Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාර්ටින් වික්‍රමසිංහත් ශිෂ්‍යත්වය පාස්ද?

ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සාහිත්‍ය අනු කමිටුව මෙහෙය වීමෙන් දහදිය සිත්තම 11 වන කලා උළෙල පසුගියදා උත්කර්ශවත් අන්දමින් කොළඹ ටවර් රඟහ‍ලේදී පැවැත්වූයේ, කම්හල් වැඩබිම් තුළ ශ්‍රමය වගුරන වැඩකරන පංතියේ මිනිසුන් රැසකගේ සහභාගිත්වයෙනි.
මෙම උළෙල ආරාධිත දේශනයේදී ප්‍රවීණ සාහිත්‍යවේදි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා මෙසේ පැවැසීය.
මේ වේදිකාව මට බොහෝම හුරුපුරුදු වේදිකාවක්. 2008 දි හෝ 2009 දි විතර මමත් මේ දහදිය සිත්තමට නිර්මාණ ඉදිරිපත් කරලා, ජයග්‍රහනය කරලා තියෙනවා. ඒක මගේ ඉදිරි නිර්මාණවලට විශාල ලෙස බලපෑවා. ඉන්පසුව මොනතරම් සම්මාන සහතික ලැබුවත්, අදටත් හිතට දැනෙනවා මේ වේදිකාවට ආවට පස්සේ, ඒක ලොකු ජවයක් ශක්තියක් කියලා. ඵය අවංකවම කිවයුතුයි. මට මතකයි මම මීට කලිනුත් කිව්වා මෙය ජාතික කලාවක් ලෙස ඉදිරියට අරගෙන යන්න ඕනේ කියලා අපේ පුංචි කාලය ගත්විට අපි ටිකක් සාහිත්‍ය සමඟ විශේෂයෙන්ම ගෙදර පරිසරය නිසා අපිට සාහිත්‍යයක් ඇසුරු කරන්න මූලික අඩිතාලම බොහොම අව්‍යජ විදියට තිබුණ කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්. නමුත් අද  ඊට වඩා වෙනස්. අද තාක්ෂණයත් සමග තරුණ පරපුර සිටින්නේ ඒ නිසාම මේ වටිනා නිර්මාණ මට හිතෙනවා අලුත් පරම්පරාවෙන් ගිලිහිලා යනවයි කියලා. ඒකට වැඩිහිටි පරම්පරාව ලෙස අපෙත් වැරැද්දක් තිබෙනවා. අන්න ඒ ගැන කියැවෙන අපූරු නිර්මාණයක් මම කැමැතියි ඔබට කියන්න.  මේක ලියන්නේ අපේ අලුත් පරම්පරාවේ කවියකු වන  වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කියන කවියා. ඔහුගේ නිහඬව ගලන මේ ගඟ කෘතියේ තුලයි මේ කවිය ඇතුළත් වෙලා තියෙනවා. මේ කවිය නම්කරලා තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේදී කියලා. අපි කවුරුත් දන්නවා මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා. සාහිත්‍යයේ අපට සිටින වැදගත්ම දැවන්තම පුද්ගලයා හැටියට අපි කවුරුත් අවිවාදයෙන්ම මාර්ටින් වික්‍රමසිංහ සලකනවා. එතුමා උපන් භූමිය අද කෞතුකාගාරයක් විදියට තිබෙනවා. කොග්ගල උපන් භුමියේ වම් පැත්තේ විශාල කෞතුකාරගයක් තිබෙනවා. ඊට දකුණු පැත්තෙන් අඩි 10-12 ක් දුරින් නිවසට දකුණු පැත්තෙන් පස් ගොඩවල් දෙකක් තියෙනවා. ඒ තමයි වික්‍රමසිංහයන්ගේ සහ ඔහුගේ බිරිඳගේ සොහොන් දෙක. කවියට පාදක වෙලා තියෙන්නේ මේ ස්ථානය සහ සිද්ධිය. කවිය ආරම්භ වෙන්නේ මෙහෙමයි.
 
