lakbima.lk

අඹ අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳින් පැසුණු අඹ ගෙඩි 3 ක්
‍පොඩි රතු ලූනු ගෙඩි ග්‍රෑම් 200 යි
අමු මිරිස් කරල් 10 ක්
ලොවි ගෙඩි 10 ක්
විනාකිරි අඬු කෝප්ප 1/2 යි
කහ ස්වල්පයක්
අඹරා ගත් අබ මේස හැඳි 2 යි
ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි
ලුණු රසට අනුව
සීනි මේස හැඳි 1 යි
 
සාදන ආකාරය:
අඹ ‍පොතු ඇට ඉවත් කර සෝදා සිහින් දිග තීරු ලෙස කපාගන්න. රතු ලූනු ගෙඩි පිටින්ම සුද්ද කර සෝදා දිය බේරා ගන්න. ලොවි දෙකට පලා සිහින් පිහි තුඩකින් ඇට අස්කර ගන්න. දැන් විනාකිරි ටික ලිප තබා රත්වන විට අඹ කැබැලි දමා ඉක්මනින්ම පිටතට ගන්න. (උණුං ගස්වා ගන්න). මේ ආකාරයටම ලොවි, රතු ලූනු, වෙන් නොවන සේ පලා ගත් අමු මිරිස්ද උණුං ගස්වා ගන්න. දැන් වියළි පිරිසිදු මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි, අඹරා ගත් අබ, සීනි, ලුණු, කහ කුඩු ස්වල්පයක්, සීනි දමා අනාගන්න. දැන් අඹ, ලොවි, රතු ලූනු, අමු මිරිස්ද දමා කලවම් කර දවසක්, දෙකක් වසා තබා කෑමට ගන්න.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.