lakbima.lk

කෝට් කොලරය යෙදූ බ්ලවුසයක්

කෝට් කොලරය සහිත අත් නැති මේ බ්ලවුසය ඔබට ගැළපෙයිද කියලා බලන්න. වැලමිටට පහළට සිටින්නට අත් දෙකක් දැම්මත් ලස්සනයි.

සියලු පතරොම් කොටස් වෙනම පිටපත් කරගෙන ඉංග්‍රීසි අකුරු අනුව ඉදිරි සහ පසු පලුවල පහළ කොටස් එකතු කර අලවා සකස් කර ගන්න.

ඒ රූප සටහනේ පෙන්නා දී ඇති පරිදි කපාගත් ඉදිරි පලු රෙද්දට තබා ෆේසිම ඇඳ (කළු කළ කොටස) කපා ගන්න. ෆේසිම වෙනත් පාටකින් කපා ගතහොත් කොලර් එක රූපයේ පරිදි එම  පාටින් ගත හැක.

ඩාට් මසා ගන්න. ෆේසිම අල්ලා කට් කර හරවා ගන්න. පතරොමේ  ලකුණුූ ඇති උරහිස්  කොණ එකට  තබා එතැන සිට මසන්න. 00 ලකුණේදී මුල්ල හරවා පසුකර දිගේ පසු කරට අල්ලන කොටස අල්ලන්න. ඉදිරි පලු දෙකම මෙසේ පිටුපස උර හිසේ සිට අල්ලා ගන්න. පසු කර මැදදී කොලරයේ වැඩි කොටස එකට මූට්ටු කර ගන්න. කොලරය ඇතුළතින් 00 ඇති තැනින් කට්කර ඇතුළට නවා මසා ගන්න. අත් කට පයිපින් කර දෙපස මූට්ටු කරගන්න. වාටිය මසා ගන්න.

ඉදිරි සහ පසු පලු එක් කිරීමේදී ෆේසිම කොටස හසු නොවන සේ අල්ලා ගන්නට සැලකිලිමත් වන්න.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.