lakbima.lk

යුවතියන්ට නවීන සාරි හැට්ට විලාසිතා

 

මංගල අවස්ථාවකට සහභාගිවීමට හෝ වෙනත් විශේෂිත උත්සවයකට සහභාගිවීම සඳහා සුදුසු වන මෙවැනි වෙල්වට් රෙදි උපයෝගී කර නිමවෙන සාරි බ්ලවුස් වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇත. එමගින් සිරුරේ හැඩයටම අනෙකුත් රෙදි වර්ග වලට වඩා පහසුවෙන් මෙම වෙල්වට් රෙදි වර්ග යොදා නිර්මාණයකළ හැක. මෙවැනි හැට්ට සමග ඔසරිය හැර අනෙකුත් ඕනෑම ආකාරයකට හැඩගැන්විය හැකි සාරි විලාසිතා සුදුසුවේ.

එකිනෙකට ගැළපෙන ලෙස වර්ණ ගැලපීම තුළින් ඉතා අඩු වටිනාකමින් යුත් සාරියකට වුවද වටිනා පෙනුමක් එක් වන ලෙස මෙවැනි බ්ලවුස් නිර්මාණයක් ගලපා ගත හැක. ඉදිරි කාලයේ පැමිණෙන්නේ මංගල උත්සව සමය බැවින් මෙවැනි බ්ලවුස් විලාසිතාවන් සඳහා ඔබ සතු නිර්මාණ කුසලතාවන්ද එක්කර මසා නිම කර ගත හැකිය.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.