නෙරලු තුරු පවා හිස නවාගෙන හිඳි
පැනසර මහගත්කරු නිහඩව නිදන භූමිය වෙත
පමාවෙන ‍පොඩි පුතෙකි සොහොන ළඟ
උපාලි ගිණිවැල්‍ලේ ජින්නා දැන හැදින 
ගත්කරු සොහොන වෙත හිස නවාගෙන
ඇද ‍පොඩි පුතුගෙ සුරතින් ඇද මව පවසයි
යමු ළමයෝ ශිෂ්‍යත්වයට අහන ඒවා තියෙන්නේ මෙතැන ‍නෙවෙයි
අන්න අතන කෞතුකාගාරයේ යමු ඒ පැත්තට
මවගේ සුරතේ එල්ලි කෞතුකාගාරය දෙසට යන පුතු
අසයි මවගෙන් 
අම්මේ මාර්ටින් වික්‍රමසිංහ ශිෂ්‍යත්වය පාස්ද? 
 
නෙරලුතුරු කියන්නේ ‍පොල්ගස්.  කවියා කියනවා එහි තියෙන ‍පොල්ගස් පවා ඔළුව නවාගෙන සිටිනවා. ‍පොඩි ළමයෙකුත් ගිහිල්ලා එතැන ඔළුව නවාගෙන කල්පනා කර කර ඉන්නවාලු. ඒකට හේතුවක් තියෙනවලු ඒ ළමයා දන්නවා උපාලි ගිණිවැල්ල සහ ජින්නා කියන චරිත. ඒ කියන්නේ මඩොල්දූව කියවපු ‍පොඩි එකෙක්. ගිහිල්ලා අනේ මේ මනුස්සයා වළ දාපු තැනනේ කියලා  මෙතැනට වෙලා ඔලුව නවාගෙන කල්පනා කර කර ඉන්නවාලු. ඇද ‍පොඩි පුතුගේ සුරතින් ඇද මව පවසයි. යමු ළමයෝ ඔතැන නොවෙයිි කෞතුකාරගාරය. යමු ඒ පැත්තට කියාලා. ශිෂ්‍යත්වයේදී අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පස් ගොඩ ළඟ නමෛයි අර තියෙන කෞතුකාගාරයට ගිහින් ‍පොඩි එකාවත් අරගෙන කෞතුකාගරය පැත්තට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ. මවගේ සුරතේ එල්ලි කෞතුකාගාරයට යන  පුතු අම්මාගෙන් අහනවා අම්මේ මාර්ටින් වික්‍රමසිංහත්  ශිෂ්‍යත්වේ පාස්ද ..  ‍පොඩි එකාට ප්‍රශ්නයක් එනවා මෙච්චර මේ දෙමාපියන්ට උත්කර්ශයක් සටනක් වෙලා තියෙන දරුවාට ඔරොත්තු නොදෙන මේ ශිෂ්‍යත්වය කියන එක මේ මහ පුරුෂයත් පාස්ද  කියලා දැනගන්න. අපේ ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන විට බාහිර නිර්මාණශිලි ලෝකයෙන් , දරුවා ඈත් කිරිම සමබන්ධයෙන් කතා කරන්න ඉතා හොද උදාහරණයක් විදියට වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ ඒ කවිය ඉතා හොදයි කියලා මට හිතෙනවා. අවසාන වශයෙන් එවැනි නිර්මාණශිලි ලෝකයෙන් ඈත් කරපු අධ්‍යාපනයකින් බිහිවෙන ඊලඟ පරපුර කොහොමද වෙන්නේ කියලා කියන්නත් මම එක උදාහරණයක් කියන්නම්. තවත් අලුත් කවියෙකු ගෙන්ම. 
ඒ කවිය ලියන්නේ ධනුෂ්ක එදිරිවීර බණ්ඩාර කියන කවියා ඔහුගේ රැය විදිමි නොවිදිමි කියන කෘතියේ තමයි මේ කවිය ඇතුළත් කරලා තියෙන්නේ. කච්ච්ෙරියේදි කියලා ඒ කවිය නම් කරලා තියෙන්නේ. 
අපි වගේම වැඩ කරන ශ්‍රමිකයෙක්. සාමන්‍ය තරුණයෙක් කච්ච්ෙරියට යනවා පුංචි වැඩක් කරගන්න. ඒ ගිහාම ඔහුට දකින්න ලැබෙන්නේ හරිම පුදුමාකාර සිද්ධියක්. ඒ සිද්ධිය මොකක්ද ඔහුත් එක්ක එකම ස්කෝ‍ලේ ‍පොඩි කා‍ලේ එකට ඉගෙන ගත්තු යාලුවා තමයි අද කච්ච්ෙරියේ ලොක්කා වෙලා ඇවිල්ලා ඉන්නේ. ඔහුට හරි සන්තෝෂයි. කවිය පටන් ගන්නේ මෙහෙමයි.
 
