lakbima.lk

දෙවෙනි ගමනට තද නිල් පැහැයෙන් සැරසුණු මනාලියක්


සාමාන්‍යයෙන් දෙවෙනි ගමනට රතු හෝ ආසන්න පැහැයක් යොදා ගත්තත් මේ මනාලිය තෝරාගෙන තිබෙන්නේ තද නිල් පැහැයයි. මෙය වැලන්ටිනා සාරියක්. කිසිදු වර්ක් එකක් නැති තනි ප්‍ලේන් සාරියක්. සාරි හැට්ටය අලංකාර ‍ලේස් වර්ගයකින් හයිනෙක් සහිතව අත් දිගට යොදා නිර්මාණය කර තිබෙනවා. 

ඉයර් රින්ග්ස් යුවල මිස වෙනත් ආභරණ පැළඳ නෑ. මල් කලඹට රතු පැහැය තෝරාගෙන තිබෙන්නෙ දවෛනි ගමන සංකේතවත් කරන්නයි. රතු ඕනෑම පැහැයකට ගැළපෙන වර්ණයක්.  මොඩර්න් මෙසි විලාසිතාවෙන් කෙස් කලඹ සකසා තිබෙනවා.  වෙනස්ම විදියකට සැරසෙන්න කැමති මනාලියකට මේ විලාසිතාව කදිමයි.

හැඩගැන්වීම - මාවරමණ්ඩියේ සහ දෙල්ගොඩ සෙරන්ඩිබ් සැලෝන් සහ ඇකඩමියේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී මංගල පතිරාජ

මනාලිය - තිලිණි

සටහන - උත්පලා සුභාෂිනී ජයසේකර

ඡායාරූප - කුෂාන් චතුරංග මදනායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.