Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙමාපියන්ගේ ගැටුම් නිසා මානසික රෝගියෙකු වූ තරුණයෙක්

YOUTH

 එදින උපදේශන සැසියට පැමිණියේ වයස අවුරුදු විසිපහක පමණ තරුණයෙකි. අවුල්ව ගිය හිසකෙසින් හා දහඩියෙන් පෙගුණු ඇඳුම් සහිතව සිටි ඔහු උපදේශක ඉදිරියේ වාඩි වී දිගු කල්පනාවකට සමවැදෙන්නට විය. මඳ වේලාවකින් නින්දෙන් අවදි වූ කලෙක මෙන් ඔහු “මට සේරම එපා වෙලා” යනුවෙන් සිය කතාව ආරම්භ කළේය. ගයාන් නමැති මෙම තරුණයා අම්මාත්, තාත්තාත්, අක්කාත් සමග ජීවත්ව තිබේ. ළමා වියේ සිටම මේ දරුවන්ට නිතරම අසන්නට දකින්නට ලැබුණේ අම්මාත්, තාත්තාත් අතර සිදුවන අඩදබරයි. වාග් ප්‍රහාර හා පහරදීම් ආදී කලකෝලාහල දකින ගයාන් හා ඔහුගේ සහෝදරිය ළමා වියේදී අධික භීතියකින් කල්ගෙවා තිබේ. කලක් ගතවීමේදී ගයාන්ගේ පියා තම දරු පවුල අතහැර වෙනත් කාන්තාවක් හා විවාහ වී ඇත. එතැන් පටන් ඔහුගේ මව ඇඳුම් මසා දරුවන් ‍පෝෂණය කළාය. විසි වයස් සම්පූර්ණ වූ ගයාන්ගේ සොහොයුරිය විවාහ වී වෙනම පදිංචියට ගියේ මේ අතරතුරදීය. එතැන් පටන් ගයාන් හා ඔහුගේ මව නිවසේ තනි වී තිබේ. තම පුතු පියාගේ අඩිපාරේ යතැයි බිය වූ ගයාන්ගේ මව කුඩා කල පටන්ම ඔහුට දැඩි නීති දැමුවාය. සම වයසේ දරුවන්ට මෙන් යහළු යෙහෙළියන් ආශ්‍රය කරමින් විනෝද වන්නට ඔහුට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු සිය මව සමග නිවසටම වී කාලය ගත කළේය. ඔහු කුමක් කළද මවට කිව යුතු විය. ඇඳුමක් මිලට ගත්තද, වෙනත් කටයුත්තක් කළද, ඒ සියල්ල මවගේ අභිමතය පරිදිම සිදු විය යුතු විය. මිතුර ඇසුර තහනම් විණි. යහළුවෙකුගේ නිවසට යාම තබා යහළුවකු තම නිවසට ගෙන්වා ගැනීම පවා ඔහුට තහනම් වූයේය. ඉන් සිදුවූයේ මෙම තරුණයාගේ මානසික පීඩනය දිනෙන් දින ඉහළ යාමයි. පසු කාලීනව ඔහු සිය මවට හොර රහසේ ප්‍රේම සබඳතා කිහිපයක් පැවැත් වූ අතර ඒ සියල්ල අසාර්ථක විය. ඊට හේතු වූයේ ඔහුගේ මානසික ව්‍යාකූල භාවයයි. එමෙන්ම සමාජයට ඇති භීතියද එම සබඳතා බිඳ වැටීමට බලපා තිබුණි. ඒ වන විට ඔහුට තම ජීවිතය පවා එපා වී තිබිණි. කුඩා කල පටන් භීතියෙන් කල් ගෙවූ ඔහුගේ අධ්‍යාපනයද අතරමග කඩා වැටී පැවතියේය. කරන ලද එකදු රැකියාවකින්වත් ඔහු තෘප්තිමත් වූයේ නැත. එම නිසා ඉතා කෙටි කාලසීමාවක් තුළ ඔහු සිය රැකියා මාරු කළේය. මේ සියල්ලෙන් සිදු වූයේ ඔහුගේ මානසික ව්‍යාකූල භාවය තව තවත් වැඩිවීමය. අවසානයේ ඔහු විශාද රෝගියකු බවට පත් විය. ඔහු උපදේශන සඳහා යොමු කර තිබුණේ සෑහෙන