lakbima.lk

ලෝකයේ ලොකුම සල්ලිකාරයා දික්කසාද වීමට තීරණය කරයි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ෆෝබ්ස් බිලියනපති ලැයිස්තුවේ ඉහලින්ම සිටින ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් බේසොස් තම බිරිඳ දික්කසාද කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තීරණය පිලිබදව සිය නිල ට්විටර් ගිණුම හරහා ඒකාබද්ධ නිවේදනයක් මෙම යුවළ විසින් නිකුත් කර තිබේ.
 
"විසිපස් වසරක් පුරා පැවති යුග දිවිය අවසන් කිරීමට දෙදෙනාම තීරණය කළද දෙමව්පියන් හා ව්‍යාපාරික කොටස්කරුවන් වශයෙන් ඉදිරියේදී අප එක්ව කටයුතු කරනවා" යැයි එම නිවේදනය මගින්  වැඩිදුරටත් කියා සිටී. මෙම යුවලට දරුවන් සිවුදෙනෙක් සිටී.
 
1993 වර්ෂයේදී ජෙෆ් බේසොස් හට ඔහුගේ බිරිඳ වන මැකෙන්සි මුණගැසී ඇති අතර ඉන් මාස 03 කට පසුව විවාහ ගිවිස ගෙන ඇත.
 
1994 වසරේදී ජෙෆ් බේසොස් ඇමේසන් සමාගම ආරම්භ කර ඇති අතර එම සමාගමේ ආරම්භයේ පටන් සැලකිය යුතු කාර්ය භාරයක් සිය බිරිඳ වන මැකෙන්සි ඉටුකළ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.
 
මැකෙන්සි බේසොස් වෘත්තිමය වශයෙන් ලේඛිකාවකි. ඇය ඇමේසන් වෙබ් අඩවිය හරහා ජනප්‍රියවූ Kindle e-book විශේෂාංගය ආරම්භ කිරීමේ පුරෝගාමිත්වය දැරීය.
 
ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙෆ් බේසොස් ගේ වත්මන් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 112 ක් බව ෆෝබ්ස් වෙබ් අඩවියේ දැක්වේ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.