lakbima.lk



බෙඩ් ජැකට් එකක් කියන්නේ විශේෂ ඇඳුමක්. අවශ්‍ය වූ වෙලාවට කීය දීලා හරි මස්ස ගන්නවා නැත්නම් වෙළඳපළෙන් මැසූ එකක් ගන්නවා. එහෙම නේද? මේ තරම් ‍ලේසියෙන් මහ ගන්න පුළුවන් ඇඳුමකට අනවශ්‍ය වියදමක් කරන්නෙ මොකටද?

රේඛා හඳුනාගෙන වෙන වෙනම පතරොම් ටික  කොළයකට පිටපත් කර ගන්න.ඉදිරි යෝක් කොටස් 2කට කපා ගන්න.

පහළ කොටස වම් පස රැලිවලට 5 ඉඩ තබා ඉරට වාටිය පැත්තට තබා අවශ්‍ය උසට කපා ගන්න. කොටස් 2
පිටුපස පලුව නැම්මට තබා කොටස් 1 අවශ්‍ය දිගට කපා ගන්න.

අතට රැලි පටිය නැම්මට තබා 2ක් කපා ගන්න. ඉදිරි පහළ කොටස රැලිකර යෝක් කොටසේ රැලි තැබිය යුතු සීමාවට රැලි තබා අල්ලා ගන්න. පිටුපස සහ ඉදිරි උරහිස් මූට්ටු කරන්න. කරවට පයිපින් කර ගන්න. අතට රැලි කරගත් රැලි පටිය අල්ලා දෙපස මූට්ටු කරන්න.

(ඉදිරිපස බොත්තම් සඳහා අඟල් එකක් ඇතුලට නවා අල්ලා ගැනීමට අවශ්‍යයි) වාටිය මසා ගන්න. බොත්තම් හෝ අයිලට් අල්ලා ගන්න. යෝක් එකට අතේ රැලි පටියට හීනි රේන්දයක් අල්ලා ගත හැකි.  (රූප සටහන් බලා තේරුම් ගන්න)

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි
මානෙල් ප්‍රේමතිලක

Page 1 of 21

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.