lakbima.lk

අධික වේගයෙන් ගිය බස් රථය ලොරියේ ගැටේ ; ලොරියට දැඩි හානි

මස්කෙලිය නල්ලතන්නිය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් හැටන් සිට නොර්වුඩ් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු කුඩා  ලොරි රථයක ගැටි ලොරි රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (11) පස්වරු 4 ට පමණ හැටන් බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදිය.

අනතුර සිදු වන අවස්තාවේ බස් රථය තුල මගින් විශාල පිරිසක් ගමන් කර ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු නොමැත. අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.  අනතුර සිදු වු ස්ථානයේ ප්‍රධාන මාර්ගය පටු නිසා මිට ඉහත අවස්තා කිහිපයකදි රිය අනතුරු ගණනාවක් සිදු වි තිබේ.

බස් රථයේ අධික වේගය සහ බස්  රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම රිය අනතුරට සිදු වු බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිය පැවසීය.

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.