lakbima.lk

මානිගේ පුතාගෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදෙට විසඳුම

කිසි කරදරයක් නැතුව ආව ගියා ගමනක් ගොස් පැමිණි බිරිඳ සිනාකටින් කීවාය. ඉස්කෝල පටන් ගත්තට පාරෙ ළමයිවත්, ස්කූල් වෑන්වත් නෑ.

කොටි ගහපු කා‍ලේ තිබිච්ච විස්වාසෙවත් නෑනෙ ආරක්ෂාව ගැන දැන් මම ඇයට කීවෙමි. එහෙම තියෙද්දී දෙමව්පියො දරුවො එවයිද?

අපේ කතාව අසා සිටි පුතා සිනාසුනේය.

දේශීය විසඳුම් දීලා මේ ප්‍රශ්න ඉවරයක් කරන්න බෑ. පුතා බැරෑරුම් ලෙස කියා සිටියේය. මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදෙ නිසා ජාත්‍යන්තරේ සහයෝගයෙනුයි විසඳුමක් හොයන්න ඕන.

ඒ කොහොමද ඒ?

මේ හාදයෝ එක දවසයිනෙ බෝම්බ පිපිරෙව්වේ පුතා අවධාරණය කළේය. ඒ වුණාට කොටි අවුරුදු තිහක් තිස්සේ දිනපතා බෝම්ප පිපිරෙව්වනෙ ඉතින්?

එහෙව් කොටි එක්කත් අපි සාම සාකච්ඡා කරානේ. සාම ගිවිසුම් අස්සන් කරානේ. චන්ද්‍රිකා අවුරුදු 10කට උතුරු නැගෙනහිර ප්‍රභාකරන්ට දෙන්නම් කියලත් කිව්වනේ. පුතා මතක් කර දුන්නේය.

ඒත් අපි අයිඑස්සෙකට එහෙම කිසිම චාන්ස්සෙකක් දෙන්නෙ නැතිවීම වැරදියිනෙ ඒ කතාව අසා බිරිඳ උදහස් වූවාය.

දැන් ඔයා කියන්නෙ මොකක් කරන්න කියලද?

ඉස්සෙල්ලම මේ වැඩේ විසඳන්න නියම සුදුස්සට ඒක බාරදෙන්න ඕන

බිරිඳගේ මුහුණේ සිනාමලක් පිපුණි.

ඒක හරි පුතා ඕ කියා සිටියාය.
සරත් ෆොන්සේකාව වහාම සීන්නෙකට ගේන්න ඕන තමයි.

පුතා අවඥාවෙන් සිනාසුණේය.
මං කිව්වේ ජාත්‍යන්තර ප්‍රශ්නයක් විසඳන්න සුදුස්සව ගේන්න ඕන කියල ඔහු කියා සිටියේය. එරික් සොල්හයිම්ව
බිරිඳටත් මටත් දෙදෙනාටම කේන්ති ගියේ එකවරටය.

ඒ හාදයව ගාවගන්නේ මොකටද?

ඇයි මෑන්ගෙ රාජ්‍යතාන්ත්‍රික ඥාණයෙන් හරියටම නි‍ලේ අල්ලයිනෙ පුතා කීවේය. ප්‍රභාකරන්ව කැ‍ලේ ගල්ගුහාවට ගිහින් අල්ලගත්ත වගේ සොල්හයිම් කාන්තාරෙ කූඩාරමටම ගිහිල්ල අල් බග්ඩාඩිවත් අල්ලගනියි
ඊට පස්සේ බෝම්බ බය නැතිවෙනවද? බිරිඳ ඇසුවාය.

ඔව්. ඒත් ඒකට කලින් සාම ගිවිසුමක් අස්සන් කරන්න ඕන රනිලුයි, අල්බග්ඩාඩයි පුතා කියා සිටියේය. රනිල් අරලියගහ මන්දිරේ ඉඳන්, අල්බග්ඩාඩි කාන්තාරෙ කූඩාරමේ ඉඳන්.

ඇයි රනිල්? ජනාධිපතිගේ ආරක්ෂක ඇමැති මම ඇසුවෙමි.

අගමැති, ජනාධිපතිට හොරෙන් අස්සන් කරනෙක තමයි සම්ප්‍රදාය පුතා කීවේය. 2002දීත් ප්‍රභා එක්ක සාම ගිවිසුම අස්සන් කරෙත් රනිල්නේ, චන්ද්‍රිකාට හොරෙන්.

අයිඑස්සෙකත් එක්ක සාම ගිවිසුමක් අස්සන් කරාම අපේ මුණුබුරාවත් බය නැතුව ඉස්කෝලෙ යවන්න පුළුවන්ද? බිරිඳ ඇසුවාය.

නැතුව නැතුව පුතා කියා සිටියේය. ඒ අය විතරක් නමෛයි අපිට කොටි යුද්දෙදි මිස්වෙච්ච නොබෙල් තෑග්ගත් මේ වෙලාවේ ගන්න පුළුවන්.

බිරිඳත් මමත් කතාව නවතා එතැනින් පිටවීමු.

ඒත් බලන්නකෝ ලෝකේ තියෙන අසාධාරණේ පුතා දුකින් කියනු ඇසුණේය. කොටි එක්ක සාකච්ඡා කරන්න කියලා බලකරපු කිසිම රටක් අපිට අයිඑස්සෙකත් එක්ක සාකච්ඡා කරන්න කියන්නෑනේ.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.