දර්ශනි මැඩම් මං ටිංකරින් චන්දරේ
ඉස්කෝ‍ලේ අපි හිටියේ අටේ ඒ පංතියේ
පැන්සලක් හංගලා උඹව හඬවපු වෙ‍ලේ
ශේල්ටගේ තොල් දෙකම මං තමයි හිල් කළේ
 අස්වෙලා අපේ ස්කෝ‍ලේන් දහයේදීම
ඉස්තරම් නුවරකට උඹ ගියා රහසේම
වොක්ස්වගන් කාර් එකක දොර ඇරෙන කිසිවිටක
ඉන්පස්සේ දැක්කේ නැහැ ලස්සනම සුදු ගවුම
 
දහයේ පංතියේදි ඔයා අස්වෙලා ලොකු ස්කෝලෙකට යනවා. ඉස්සර ස්කෝ‍ලේ ආවේ වොක්ස්වගන් කාර් එකක. මං මේ ගරාජ් එකේ වැඩ කරන ගමන් හැමදාම බලනවා වොක්ස්වගන් කාර් එකක් යනකොට එච්චර ලස්සන සුදු ගවුමක් ඇද ගත්ත ගෑනු ලමයෙක් යනවාද කියලා නමුත් කවදාවත් දකින්න හම්බු වෙන්නේ නැහැ. හොදයි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? 
 
නංගිගේ ‍පොඩි එකා ස්කෝ‍ලේ දාගන්න
ආව මම කච්ච්ෙරි උපැන්නේ අරගන්න
රැස් දිලෙන සිත්තමක් වාගේ රාමු කළ රුවක
දැක්ක මං වැඩ හිදනු අයුරු උස උස් තැනක
 
මම මේ ‍පොඩි වැඩේ කරගන්න ආපු වෙලාවේ තමයි උඹ ඉතා උස් තැනක රැස් දිලෙන සිත්තමක් වගේ රාමු කරපු රූපෙක ඔයා ලොක්කෙක් වෙලා ඉන්නවා දැක්කේ.  
 
උත්තරේ දන්නැතුව තැවෙන විට මං එදා
දික්කරපු කොපි ‍පොතේ මතක පිටු පෙරළලා
ඇස් දෙකෙන් මං හිතුවා උඹ හිනාවෙයි කියා
ඇත්තටම අදත් මට චක්කරේ වැරදුණා
 
