Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ‍්‍රී ලංකාවට රස වෛද්‍ය ක‍්‍රමය හඳුන්වා දුන් ශ‍්‍රී මංගල රස ඔසු සල

කාර්ය බහුල සමාජ රටාවකට හුරු වී සිටින අප බොහෝ සෙයින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දත් නොදත් බොහෝ ලෙඩ රෝග අපට මේ වන විට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. මේ ලෙඩ රෝග සඳහා රෝගීන් බොහෝ දෙනෙක් නොයෙකුත් වෛද්‍ය ක‍්‍රමයන් සඳහා ද පිවිසෙනවා. බටහිර වෛද්‍ය ක‍්‍රමයට ආයුර්වේද, නිල ප‍්‍රතිකර්ම, චීන කටු චිකිත්සක ක‍්‍රම ආදිය හඳුන්වන්න පුළුවන්. මේ වෛද්‍ය ක‍්‍රමයන් අතර රස ඖෂධ මඟින් ප‍්‍රතිකාර කරනු ලබන වෛද්‍ය ක‍්‍රමයක් ද ඇත. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ‘‘රස වෛද්‍ය ක‍්‍රමය’’ උපයෝගී කරගෙන අප රටේ රස වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමය කරනු ලබන Sri Mangala Rasa Osu Hala (Pvt) Ltd   වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳ පාඨක ඔබව දැනුම්වත් කිරීමට අප හා සම්බන්ධ වූයේ වෛද්‍ය චන්ද්‍රිකා අල්ගම කුලරත්න මහත්මියයි.

වෛද්‍යතුමියනි, ‘‘රස වෛද්‍ය ක‍්‍රමය’’ යනු කුමක්ද?

ලෝකයේ තිබෙන වෛද්‍ය ක‍්‍රම අතුරින් ඉතා අගනා වෛද්‍ය ක‍්‍රමයක් ලෙසට ‘‘රස වෛද්‍ය ක‍්‍රමය’’ හඳුන්වන්න පුළුවන්. මේ රස වෛද්‍ය ක‍්‍රමය අනෙක් වෛද්‍ය ක‍්‍රමවලට වඩා ප‍්‍රචලිත නොවූ වෛද්‍ය ක‍්‍රමයක් බව කිව යුතුයි. රස වෛද්‍ය ක‍්‍රමය බිහි වූයේ ආයුර්වේදය බිහි වී කලකට පසුවයි. නමුත් ඇතැම් අය පවසන්නේ රස වෛද්‍ය ක‍්‍රමය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ තවත් එක් පැතිකඩක් ලෙසටයි. එතෙක් රස වෛද්‍ය වෙදකම වසර දහස් ගණනක අතීතයක් ඇති ඉතා අග‍්‍රගණ්‍ය වූ වෛද්‍ය ක‍්‍රමයක්.

රස වෛද්‍ය ක‍්‍රමය මඟින් රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබන්නේ කෙසේද?

මේ වන විට රස වෛද්‍ය ක‍්‍රමයට වසර 3000ක් පමණ අධික ඉතිහාසයක් තිබෙනවා. රස වෙදකම ඔස්සේ ප‍්‍රතිකාර කරනු ලබන රසදිය නම් වූ බැර ලෝහය මූලික කරගනිමිනුයි. ඔබ සමහර විට තිගැස්සෙන්නටත් ඇති. මොකද රසදිය කියන්නේ මිනිස් ශරීරයට ඇතුළු වුවහොත් අහිතකර ප‍්‍රතිඵල ලබා දිය හැකි ලෝහ වර්ගයක්. නමුත් රස වෛද්‍ය ක‍්‍රමයේ ඇති සුවිශේෂී උපක‍්‍රම මඟින් රසදිය නම් වූ මෙම විෂ සහිත ලෝහය මිනිස් සිරුරට අහිතකර නොවන ආකාරයට සකස් කරනු ලබනවා. මෙහිදී භාවිතා වන්නේ රසදිය පමණක්ම නොව රත්තරන්, රිදී, ඊයම් වැනි ලෝහ ද භාවිතා කරනවා.

මෙම ලෝහ ඖෂධ ලෙස භාවිතා කරන්නේ කෙසේද? මෙම ඖෂධ භාවිතයෙන් සුව කරගත හැකි ලෙඩ රෝග මොනවාද?

