Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කළ නොහැක්කක් නොමැති බව පසක් කළ ලාංකේය පුත් රුවන

Rakitha

අපට ජීවිතයක් ලැබී තිබෙන්නේ දිනන්නටයි. එසේ නොමැතිව පරාජයන් හමුවේ පසුබසින්නට නොවේ. ගොඩක් මිනිසුන් තමන්ට ලැබී ඇති ජීවිතය සම්පූර්ණයෙන්ම දිය කර හරින්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු, අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට පමණයි. ඒ අතර එකී සාමාන්‍ය මිනිසුන්ගේ සිතීමේ පරිමාවෙන් එපිටට ගොස් සාමූහික අරමුණක් වෙනුවෙන්, මානව සංහතිය වඩා සුවදායී තත්ත්වයකට පත් කරලීම වෙනුවෙන් සිය ජීවිතය කැප කරන විරල මිනිසුන් ද මෙලොව ජීවත් වේ. ඔවුන් වේදනාවට පත් වී සිටින මිනිසුන් ඉන් මුදවා ගනිමින් මිහිපිට පාරාදීසයක් බවට පත් කරලීමට නිරන්තර සතතාභ්‍යාසයන් සිදු කරයි. එවැනි වූ ශ‍්‍රී ලාංකේය පුත් රුවනක් පසුගිය දා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර පැවැති තරුණ විද්‍යාඥයන්ගේ පරිසරය හා තිරසර සංවර්ධනය සඳහා වූ ඔලිම්පියාඞ් තර`ගාවලියේ රන් පදක්කමක් හා තර`ගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ ලොවක් පුදුම කරමිනි. ඒ, කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යයායි.
පසුගිය දා මැලේසියාවේ පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඞ් තර`ගාවලිය සඳහා ්‍යෂඪ වෛරසය ආසාදනය වීම මැ`ඩ පැවැත්විය හැකි ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ රඛිත ඩිල්ෂාන් සිය ව්‍යාපෘති යෝජනාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය. එම රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව ඔහුට ලන්ඩනයේ පැවැත්වෙන තරුණ විද්‍යාඥයන්ගේ විශේෂ සමුළුවකට සහභාගී වන මෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගෙන් ආරාධනාවක් ලැබී තිබේ.
හතළිස් එකකට අධික රටවල් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයෝ 183 දෙනෙක් එම තර`ගය සඳහා සිය ව්‍යාපෘති ඉදිරිපත් කර තිබිණ. එහිදී රඛිත ඩිල්ෂාන් සිය පර්යේෂණ ව්‍යාපෘති හරහා යෝජනා කර තිබුණේ ්‍යෂඪ වෛරසය ධාරක ෙසෙල හා සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වන ප‍්‍රතිකර්මයකි. ඔහු මෙම ්‍යෂඪ ඒඞ්ස් සඳහා කරන ලද පර්යේෂණයේ පදනම වූයේ ශාක හෝර්මෝන වර්ගයක් දියුණු කර ඒ හා සම්බන්ධව නැනෝ තාක්‍ෂණය ඔස්සේ ඉලක්කගත ඖෂධයක් නිපදවීමයි. එමෙන්ම ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ්‍යෂඪ ආසාදනය තුරන් කිරීම සඳහා සම්පූර්ණ ප‍්‍රතිකර්මයක් ඉදිරිපත් කිරීමයි. ශ‍්‍රී ලාංකික තරුණයෙකුගේ හදවතින් නැගෙන මෙකී විශිෂ්ට අරමුණ සැබැවින්ම අප රටක් වශයෙන් අනිවාර්යයෙන් අගය කළ යුතුමය. අප ආඩම්බර විය යුතුය.
එහි විශේෂත්වය වන්නේ දකුණු ආසියාවට ලැබුණු ප‍්‍රථම රන් පදක්කම හා දකුණු ආසියාවේ රටක් විසින් මෙතෙක් කාලයකට ඔලිම්පියාඞ් තර`ගාවලියේ දිනාගත් ප‍්‍රථම රන් පදක්කම ලෙස වාර්තා පොතට එක් වීමයි. උසස් පෙළ නිම කළ ඔබ ඔහුගේ ජීවිතයෙන් ගත යුතු ආදර්ශය වන්නේ ඔබටත් කළ නොහැක්කක් නොමැති බවයි. අද සිටම ඔබත් උත්සාහ කරන්න.


තිනෙති නානායක්කාර.

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1504

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1336

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1419

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1582

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7753

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5133

Please publish modules in offcanvas position.

X

Right Click

No right click