lakbima.lk

විස්කෝස් රෙද්දකින් මැසිය හැකි අලංකාර බ්ලවුස් විලාසිතාවක්

 
විස්කෝස් වගේ රෙද්දකින් පහසුවෙන් මසාගත හැකි බ්ලවුසයක් තමයි අද ඉදිරිපත් කරන්නේ.
රූප සටහන් නිවැරදිව තේරුම් ගෙන අකුරු අනුව කොටස් එක්කර වෙනම පිටපත් කරගෙන පතරොම් සකස් කරගන්න.
ඉදිරි පලුව කොටස් 2 කට කපාගන්න.
පිටුපස පලුව නැම්මට තබා කපාගන්න.
උරහිස් මූට්ටු කරගන්න.
කරට ෆේසිමක් හෝ පයිපින් කරගන්න. මසා හරවා ගත් අඟල් 2 පටියක් ඒ ඕ රූප සටහන්වල පරිදි අල්ලා ගන්න. ඕ රූප සටහනේ  * ලකුණෙන්  පෙන්වා දී ඇති දකුණු පලුවේ ඉනෙන් පටිය එළියට ගැනීමට කාසයක් මසා ගන්න. පින්තූරයේ පෙනෙන පරිදි පටිය බෝ එක තබා ගැට ගැසීමට අවශ්‍ය දිග ගන්න. අත් කට පයිපින් කර දෙපැත්ත මූට්ටු කරගන්න වාටිය මසා ගන්න.
මැහුම් වාසි තබා ඇත.
 
බණ්ඩාරගම,එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී, මැහුම් ඩිප්ලෝමාධාරිනී, මානෙල් ප්‍රේමතිලක
 
ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී  මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.