lakbima.lk

දඹුල්ල ඩිපෝවේ බස් 55ක් වර්ජනයේ

 

 

සේවා උසස්වීම් කීපයක් මුල්කරගෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් විසින් දීපව්‍යාප්තව ආරම්භ කරන ලද වැඩ වර්ජනයට සමගාමීව දඹුල්ල ඩිපෝවේ කාර්ය මණ්ඩලයද අද (12 ) උදැසන සිට  සිය සේවාවලින් බැහැරවීමට තීරණය කර ඇත.

ඒ අනුව  දෛනිකව ධාවනය වන ලංගම බස් රථ 55ක් සේවාවලින් ඉවත්ව බස් ඩිපෝව තුල ගාල්කර තිබෙනු දැකිය හැකිවිය.

ඩිපෝවේ ප්‍රධාන ගේට්ටුවේ වසා දමා සිය වර්ජන ක්‍රියාමාර්ගයට අදාලව සටන් පාට පුවරු එල්ලා තිබෙනු  දැකිය හැක.

 

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.