයායේ ඔහු පදිංචි නිවසේ සගවා තිබෙන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසිය මගින් මෙම වැටලිම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 10 බැගින් කුඩා ටින් 75 ක අසුරා තිබුණි.

ග්‍රෑම් 10 බැගින් වු එක් මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ  නිලධාරින් පැවසුවේ.

අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍යය තොගය  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල  බගවන්තලාව පොලිසියේ නිලධාරින් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.