lakbima.lk

ෆ්‍රිෂ් රයිස්



අවශ්‍ය ද්‍රව්‍ය -

බාස්මතී සහල් ග්‍රෑම් 500
තෝරමාළු ග්‍රෑම් 500
මීකිරි මේස හැඳි 3
අඹරාගත් ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1
රසට අනුව ලුණු
සිහින්ව කපාගත් ලූනු අහුරක් පමණ
සූදුරු කුඩු තේ හැඳි 1
කොත්තමල්ලි කොළ මිටක්
සූදුරු ඇට තේ හැඳි 1/2
මින්චි කොළ මිටක්
බේලීව්ස් කොළ 2ක්
හොඳින් රතු පාට වුණු
තක්කාලි ගෙඩි 2ක්
එන්සාල් කරල් 2ක්
කරාබු නැටි 2ක්
ස්ටානීස් 2-3ක්
දෙහි යුෂ මේස හැඳි 1
රෝස වතුර බිංදු 2-3ක්
මාගරින් ග්‍රෑම් 50


සාදන ආකාරය -

එන්සාල්, ස්ටානීස්, කරාබු නැටි එකතු කර බත 90ක් පමණ පිස ගන්න. එය පසෙකින් තබන්න. රෝස වතුර බිංදු කීපයක් උඩට දමන්න.


දැන් මාළු ටික හොඳින් සෝදා කුඩා කොටු ලෙස කපා ගන්න. එයට මීකිරි, අඹරාගත් ඉඟුරු, දෙහි යුෂ, සූදුරු ඇට, සූදුරු කුඩු, කුඩාවට කපාගත් මින්චි කොළ, කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ, බේලීව්ස්, කුඩාවට කපාගත් තක්කාලි, ලුණු දමා හොඳින් අතගා ගන්න. දැන් තරමක් ලොකු හට්ටියක් ළිප තබා එයට මාගරින් ටික දමන්න.

දැන් ඒ මත මාළු මිශ්‍රණය තට්ටුවක් සේ දමාගන්න. දැන් තුන්කාලට පිසූ බතේ දිය පෙරා, මේ මාළු මිශ්‍රණය මතට බත් ටික දමන්න.

දැන් ඉතාම මද ගින්දරේ හොඳින් බදුන වසා විනාඩි 10ක් පමණ පිසගන්න. කැමති නම් මෙයට කහ පාට කලරින් බිංදු කීපයක් එකතු කර ගත හැකිය. සිහින්ව කපාගත් ලූනු ටික ගැඹුරු තෙ‍ලේ බැද බත සරසා ගැනීමට යොදා ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.