lakbima.lk

නිවස අසල තිබූ ත්‍රිරෝද රථය සොරාගෙන - CCTV දර්ශන සහිතයි

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපට ගාල්  කර තිබු ත්‍රිරෝද රථයක් සොරාගෙන ඇති බවට ත්‍රිරෝද රථයේ හිමිකරු විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අද (11) අලුයම 2. 05 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථය සොරා ගන්නා ආකාරය සි.සි.ටි.වි කැමරා දත්ත පද්ධතියේ සටහන් වි තිබුණි.

ගාල් කර තිබු  ත්‍රිරෝද රථය මද දුරක් තල්ලු කරගෙන ගොස් පසුව ත්‍රිරෝද රථය පණ ගන්වාගෙන රැගෙන ගොස් ඇති බවයි ත්‍රිරෝද රථයේ හිමිකරු කියා සිටියේ.

සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.