ඉහතින් සඳහන් කළ ලෝහ මිනිස් සිරුරට ඇතුළු වීම භයානකයි. එම ලෝහ ඖෂධ ලෙස සකසා ගැනීමට කිසියම් උෂ්ණත්වයකට රත් කළ යුතුයි. එවිට ලෝහවල විෂ සහිත බව නැති වී යනවා. විවිධ රෝගාබාධ වැළඳුණු පසුව ඒ සඳහා ඖෂධ ලෙස රස ඖෂධ භාවිතා කළ හැකි අතරම විවිධ රෝගවලින් වැළකී සිටීමේ හැකියාව ද ඔබට ලැබෙනවා.

වෛරස් රෝග සඳහා ද රස වෛද්‍ය ක‍්‍රමය තුළින් ප‍්‍රතිකාර කළ හැකියි. ඒ වගේමයි ශල්‍යකර්ම 14ක් වළක්වා ගත හැකි අතර, බයිපාස් ශල්‍යකර්මය විශේෂයි. වකුගඩු බද්ධය, මොළයේ ඇති වන ගෙඩි, අක්මාවේ හා පිත්තාශයේ ඇති වන ගල්, තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ඇති වන ආබාධ ආදිය හඳුන්වා දිය හැකියි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නිර්ණයන්ට අනුව රෝග නිර්ණය කොට විවිධ පරීක්‍ෂණ සිදුකරනු ලබයි. රෝග හඳුනා ගැනීමෙන් පසුව රස වෛද්‍ය විද්‍යාවට අනුව ප‍්‍රතිකාර කිරීම සිදු කෙරේ.

අග‍්‍රගණ්‍ය වෛද්‍ය ක‍්‍රමයක් වන මෙයින් Sri Mangala Rasa Osu Hala (Pvt) Ltd  වෙතින් ලබා දෙන වෛද්‍ය සේවය ගැන කතා කළොත්?

රස වෛද්‍ය ක‍්‍රමය ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට මූලික වූයේ මාගේ ස්වාමිපුරුෂයා වන රස වෛද්‍ය ලලිත් කුලරත්න මහතාගේ මුත්තනුවන්. ඔහුගෙන් තමයි මාගේ ස්වාමියා මෙම ශාස්ත‍්‍රය ඉගෙන ගන්නේ. මෙපමණ දුරක් අප ඉගෙන ගත් ශාස්ත‍්‍රය ඔස්සේ රෝ ගීන් සුවපත් කිරීමට අප අපමණ පරිශ‍්‍රමයක් දරනවා.

මෙම වෛද්‍ය ක‍්‍රමය රට පුරා එතරම් ප‍්‍රචලිත නොවූවත් මාතෘ භූමියේ උදාර මෙහෙවර උදෙසාත් රටක සංවර්ධනයේ පෙර ගමන්කරුවන් ලෙසත් ක‍්‍රියා කරමින් රටට වැඩදායි දේශීය වෛද්‍ය ක්‍ෂේත‍්‍රය සඳහා අප මධ්‍යස්ථානයේ මා හා සේවයේ යෙදෙමින් සිටින මාගේ ස්වාමිපුරුෂයා ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමයේ මාස්කෝ 2017වෛද්‍යාභිමානී විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වූ ඔහු රස වෛද්‍ය ලලිත් කුලරත්නයන් පෑ දස්කම් නිසාම බව කිව යුතුයි. ඒ නිසාම අද ලෝකයේ ප‍්‍රථම ශල්‍ය නිවාරණ රෝහල නුදුරු දිනක ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීම මෙම දෙපළගේ එකම අභිප‍්‍රායයි.

අප ජය ගත් රෝග -

01.  බයිපාස් රෝග

02.  හෘදයේ වෙනත් රෝග

03.  වකුගඩු ප්‍රශ්න (ඩයලයිසීස් )

04.  මොලයේ ගෙඩි

05.  වකුගඩු ගල්/ ගෙඩි

06.  පාර්කින්සන්

07.  මුත්‍රා ගල්

08.  අක්මාවේ හා පිත්තාශයේ ඇති වන ගල්

09.  තයිරොයිඞ් ග‍්‍රන්ථියේ ඇති වන ආබාධ

නො: 82, ගාලු පාර, ගොළුමඩම හන්දිය, මොරටුව, ශ්‍රී ලංකා.

දුරකථන : +94 0112 622 822

ඊ මේල් : [email protected]

වෙබ් : www.medirasa.com

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1036

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1560

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4430

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2583

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1431

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2306

Please publish modules in offcanvas position.

Web Analytics