lakbima.lk

මධ්‍යම පළාතේ වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නයක් වෙයි

මධ්‍යම පළාතේ පාසල්වල මධ්‍ය වාර පරීක්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,මුද්‍රණය කිරීම හා බෙදාහැරීමේ කාර්ය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කඩිමුඩියේ සැලසුම් කර ක්‍රියාවට නැඟීම  නිසා පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙන්ම පාසැල් දරුවන්ද  විවිධාකාර  ගැටලුවලට මුහුණදීමට සිදුව ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ මධයම්, පලාත්  ලේකම් ගමගෙදර දිසානායක මහතා පවසයි.

වෙනත් වර්ශයන්හි මධ්‍ය වාර පරීක්ෂණය පාසැල් මගින්ද,අවසාන වාර පරීක්ෂණය මධ්‍යම පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුව මගින් සකස්කළ බව පවසන දිසානයක මහතා මෙවර පාසැල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය අපේක්ෂවෙන් යැයි පවසමින් පාසල්වල විදුහල්පතිවරුන්ට ප්‍රශ්න පත්‍ර සකස් නොකරන ලෙසට නියෝග කල බවත් ඊට අදාල ක්‍රියාමාර්ග තම දෙපාර්තමේන්තුව මගින්  ගන්නා බවට  විදුහල්පතිවරුන්ට චක්‍රලෙකයක් මගින් දැනුම්දුන් දී ප්‍රශ්න පත්‍ර සදහා  එක්පාසැල් දරුවෙකුගෙන් රුපියල්  65 ක් බැගින් එකතු කල බවද පැවසිය.

ඉකුත් සඳුදා සිට ආරම්භවූ මාධ්‍ය වාර පරීක්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර කලට වේලාවට ඍජුව පාසල්වලට නොලැබීම, මුද්‍රා තබන ලද ප්‍රශ්න පත්‍ර කට්ටලවල විභාගයට පෙනීසිටින සිසුන් සංඛ්‍යාවට සරිලනසේ ප්‍රශ්න පත්‍ර අඩංගු නොවීම,විභාග කාල සටහනට ගැලපෙන පරිදි ප්‍රශ්න පත්‍ර පාසල්වලට නොලැබීම,විභාග දිනයට නියමිත දිනට අදාල ප්‍රශ්න පත්‍ර කට්ටල ලබාගැනීමට විදුහල්පති හෝ ගුරුවරයෙකු කලාප කාර්යාලයට දිනපතා යාමට සිදුවීම ආදී දුෂකරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බව දිසානායක මහතා පෙන්වාදෙයි.


හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිත ප්‍රයෝගික තාක්ෂණ කුසලතා ප්‍රශ්න පත්‍රය පළාත් අධ්‍යපන  දෙපාර්තමේන්තුව මගින් ලබා නොදෙන බවත් එම ප්‍රශ්න පත්‍රය පාසැල් මගින් සකස් කරගන්නා   ලෙස උපදෙස් ලබාදී ඇති බවත්,එසේම වෙනත් වසරවල ප්‍රශ්න පත්‍ර කට්ටල සමග ඊට අදාල පිළිතුරු පත්‍ර ලබාදෙන බවත් මෙවර සංයුක්ත තැටියක් මගින් පිළිතුරුපත්‍ර ලබාදීම නිසා එම තාක්ෂණ පහසුකම් නොමැති පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ගැටලුවලට මුහුණපා සිටින බවද කියා සිටියි.


පිළිතුරු පත්‍ර පරික්ෂ කර ලකුණු ලබාදීම ඇතැම් පාසල්වල තෝරාගත් මධ්‍යස්ථානවල ආරම්භ කිරීමටද කටයුතු කර ඇති බව මධයම් පළාත් ලේකම්වරයා පෙන්වා දෙයි.


මේ පිලිබදව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ  මධ්‍යම පළාත් දෙපාර්තමේන්තුව යටතේ ඇති පාසල්වල ඉගෙනුම දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස් කිරීම හා ඔවුන්ගේ ගුණාත්මක වර්ධනය ඉදිරියේදී සැලසුම් කිරීමේ අපේක්ෂාවෙන් මධ්‍ය වාර පරීක්ෂණය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න පත්‍ර පිළියෙළ කර අනුමත මුද්‍රනලයන්හි  එම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ හා පාසල්වලට ඍජුව බෙදාහැරීමේ කාර්ය කලාප අධ්‍යාපන කාර්යාලවලට  වගකීම් පැවරු බව පැවසිය.


රටේ පැවති අයහපත් තත්වය මත පාසැල් අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවීම හා මධ්‍ය වාර පරීක්ෂණය සුදානම්විමට  ඉතාමත්  කෙටි කාලයක් තිබීම නිසා ප්‍රයෝගික ගැටළු මතුවන්නට හැකි බවත් ඒවා අවම කර කටයුතු කිරීමට අදාල උපදෙස් කලාප අධ්‍යක්ෂකවරුන්ට හා විදුහල්පතිවරුනට ලබාදී ඇති බවත්  ඒ පිලිබදව පවතින ගැටළු මෙතෙක් වාර්තාවී නොමැති නමුත් ඒ පිලිබදව වහාම සොයා බැලිමට පියවර ගන්නා බවද අධ්‍යක්ෂකවරයා  වැඩිදුරටත් පැවසිය.       

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.