lakbima.lk

මිනිස් ජාවාරමේ නිරත වු ශ්‍රී ලාංකිකයින් 03ක් මැලේසියාවේදී කොටුවෙති

 
මිනිස් ජාවාරමේ නිරත වූ ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම සැකකරුවන් මුහුදු මාර්ග භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස මැලේසියාව හරහා ඕස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට සංක‍්‍රමණිකයින් ප‍්‍රවාහනය සිදු කර ඇතැයි එරට ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. එලෙස නීතිවිරෝධීව ප‍්‍රවාහනය කර ඇති සංක‍්‍රමණිකයින් පිරිස අතර ශ‍්‍රී  ලාංකික සංක‍්‍රමණිකයින් 24 දෙනෙකු හා ඉන්දීය ජාතිකයින් දස දෙනෙකු වෙති. 
 
ඔවුන් අතර පිරිමින්, කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බවයි මැලේසියානු බලධාරීන් වැඩිදුරටත් පවසා ඇත්තේ. 
 
අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් තිදෙනාට එරෙහිව සංක‍්‍රමණික නීති උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.