පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාශයේ පොලිස් නිලධාරියකුට බණ්ඩාරවෙල නගරයේදි පහර දීමේ චෝදනාව මත, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඇති බවයි වාර්තා සිටී.
මෙම පහරදීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාද පොලිස් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔහු මේ වනවිට ප්‍රදේශය හැරගොස් ඇතිබවයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතානායකවරයාටද දැනුම් දී ඇති අතර අධිකරණය වෙතද දැනුම් දී ඇති බවයි ප්‍රදේශයේ ජේයෂ්ඨ පොලිස් නිලධාරියකු ලක්බිම වෙත කියා සිටියේ.
බණ්ඩාරවෙල - විරාජ් ප්‍රනාන්දු