lakbima.lk

දියණිය කෙලෙසූ පියාට 60වසරක සිර දඬුවමක්

 

තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනය කිරීමේ නඩු දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර හැටක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් තිස්දහසක දඩ මුදලක් නියම කළේය. 13 හැවිරිදි දියණියක් අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරුවූ අදාළ පුද්ගලයාට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් අද (11) මෙම සිර දඬුවම නියම කර තිබේ.

ඔහු හුංගම පොලිස් වසමට අයත් බටඅත ළිඳේයාය ප්‍රදේශයේ පදිංචි කළුහපුගේ දිසානායක නමැති 57 හැවිරිදි පස් දරු පියෙකි.

මොහු 2015 සහ 2016 වසර වලදී සිය බාලවයස්කාර දියණිය කිහිප වාරයක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන්  හුංගම පොලිසිය විසින් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.  විත්තිකරුට විරුද්ධව එක් නඩුවකට චෝදනා 3 බැඟින් චෝදනා 6ක් ගොනු කර තිබූ අතර එම චෝදනා සියල්ලම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා වැරැදිකරු විය. 

එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර දහය බැගින් වසර හැටක සිර දඬුවම සහ එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් තිස්දහසක දඩ මුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් තවත් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා නියම කළේය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.