අඩුම තරමින් හිනාවෙලා වත් නැහැ. ඉතින් එවැනි නිලධාරින් ද අපි නිර්මාණශීලි නොවන අධ්‍යාපනයක් ඇතු‍ලේ නිර්මාණය කරන්නේ කියන එක පිළිබඳ කතා කරන්න ධනුෂ්කගේ කවිය ඉතා හොද උදාහරණයක්. ඒ වගේම නිර්මාණකරපු විශාල පිරිසක් මේ ස්ථානයේ සිටින නිසා තවත් එක් උදාහරණයක් පමණක් කියන්නම්. 
නිර්මාණයකදි අතිශය වැදගත් වන්නේ නිර්මාණයට අපි තෝරා ගන්නා ආකෘතිය. කලාවේ ‍පොදු කියමනක් තිබෙනවා අපි කියන දේ නොව වැදගත් වෙන්නේ. කියන විදියයි කියලා. කියන දේ මීට කළින් කියලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ කියපු දේම පුළුවන් නම් වෙනස් විදියකට  පෙරනොවූ අපූර්ව විදියකට කියන්න . උදාහරණයක් විදියට ගත්තෝත් ලෝකේ ඉන්න සියලුම කවියෝ හඳ ගැන කවි ලියලා තියෙනවා. ගීත රචකයෝ ගීත ලියලා තියෙනවා. හැබැයි ඒ හඳම වෙනස් විදියකට අපිට දකින්න පුළුවන් නම්, ඒකයි මහගම සේකර තමන්ගේ නොමියෙමි කෘතියේ එහෙම දකින්නේ. සඳ මළ ලෝකයේ දි ඊයේ දැනගතිමි මම එය ඔබේ මුහුණට උපමා කරමි කියලා. හැරගිය පෙම්වතියට කියනවා. ඊටත් වඩා අපුරු කවියක් අපිට මෑත කාලයේ දි ගිය අවුරුද්දේ කියවන්න ලැබෙනවා.  ප්‍රියලාල් කොග්ගලගේ ගේ රැහැයිනි රැය ගෙවුණි කියන කෘතියේ. පසුගිය දවසක සම්මානයට පාත්‍ර වුණා. ඒ කෘතියේ තියෙනවා. එය අපුරු කවියක් . බලන්න සඳ සහ තරු අපි දැකලා තියෙනවාද මේ කවියා විදියට කවදාවත්.
 
අහස විදගෙන අහස බිදගෙන
ඇය පළා ගිය තැනයි ඔය සඳ
ඇය පළා යන දෙසට මා තැබු
වෙඩි සිදුරු කළ තැනයි ඔය තරු
 
ඇය මාව දාල ගිය තැන සිදුර තමයි හඳ කියන්නේ. ඇය යනවිට මම ඇයට වෙඩි තිබ්බා. අන්න ඒ අහසේ සිදුරු වුණු තැන් තමයි තරු විදියට පේන්නේ කියලා. බලන්න මොන තරම් ලස්සන මොන තරම් අපුරු විදියට නිර්මාණය ඉදිරිපත් කරලා තියෙනවාද කියලා. 
තව එක නිර්මාණයක් මම කියන්නම්. මේක ලියා තිබුනේ පාසැල් ශිෂ්‍යාවක්. මතුගම කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ උදේනි නෙළුම් කුමාරි කියන ශිෂ්‍යාව . මම ඒ ශිශෂාව කවදාවත් දැකල නැහැ. නමුත් ඇගේ නිර්මාණ අපි හඳුනනවා. ඇය ඉතා අපූරුවට. සමාජ පරතරය ගැන කියනවා.
ඉස්කෝ‍ලේ පංතියේ දි ගුරුතුමිය කියනවා සියලුම දෙනාට තමන්ගේ ගෙදර පරිසරය චිත්‍රයට නඟන්න කියලා. එක් වාක්‍යයකින් ගුරුතුමිය එය කිව්වාට ළමයින් 40 පංතියේ ඉන්නවා නම් මේ 40 ට තියෙන්න පුළුවන් එකිනෙකට වෙනස් වුණු 40 විදියක්. උසස් නිවෙස්වල  වගේ ‍පොල් අතු පැලවල්වල ජිවත් වන අයත් ඉන්න පුළුවන්.. එහෙම වෙනසක් අපේ සමාජය ඇතු‍ලේ තියෙනවා. ඔක්කෝම ළමයි තමන්ගේ ගෙදර පරිසරය අදිනවා. එක දැරියක් තමන්ගේ යාලුවගේ චිත්‍රය දිහා බලලා කරන විග්‍රහය තමයි ඇයගේ කවිය වෙන්නේ. ඇය කියනවා මෙහෙම.ඔයාගේ චිත්‍රය තරම් මගේ චිත්‍රය ලස්සන නැහැ තමයි.ඔයාගේ චිත්‍රයේ තියෙනවා හරි අපූරු පිරිච්ච බවක්.  කැරකෙන පුටු, විදුලි පංකා හරිම තාත්විකයි. එතකොට අම්මා වෙන්නැති මේ ඔයාගේ උසටම ගැලපෙන මහතක් තියෙන සුදුවට ඉන්න ඇය නිසා ඔයාගේ චිත්‍රය තවත් ලස්සන වෙලා. ඒත් මගේ චිත්‍රය තනිකරම තේ වත්තක් විතරයි. ඔයාට පේනවාද දන්නේ නැහැ. පුංචි ගෑනු කෙනෙක් ඉන්නවා මෙන්න  මෙතැන. කෙට්ටුවට ඉන්නේ. පැන්සලෙන්වත් ඇගට මස් දාන්න හිතුනේ නැහැ මට. අදිද්දි සුදු පාටට තිබිලා පස්සේ පැන්සලෙන් මං කලුපාට ගෑව. කැත වුණට ඒ තමයි මම දුටුව ලස්සනම ගෑනු කෙනා. ඒ මගේ අම්මා.  ඒ තමයි ඇගේ කවිය. මොන තරම් නිර්මාණශිලි විදියට කවියේ ආකෘතිය ඇය පාවිච්චි කරලා තියෙනවා. මොනතරම්  නිර්මාණශිලි විදිදයට ඒ කවිය නිර්මානය කරලා තියෙනවාද. ඒ නිසා අපිට ඒ කවි මතකයේ තියෙනවා.
 
