lakbima.lk

කලු අජිත් ඝාතනයට හීනටියන සංඛ අල්ලයි


ටිනුවන්ගොඩ පාතාලයෙකු වු කලු අජිත් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බ්නධයෙන් හිනටියන සංඛ නැමැත්තා ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය මගින් අද(12) මිගමුවේදි අත්අඩංගුවට ගෙන තිබේ.


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ, හිනටියන පදිංචිකරුවෙකු වු කාලිංග කසුන් කුමාරසිංහ ද සිල්වා යන අය වේ.


මොහු දැඩි ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වි සිටින්නෙකු වන අතර හිනටියන අසිතගේ ගෝලයෙකු ලෙසින් එකල ක්‍රියා කල අයෙකි. පසුව කලු අජිත් සමග මිතුරුවු ඔහු කලු අජිත් සමගින් සීදුවේ ජයතිලක මුදලාලි නැමැත්තා ඝාතනය කිරිමේ සිද්ධියටද සම්බන්ධ වුවෙකි.


පසුව කලු අජිත් හා විරසක වි 2012 වසරේදි ඔහුව ඝාතනය කිරිමටද උත්සහ දරා තිබුණි. මේ වනවිට හිනටියන සංඛ වැඩ කරන්නේ ගණේමුල්‍ලේ සංජිවටය. මොහු මාස කිහිපයක සිට ටි 56 ගිනි අවියත් සමගින් කලු අජිත් ඝාතනය කරන්නට අවස්ථාවක් එළැඹෙන තුරු සිටියදි ඒකල ජානක නැමැත්තා හමු වි තිබේ.

ඒකල පදිංචි ජානකද කලු අජිත් සමග තරහින් පසු වුයේ කලු අජිත් ජානකගේ බිරිඳ සමග පැවැත්වු අනියම් සබඳතාවය නිසා බව පැවසේ.

එහෙයින් ජානක සමග හිනටියන සංඛ එක් වි ඉකුත් 05 දා ජා ඇල - මහවත්තේදි කලු අජිත්ට වෙඩි තබා ඝාතනය කර ඇත.


මේ සම්බන්ධයෙන් ජානක නැමැත්තා මිට පෙර ‍පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.