lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

අසුබ ආරංචි එක්වරම පැවැසීම නුසුදුසු ඇයි?

‘ගහක් ගලක් මෙන්’ හිටි තරුණයකු හිටිහැටියේ මියගිය පුවතක් ඔහුගේ මව්පියන්ට අසන්නට ලැබුණේ යැයි සිතමු. ඔවුනට එකවරම සිදුවිය හැක්කේ කුමක්ද?

‘අනේ අපේ අම්මාට නම් ඕක දැන්ම කියන්න එපා හාට් ඇටෑක් එකක් හැදෙන්න බැරි නෑ’ නිසැකවම ඔහු දෙන පිළිතුර එය වනු ඇත.

මේ කතාවේ බොහෝ දුරටම සත්‍යයක් තිබේ. මෙවැනි නරක ආරංචියක් එකවරම අසන්නට ලැබුණු විට හෘදයේ අසනීප ඇති අයට එම කම්පනය මත හදිසි හෘදයාබාධයක් හටගැනීමේ අවදානමක් තිබේ. තමන්ට හෘදයේ අසනීප තිබෙන බවක් නොදන්නා කෙනෙකුගේ වුවත් හෘදය වස්තුවේ කිනම් හෝ රෝගී තත්ත්වයක් ඔහු / ඇය නොදැන පවතී නම් එවැනි කෙනකුටද අර විදිහේ රෝග තත්ත්වයක් ඉස්මතු වීමේ පහසු හැකියාවක් පවතියි. එවැනි කිසිම රෝගී තත්ත්වයක් ශරීරය තුළ නොමැති කෙනෙකුගේ වුවද එම කම්පනය නිසා කෑම අරුචිය, නින්ද නොයාම, නිරන්තරයෙන් පවතින තදබල සිත්‍ වේදනාව මෙන්ම විශාද රෝග තත්ත්වය වුවද හට ගැනීමේ අවදානමක් ඇත. නරක ආරංචි (Bad news) වර්ග දෙකකට බෙදා වෙන්කළ හැකිය.

01.හදිසියේ අනපේක්ෂිත ලෙස ලැබෙන නරක ආරංචි (උදා : හදිසි අනතුරු)

02.කලක් තිස්සේ බලාපොරොත්තු වෙමින් සිටි නරක ආරංචි (උදා: පිළිකා වැනි බරපතළ රෝගයකින් කලක් රෝගාතුර වී හිඳ මියයාම)

දෙවන කාණ්ඩයට අයත් නරක ආරංචියකදී අප එය කලක සිට බලාපොරොත්තු වෙමින් සිටි නිසා කම්පනය හා ආවේගය දැනෙන්නේ තරමක් අඩුවෙනි. නිදසුනක් ලෙස පවුලේ කෙනෙකුට පිළිකාවක් තිබෙන බව දන්නේ නම් රෝගියා සුවපත් කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් එක පැත්තකින් දරන අතරේ රෝගියා මෙයින් මිය යා හැකි බව දන්නා නිසා ඒ සම්බන්ධයෙන් ටිකෙන් ටික අපේ සිත හුරු වීමක්ද සිදුවේ. එනිසා දෙවන කාණ්ඩයේ ආරංචිවලින් සිතේ තදබල කම්පනයක්, උසුලා ගන්නට බැරි තරමේ විශාල ආවේගයක් ඇති වීමට තිබෙන අවකාශ අඩුය. නමුත් පළමු කාණ්ඩයේ අසුබ ආරංචි නිසා ඇතිවන තත්ත්වය ඊට වඩා බරපතළය. මෙහිදී මනසේ වෙනස්කම් රාශියක් ඇතිවේ. විශාල කනගාටුවක්, බියක් ඇති වන අතරේ අනෙක් අතට අපි එය පිළිගන්නටද මැළිවෙමු. ඒ අනුව හදිසියේ තමන්ගේ කෙනෙකු මියගියේ නම් ‘ඒක කීයටවත් වෙන්න විදිහක් නෑ. වෙන කෙනෙක් වෙන්න ඇති. කවුරු හරි කියපු බොරුවක්’ වැනි දේවල් කියන්නේ ඒ නිසාය. මියගිය තැනැත්තාගේ දේහය නිවසේ තිබුණත්, ඉන්පසු එය අපේ ඇස් පනාපිටම මිහිදන් කළත් කාලයක් යනතුරුම එය විශ්වාස කරන්නට බැරි ආකාරයක් අපේ සිතට දැනෙනු ඇත. එසේම මෙලෙස හදිසියේ තමන්ගේ කෙනෙකු මියගිය විට ඉහත කී ආකාරයට කනගාටුව, විශ්වාස කරන්නට බැරිවීම වැනි දේට අමතරව තදබල කෝපයක් ද ඉස්මතු වනු ඇත. ඒ ‘ඇයි මට මෙහෙම වුණේ?’ යන හැඟීම මතය. ඉන්පසු එම කෝපය කවුරුන් වෙතින් හෝ පිටකර හරින්නටද අපි උත්සාහ දරමු. නිදසුනක් ලෙස මොන පරිශ්‍රමයක් දැරුවත් බේරා ගන්නට නොහැකි තරමේ අසාධ්‍ය සිරෝසිස් රෝගියකු ගැන බලමු. ඔහුට මත්පැන් නොගන්නා ලෙස වෛද්‍යවරුන් කොතෙකුත් අවවාද කර තිබිය හැකිය. ඔහු ඒ අවවාද තුට්ටුවකටවත් මායිම් නොකර දිගින් දිගටම මත්පැන් ගෙන හොඳටම අසාධ්‍ය වී රෝහලට පැමිණි විට ඔහුට දියයුතු ඉන්ජෙක්ෂන් එකක් ලබාදීම රෝහල් කාර්ය මණ්ඩලය අතින් ප්‍රමාද වූයේ යැයි ඥාතීන් සිතීමට පුලුවන.

