lakbima.lk

ලොකු අම්මාගේ දරුවන් බලා ගන්න බෑ කියා 11 හැවිරිදි දැරිය ගෙදරින් පැන ඇවිත්

 

රත්නපුර බස් නැවතම්පළ පිටුපස ත්‍රීරෝද රථ ගාල ආසන්නයේ වයස අවුරුදු 11 පමණ දැරියක් රැදි සිටියදි ලැබුණු තොරතුරුක් මත පොලිස් නිළධාරින්ගේ භාරයට ගෙන ඇත.

කරුණු විමසීමේදි ලොකු අම්මා නිතර නිතර තමාට කුඩා දරුවෙකු බලා ගන්නා ලෙස කරදර කරන බවත් මෙම කරදරවලින් බේරීමට තමන් නුවර ප්‍රදේශයේ සිටින දෙමාපියන් ලඟට යාමට එම නිවසින් පැන රත්නපුර නගරයට ආ බවත් එතැනින් එහාට යාමට නොදන්නා නිසා ඇති වූ බිය නිසා මෙසේ නගරයේ ඇවිදිමින් සිටි බවත් ඇය පොලිසියට පවසා ඇත.

වැඩිදුර විමසීමේදි දෙමාපියන් නුවර ප්‍රදේශයේ සිටින බවත් ඔවුන් විසින් මෙම දැරිය පාසැල් යැවීම සඳහා රත්නපුර දුලියන්ගස්දෙක ප්‍රදේශයේ පදිංචි තමන්ගේ අක්කාට දැරියගේ ලොකු අම්මාට බාර දී ඇති බවයි.

පසුව දැරිය රත්නපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක දීපානී මෙනවියට බාර දී ඇති අතර පොලිසිය විසින් ඇගේ දෙමාපියන්ට දුරකථනයෙන් මෙම සිද්ධිය දැනුම් දී වහාම පොලිසිය වෙත පැමිණ දැරිය රැගෙන යන ලෙසත් දන්වා ඇත.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක දීපානී මෙනවිය සඳහන් කර සිටියේ තමන්ගේ දරුවන් ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවයි. යම්කිසි හෙයකින් මෙම දැරිය අපරාධකරුවෙකුට මුණගැහුණා නම් මේ සිද්ධිය බරපතල වන බවද ඇය පැවසීය.

ඊයේ (12) රත්නපුර මධ්‍යම බස් නැවතුම පිටුපස ඇති ත්‍රීරෝද රථ ගාල ආසන්නයේ වයස අවුරුදු 11ක පමණ දැරියක් යම් කිසි බියකින් එහා මෙහා ගමන් කරමින් සිටින බවට රත්නපුර බස් නැවතුමේ පොලිස් ඒකකයේ රාජකාරි කරමින් සිටි පො.සැ  ( 42597) ගම්ලත් හා පො.කො.(45599) යන නිළධාරීන්ට තොරතුරු ලැබි තිබිණි.

රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සුනිල් පියතිලක - රත්නපුර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.