රුවන් බන්දුජිව කියන තරුණ කවියා මෙහෙම කියනවා 
 
රෝස උයනට පැමිණි කුමරිය උයන්පල්ලා දෙස බලා
 සියලු වල් පැළ උදුරගෙන ගොස් වීසි කරන්නට අණ කළා
ළංව බැලුවොත් මිසක් නොපෙනෙන පුංචි තණකොළ මල් දිහා 
බලා ගෙන සිටි උයන්පල්ලා තදින් හුස්මක් පිටකළා. 
 
පුංචිම තණකොළ ගස්වලටත් මල් තියෙනවා. ඒවා දන්නේ පුංචි මිනිස්සු විතරයි. අන්න ඒ නිසයි මෙන්න මේ නිර්මාණ අපිට වැදගත් වෙනනේ.  මට මතකයි රුසියන් කවියෙක් වන රසුල් ගම්සෝටෝව් සිංහල අනුවාදය මෙහෙමයි.
ලේ ගලන රෝගියෙකු වේ නම්
ඔහුට රුධිරය දිය යුතුයි
එය ගැලපෙනා රුධිරයයි
නොමැති නම් ගැලපෙනා රුධිරය 
කැදවන්න ඔබ රටේ කවියකු
කිවිඳු ‍ලේ ගැලපේවි මැනවි
 
ඒ කියන කතාව වෛද්‍ය විද්‍යාව සමග මොනතරම් පරස්පර වුණත් මේ කවියා කියනවා කවියා කියන පුද්ගලයා සමාජයේ කිසිදු කොන්දේසියකින් තොරව සමාජය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. අන්න එවැනි කලාකරුවන් රැසක් මේ  කර්තවය පිටුපස්සේ සිටින බව අප දන්නවා. ඒ වගේම අද අභිෂේක ලබන මේ කලාකරුවන්ගෙන් අප බලා‍පොරොත්තු වන්නේ අන්න ඒ වගේ උදාර සමාජ මෙහෙවරක් සහිත කලාකරුවන් පිරිසක්. ඒ නිසයි මේ වේදිකාව අපිට අපේ වේදිකාවක් විදියට වැදගත් වෙන්නේ. ඒ නිසයි අපට විශාල ජවයක් වෙන්නේ. ඒ නිසායි මේ පිටුපස සිටින සියලුම දෙනාට වෘත්තිය සමිති මධ්‍යස්ථානයට අපේ ගෞරවය ප්‍රණාමය පුදකරන්නේ.
 
පද්මිණි මාතරගේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 526

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 244

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3208

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1802

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3781

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4879

Please publish modules in offcanvas position.