lakbima.lk

මානසික රෝගී තරුණයකු මගීන් සමග ලංගම බසයක් පැහැරගෙන යයි

 

ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තිබූ ලංගම බස් රථයක් නගරයේ සිටි මානසික රෝගියකු විසින් බසයේ සිටි මගීන්ද සමඟ ඊයේ (13) රැගෙන ගොස් තිබේ. ඒ ගාල්ල උඩුගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා දිවෙන ලංගම බස් රථයකි.

මෙම බස් රථය  එහි සිටි මගීන් සමඟ පරිදි ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තබා එහි රියැදුරු සහ කොන්දොස්තරවරයා සවස තේ පානය සඳහා අසල හෝටලයකට ගොස් තිබේ..

අදාල තරුණයා  බස් රථය පණගන්වාගෙන බස් මගීන්ද සමඟ බස් රථය නැවතුම්පොළෙන් බැහැරට ගෙන ඇල්පිටිය - අලුත්ගම ප්‍රධාන මාර්ගය ඔස්සේ බසය ධාවනය කරගෙන ගොස් ඇත්තේ එම අවස්ථාවේදීය. බස් රථය රැගෙන යද්දී බස් නැවතුමේ නතර කර තිබූ ගාල්ල බලා යෑමට නියමිත තවත් බස් රථයකද ගැටීමෙන් එම බස් රථයටද අලාභ හානි සිදුව තිබේ.

ඇල්පිටිය නගරයේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරට බස් රථය රැගෙන එද්දී මාර්ගයේ වාහන තදබදය නිසා එය තරුණ සේවා සභාව ඉදිරිපිට මඳක් නතර කර ඇති අතර, ඒ අවස්ථාවේ ඊට ගොඩවූ රියැදුරකු විසින් බස් රථය මුදාගෙන තිබේ. ඒ වන විටත් එහි සිටි මගීන් බියට පත්ව සිට ඇත.

පසුව එම තරුණයා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික රෝගියකු බවත් නියාගම ගෝනලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, දැනට කරන ලද පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.