lakbima.lk

පළාත් 6කට වැසි අද සිට

නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කගේත් වැසි තත්ත්වගේ වර්ධනයක් අද දිනගේ සිට (විශේෂයේ ජනවාරි මස 11 සිට 13 දක්වා) බලාපොරොත්තු වේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාත් සහ අනුරාධපුරය දිස්ත්‍රික්කගේ වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඌව, මධ්‍යම, දකුණ සහ සබරෙමුව පළාත්වලත් පොගළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළගේ වේගය පැ.කි.මී. 40 දක්වා තරමක් තද විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.