පසුව ඉන්ජෙක්ෂන් එක ලැබුණත් රෝගියා මියගියේ නම් ඔහුගේ සමීපතමයන් මේ මරණය ගැන ඇසීම නිසා හට ගත් කෝපය මත එම මරණයෙහි වරද පවරන්නේ රෝහලේ කාර්ය මණ්ඩලයටය. ‘වාට්ටුවේ ඩොක්ටර්ස්ලා හරියට බැලුවේ නෑ. ඒකයි ලෙඩා මැරුණේ’ යැයි ඔවුන් කියනු ඇත. නමුත් සැබෑ තත්ත්වය නම් ඉන්ජෙක්ෂන් එක දුන්නත් නොදුන්නත් එම රෝගියා ඒ මොහොතේ හෝ පැය කිහිපයකින් නැතිනම් දින කිහිපයකින් මියයාම වැළැක්විය නොහැකි වීමය. මෙවැනි මරණයක් අත්පත් කරගැනීම සඳහා ඔහු එම මාවතට පිවිසියේ මත්පැන් පානයට යොමු වූ දා සිටම බව පවුලේ අයත් මෙහිදී අමතක කරනු ඇත.

මෙවැනි නරක ආරංචියක් ලැබුණු පසු සිදුවන තවත් ප්‍රබල ශාරීරික වෙනස්කමක් වන්නේ හෘද ස්පන්දනය වේගවත් වීමය. එසේම රුධිර පීඩනයද වැඩිවෙයි. එසේ වන්නේ ශරීරයේ ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වැනි හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසාය. අදාළ සිද්ධිය නිසා තදබල මානසික ආතතියක් දැනීම මත මේ තත්ත්වය ඇතිවේ.

තමන් දැන හෝ නොදැන හෘදයවස්තුවේ තදබල අසනීපයක් ඇති කෙනකුට මෙමගින් කුමක් හෝ සංකූලතාවයක් ඇතිවිය හැකිය. එය හෘදයාබාධයක් වීමටද පුළුවන. සාමාන්‍යයෙන් හෘදය වස්තුවේ රෝගයක් ඇති කෙනෙකුට මෙවැනි කම්පනය ඇති කරන සිද්ධීන් නොකිවයුතු බවට ඉස්සර මතයක් තිබිණි. නමුත් එසේ නොකියා සිටීම එතරම් යහපත් තත්ත්වයක් නොවේ. එයට හේතුව හදිසියේ එකවර වෙනත් අන්දමකින් මෙය ඒ තැනැත්තා දැනගතහොත් සිතුවාටත් වඩා නරක ප්‍රතිඵලයකට මුහුණ දීමට ඉඩකඩ තිබීමය. අනෙක් අතට ඒ පුද්ගලයාට එය නොකියා සිටීම එම ආරංචිය දැන ගැනීමට ඔහු සතු අයිතිය නැති කර දැමීමකි.

හෘදය වස්තුවේ ආබාධයක් ඇති කෙ‍නකුට නරක ආරංචියක් කියන පිළිවෙළක් තිබේ.

මුලින්ම රෝගියාට පහසු ලෙස වාඩි වන්නට සලස්වන්න. එම නරක ආරංචිය නිසා ඇතිවන මානසික පීඩනය සමනය කළ හැකි කෙනෙක් ළඟ තබාගෙන පවුලේ කෙනකු සමග එම ආරංචිය ක්‍රම ක්‍රමයෙන් පවසන්න. මුලින්ම නරක ආරංචියක් ඇසීම සඳහා රෝගියාගේ මනස සූදානම් කළ යුතුය. එවිට රෝගියාගේ සිතට ආරංචිය ඇසීමෙන් දැනෙන ආවේගය අඩු කළ හැකිය. ආරංචිය ඉතා පැහැදිලිව කිව යුතු අතර රෝගියා අසන ප්‍රශ්නවලට හැකි අන්දමින් පරිස්සමින් පැහැදිලි පිළිතුරක් දීමත් වැදගත්ය.

 

උපදෙස් - හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ඉන්දු පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඉන්දියන් සැලුන් ජාලයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි

IMAGE 2017 Aug 23 15:19
ඉන්දීය රූපලාවන්‍යාගාර ජාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන පුවත ක්‍ෂේත්‍රයේ සැලකිය යුතු...
Views - 684

මම අවුරුදු තුනක රසිකාවියකගේ උපන්දිනයට ගියා

IMAGE 2017 Aug 23 11:59
ඔහුගේ පෙනුම, කතාබහ, ඇවැතුම්, පැවැතුම් වෙනස්ම ප්‍රතිරූපයක් මවයි. ඒ ‘හාරකෝටිය’ ටෙලි...
Views - 1096

සැබෑ ජීවිතයේදිත් සොනාලිගෙන් මිදෙන්න අමාරුයි

IMAGE 2017 Aug 23 09:38
ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට...
Views - 1389

ජා ඇල අධිවේගී පිටවුමේ මරණ දහයක් සිදුවීමට හේතුව කුමක්ද?

IMAGE 2017 Aug 22 10:22
කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමට සම්බන්ධ  පමුණුගම - ජා ඇල මාර්ගයේ අධිවේගී...
Views - 2539

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 1486

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 2102

Please publish modules in offcanvas position.