lakbima.lk

උතුරු කොරියානු නායකයා විශේෂ දුම්රියකින් චීනයට එයි

 
තෙ

දින නිල සංචාරයක් සඳහා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සහ ඔහුගේ බිරිඳ  අද (08) චීනයට පැමිණ පැමිණියහ. උතුරු කොරියානු නායකයා මෙලෙස චීනයට පැමිණ ඇත්තේ එරට ජනාධිපති ෂි ජින්පින්ග් ගේ නිල ආරාධනාවකට අනුවය.
 
ඔහු ජනවාරි මස 10 වෙනිදා දක්වා චීනයේ රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්‍ය සහන් කරන්නේ.
 
විශේෂ දුම්රියකින් උතුරු කොරියාවේ සිට චීනයට කිම් ජොංග් උන්  සහ ඔහුගේ බිරිඳ පැමිණ ඇති අතර එම දුම්රියට අති විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව වාර්තා වේ.
 
 
චීනයේ දබාන්ග් නගරය දක්වා විශේෂ දුම්රියෙන් පැමිණි උතුරු කොරියානු නායකයා සහ ඔහුගේ බිරිඳ ඉන් පසුව බිජිං නුවර දක්වා විශේෂ ආරක්ෂාවක් යටතේ පිටත්ව ගොස් ඇත.
 
චම්ලි ඒකනායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.