lakbima.lk

මහ ඇමැතිට කනේ පහරක්


නවදිල්ලි ප්‍රාන්තයේ මහ ඇමැති අරවින්ද් කෙජ්රවාල්ට මෝතිනගර් ප්‍රදේශයේදී තරුණයකු විසින් පහරදී තිබේ. ඒ ඔහු එම ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් ඇමැතීමෙන් පසු විවෘත ජීප් රියකින් ජනතාවට ආචාර කරමින් ගමන් කරමින් සිටියදීය.

නවදිල්ලි ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා වන කෙජ්රවාල් ආමි ආද්මි (‍පොදු මිනිසා) පක්ෂයේ නායකයා වන අතර ඔහු එම ප්‍රාන්තයේ මහ ඇමැති ධුරයට පත්වූයේ අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ හෝ රහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රසයේද සහය නොමැතිවය.

පසුගියදා මැතිවරණ රැලියක් ඇමැතීමෙන් පසු කේජ්රවාල් සිය අනුගාමිකයන් පිරිසක් සමග විවෘත රථයක ගමන් කරමින් සිටියදී හදිසියේම එම රථයට පැනගත් රතු පැහැති ටී ෂර්ටයකින් සැරසුණ තරුණයකු මෙසේ කේජ්රවාල්ට පහරදී තිබේ.

මේ නිසාම මෙම තරුණයා ‍පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු වෘත්තියෙන් මෝටර් රථ අමතර කොටස් අලෙවිකරන්නකු බව හෙළි වී තිබේ.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.