lakbima.lk

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමුරුංගා මල් ග්‍රෑම් 250

සහල්පිටි ග්‍රෑම් 100

බිත්තර 1 යි

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

කෑලි මිරිස් තේ හැඳි 1

 බැද ගැනීමට තෙල්

සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 100

ලුණු රසට අනුව

සාදන ආකාරය

සහල් පිටි වලට ලුණු, ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. කතුරුමුරුංගා මල් වල පෙති ගලවා සෝදා හොඳින් දිය බේරෙන්නට තබන්න. දැන් බිත්තරය කඩා බඳුනකට දමා තට්ටු කරගන්න. කතුරුමුරුංගා මල් පෙති, බිත්තර සාරුවල දවටා සහල් පිටි මත පෙරළා රත්වූ ගැඹුරු තෙ‍ලේ බැදගන්න. දැන් රතුලූනුද සිහින්ව කපා සර සර ගාන පදමට බැදගන්න. කතුරුමුරුංගා මල් බැදගත් ලූනු වලට කෑලි මිරිස් සහ ලුණු කුඩු ස්වල්පයක් දමා කලවම් කර ගන්න.

Page 1 of 16

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.