lakbima.lk

සෙබළාගේ රාජකාරියට බාධා කල රාජ්‍ය නිලධාරියා

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ‍ගෙන යනු ලබන ආරක්‍ෂක මෙහෙයුම් මත පාතහේවාහැට මධ්‍ය විද්‍යාලය පාසල් සිසුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවට අයත් තලාතුඔය පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ශිල්ප’ ආයතනයට අයත් නාවික පුද්ගලයින් අනුයුක්ත කර ඇත.

 ඒ අනුව, පාතහේවාහැට මධ්‍ය විද්‍යාලයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා සෙබලා විසින් 2019 ජූලි 24 වන දින පාසල ඉදිරිපස මාර්ගයේ සිදු කළ පා මුර සංචාරයකදී පාසල අසල නවතා තිබූ රථවහාන කිහිපයක් නිරික්‍ෂණය කර ඇති අතර, පවතින ආරක්‍ෂක හේතුන් මත පාසල් කාලය තුල රථවහාන පාසල් අසල නවතා තැබීම පොලිසිය විසින් තහනම් කර ඇති හෙයින්, අදාල රථවහාන ඉවත් කර ගන්නා ලෙස පාසල අසල සිටි දෙමාපියන් වෙත දැනුවත් කර ඇත. එම දැනුවත් කිරීමෙන් පසු රථවහාන එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරගෙන ඇති අතර, හිමිකරුවෙක් නොමැති යතුරු පැදියක් පමණක් පාසල අසල නවතා තිබී ඇත.

 ඒ අනුව, රාජකාරියේ යෙදි සිටි නාවික හමුදා සෙබළ විසින් අදාල යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කර හිමිකරු නොමැති යතුරු පැදියේ යතුරු සහ ‍හිස් ආවරණය පාසලේ ආරක්‍ෂක මුර කුටියෙහි තැබිමට කටයුතු කර තිබුණේ, හිමිකරු හදුනාගැනීමට සහ ඔහු විසින් සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු පැහිදිලි කිරීම උදෙසාය.

එහිදී සුළු මොහොතකට පසු පැමිණි පුද්ගලයෙකු යතුරු පැදිය ආරක්‍ෂක මුර කුටියට දැමිමට හේතුව අසමින්, ඔහු හට පාසල අසල යතුරු පැදිය නවතා තැබිමට හැකි බවත්, තමන් ද රාජ්‍ය නිලධාරියෙකු බවත් ප්‍රකාශ කර පසුගිය දින ගාල්ල ප්‍රදේශයේ සිදුවු සිදුවිම ද සම්බන්ධ කරගනිමින් රාජකාරියේ යෙදි සිටි නාවික‍ සෙබළාගේ රාජකාරියට බාධා කරමින් නොහොබිනා ආකාරයට දැඩි පරුෂ වචනයෙන් බැණ වැදිමට කටයුතු කර ඇත.

 
එහිදී, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී ඔහු තලාතුඔය පාතහේවහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගඩම්පිටිය, අංක 963 දරණ ග්‍රාමසේවා වසමේ ග්‍රාමසේවා නිලධාරි වන ජී‍.කේ ඉන්දික තුෂාර නැමැත්තෙක් බවට හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් තලාතුඔය, පොලිසිය වෙත 2019 ජූලි 24 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, තලාතුඔය පාතහේවාහැට, ප්‍රාදේශිය ලේකම් වෙත ද ලිඛිතව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරන ලදී.

 
රටේ පවතින තත්වය මත ආරක්‍ෂක අංශ සිදු කරගෙන යනු ලබන ආරක්‍ෂක රාජකාරි සඳහා මේ ආකාරයෙන් මහජනතාව සහයෝගය ලබා නොදිම තුලින් සිදු වූ අවසනාවත්ත සිදුවිම කිහිපයක් පසුගිය දිනවල දක්නට ලැබුණු අතර, දිගින් දිගටම සිදුවන මෙවැනි සිදුවිම් සම්බන්ධයෙන් අපසැම අවධානය යොමු කල යුතුව ඇත.

එබැවින් මෙවැනි සිදුවිම් නාවික හමුදාව තරයේ හෙළාදකින අතර, විශේෂයෙන්ම මහජනතාවට ආදර්ශයක් වන අයුරින් කටයුතු කල යුතු මෙවැනි රාජ්‍ය නිලධාරියෙකු තම වගකිම් රහිතව කටයුතු කිරීම අනුමත කල නොහැක. තවද, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තලාතුඔය, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.