කලක් මනෝ වෛද්‍ය ඖෂධීය ප්‍රතිකාර ලබා දීමෙන් පසු එම රෝහල මගිනි. ගයාන්ගේ ජීවිතයට සිදුවූයේ කුමක්ද ? කුඩාකල පටන්ම දෙමාපියන්ගේ ගැටුම් වලට මැදි වන ඔහු තුළ භීතියක් නිර්මාණය වී තිබිම සාමාන්‍යයය. ඉන් පසු මවගේ දරදඬු ආධිපත්‍යයට ඔහු ග්‍රහණය විය. එම නිසා ස්වාධීනව තීරණ ගැනීමට ගයාන්ට නොහැකි විය. සෑම තීරණයක් පිටුපසම මව සිටීම නිසා ආදර සබඳතාවලදීත්, වෘත්තීය ජීවිතයේදීත් ඔහු අසාර්ථක විය. මව හැර බාහිර සමාජය සමග සබඳතා නොපැවැත්වීම හේතුවෙන් ගයාන්ට පරිබාහිර පුද්ගලයන් සමග සබඳතා පැවැත්වීමේ ගැටලු මතු වී තිබුණි. කුඩා කල පියා සමග දුරස් සබඳතාවයක් තිබිම හේතුවෙන් ඔහුගේ පෞරුෂත්වය නිසි ලෙස වැඩී නොතිබුණි. සම වයසේ මිතුරන් සමාජීය වශයෙන් තමාට වඩා ඉදිරියට යනු දකින ගයාන් මානසිකව කඩා වැටුණේය. ඔහුගේ මව තුළද එම ලක්ෂණ දක්නට තිබුණි. තම පුතු අසාර්ථක වන බව දකින මව දිගින් දිගටම කෝප වූවා මිස ඊට පිළියම් නොසෙව්වාය. එහි ප්‍රතිඵලය වූයේ මෙම තරුණ පුතුට තම ජීවිතය පිළිබඳව තවතවත් කලකිරීමයි. වැඩිහිටියන් තරුණ දරුවන් දෙස වඩා විමර්ශනශීලීව බැලිය යුතුය. තරුණ අවධිය යනු සමාජය ගවේෂණය කරන අවධියයි. තරුණ වියේදී දරුවන් ක්‍රියාකාරී ලෙස ඉදිරියට යන්නේ කුඩා කල ලැබෙන අත්දැකීම් මතයි. කුඩා දරුවන් ඉදිරියේ දෙමාපියන් ගැටුම් ඇති කර නොගැනීමට වගබලා ගත යුත්තේ දෙමාපියන්ගේ ගැටුම් දරුවාගේ මානසික සංවර්ධනයට ජුවම බලපාන නිසාය. මෙවැනි දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන් තුළ පෞරුෂ අක්‍රමිකතා බහුලව දක්නට ලැබේ. එමෙන්ම නිවස දරුවාට සුන්දර වටපිටාවක් කළ යුතුය. නිතරම දෙමාපියන් දරුවාගේ ප්‍රශ්න ගැටලු වලට සවන්දිය යුතුය. ආදරය දැක්විය යුතුය. එමගින් සැහැල්ලු හා සතුටුදායී මානසික වටපිටාවක් දරුවා තුළ වර්ධනය වේ. අනාගතයේ ශක්තිමත් පෞරුෂයක් සහිතව යහපත් පුරවැසියෙකු බිහිවන්නේ එවන් වටපිටාවක් තුළ හැදී වැඩුණු දරුවන්ගේය. මනෝ විද්‍යා උපදේශිකා කෞශල්‍යා පෙරේරා

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 423

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 784

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 698

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 566

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5196

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3429

Please publish modules in offcanvas position.