lakbima.lk

අධික වේගයෙන් ගිය ත්‍රිරෝද රථය පෙරළී 2ක් රෝහලේ

 

ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරා සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අද (11) අලුයම 12.20 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ ගින්ගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුලුව ප්‍රදේශයේදිය.

 

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂන පවත්වන ගිනිගත්හේන පොලිසිය පැවසීය.

හැටන් රංජිත් රාජපක්ෂ

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.