lakbima.lk

නිළධාරීන්ගේ දැනුම ගොවීන් ප්‍රයෝජනයට ගන්නේ නෑ

කෘෂිකර්මය පිළිබඳ දැනුම සහිත නිලධාරීන් කොපමණ සිටියත් ගොවීන් ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට උනන්දුවක් නොදක්වා වගාවට අවශ්‍ය පොහොර, රසායනික ද්‍රව්‍ය වෙළෙන්දාගෙන් පමණක් විමසා ඉවක් බවක්‍ නොමැතිව වගාවට යෙදීමට ගොවීන් පෙළඹීම නිසා වගා හානි මෙන්ම පරිසරයද විනාශ කර ගන්නා බව කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කළේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ නව සොයාගැනීම් බොහොමයක් සිදු වෙනවා. නමුත් ඒවා සමාජය වෙත නිසියාකාරයෙන් සම්ප්‍රේෂණය වීමක් සිදු වන්නේ නෑ. විශේෂයෙන් ගොවීන් වෙත මෙම දැනුම ගෙන යා යුතුයි. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතුයි. ඒ නිසා නවීන තාක්ෂණය සහ නව සොයා ගැනීම් ගොවීන් වෙත ගෙනයාම සඳහා කෘෂිකර්ම උපදේශකවරුන් සහ ගොවීන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ඉතා වැදගත් බව අමාත්‍යවරයා පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.