Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube

lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

කියන් මිතුරනි මෙයද පේ‍්‍රමය

පේ‍්‍රමය ... හරියටම පැහැදිලි කරන්නෙ කොහොමද? ඒක හරියටම උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක්.  රසායන විද්‍යාවෙදි ”මවුලය” අර්ථ දක්වන්න පුළුවන් උනාට දේශපාලන විද්‍යාවෙදි ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය” නිර්වචනය කරන්න හැකියාව තිබුනද ආර්ථික විද්‍යාවෙදි ”උද්ධමනය” කියන්නෙ මොකක්ද ඇහුවම දෙන්න උත්රයක් තිබුනට ”පේ‍්‍රමය” අර්ථ දක්වන්න, පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් අපි කාටවත් තවම හමුවෙලා නෑ. කෙනෙක්  ඒ පිලිබඳව නිර්වචන හෝ අර්ථකථන ලබා දෙන්නෙ ඒ කෙනාගෙ නැතිනම්  වෙනත් අයෙකුගෙ පෞද්ගලික අත්දැකීම් ඇසුරු කරගෙන.
එහෙම උනත් විවිධාකාරයෙ ”පේ‍්‍රමයන්” අපිට එදිනෙදා මුණ ගැහෙනවා. ධාරක පේ‍්‍රමය, සහෝදර පේ‍්‍රමය, පෙම්වතුන්ගෙ  පේ‍්‍රමය  වගේ. ”අසල්වැසියාට පේ‍්‍රම කරන්න” ජේසු තුමත් දේශනා කරලා තියෙනවා. කෙසේ නමුත් වැඩියෙන්ම කතා බහ කරන්නෙ තරුණ තරුණියන් අතර ඇතිවෙන පේ‍්‍රමය පිළිබඳව. ඊට හේතු වෙන්නෙ පහසුවෙන්ම විකුනන්න පුළුවන් පේ‍්‍රමය ඒක නිසා. තරුණ තරුණියන් නැතිව වයසක දෙදෙනෙක් පේ‍්‍රම කලොත්, නැතිනම් වයසක කෙනෙකුයි තරුණ කෙනෙකුයි අතර තියෙන පේ‍්‍රමය මොන වගේ වෙයිද?  ඒවට භාවිතා වෙන්නෙ ”පේ‍්‍රමය” කියන චවනයට වඩා වෙනත් වචන.
බයිබලයෙ කොරින්ති 13:1-13 නේ මෙහෙම කතාවක් තියෙනවා. ”පේ‍්‍රමය, සියල්ල උසුලයි. පේ‍්‍රමයෙහි; විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත. ” ඒ කතාවෙන් කියන්නෙ පේ‍්‍රමය මොන වගේ වෙන්න  ඕනද කියන එක. අපි, අපිට දැනෙන තේරෙන විදියට පේ‍්‍රමය තුළ තියෙන්න  ඕන  ඕවා ගැන කතා කරනවා. ආදරය, විශ්වාසය, ගරුකිරීම, සැලකිල්ල, අවංක කම ඔය වගේ සුන්දර වචන රාශ‍්‍රියක් පේ‍්‍රමය තුළ තියෙන්න  ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම වෛරය, පළිගැනීම, චංචාව වගේ දේවල් පේ‍්‍රමය ඇතුළෙ නොතිබෙන්න  ඕන කියලත් අපි විශ්වාස කරනවා. එහෙම පේ‍්‍රමයකට ”සත්‍ය පේ‍්‍රමය” කියලා නමක් දාගෙන ඒවා සොයාගෙන යන ගමනක අපි නිරත වෙලා ඉන්නවා. සැබෑ පේ‍්‍රමයක් සොයාගෙන යන ගමනෙදි සත්‍ය පේ‍්‍රමයේ නාමයෙන් සිදුකෙරෙන ”පේ‍්‍රම දඩයම්” සිදුකෙරෙනවා. ඒවට භාවිතා වෙන”පේ‍්‍රමායුධ” හමුවෙනවා. ඇතැම් අය මේවයේ සත්‍ය පේ‍්‍රමය තියෙනවා කියලා මං මුලා වෙනවා.
පේ‍්‍රමයෙ නිවුන් සහෝදරයා වගේ ”රාගය” ඉන්නවා. හරියටම පැහැදිලි නැතත්, ”පේ‍්‍රමය නම් රාගයෙන් තොර, සඳ එළිය සේ අචින්ත්‍යයයි ,පාරිශුද්ධයි, සුරම්යයයි”කියලා සුනිල් ආරියරත්න මහත්මයා ලියපු ගීයක් නන්දා මාලිනිය බොහොම අපූරුවට ගායනා කරනවා. පාළු සීත රාත‍්‍රියක ඒ ගීතය අහද්දි, ඒ ස්වරය ඇතුළෙ  ”රාගය” නැති ”පේ‍්‍රමයක්” දැනුනත් සැබෑ ලෝකයෙදි රාගයෙන් තොරව පේ‍්‍රමය පවතියිද කියන එක ප‍්‍රශ්නයක්. පේ‍්‍රම කරන්නෙ හදවතින් උනාට පේ‍්‍රමය ඇතිවෙන්න ලස්සන, පෙනුම, කටහඬ, සිතිවිලි, ස්පර්ශය වගේ බාහිර දේවල් හේතු වෙනවා. ඒවා එකතු වෙලා හදවත කලඹපු කෙනෙක්ට අපි පේ‍්‍රම කරන්න පටන් ගන්නවා. මෙහෙම ඇතිවන පේ‍්‍රමය කාලයක් යද්දි ”ආත්ම ගත”පේ‍්‍රමයන් වෙන නිසා පේ‍්‍රමය ඇති වෙන්න හේතුවුන කාරනා වෙනස් උනත්  පේ‍්‍රමය නොබිඳී තියෙනවා. මේ අතරෙ දේපල වලට, තියෙන වත් පොහොසත් කම් වලට, තනතුරු වලට පමණක් පේ‍්‍රම කරන අයත් ඉන්නවා. එහෙම පේ‍්‍රමයන්ට ආයුෂ ඉතාම අඩුයි. ඒවට ”පේ‍්‍රමය” කියන වචනය ගැලපෙනවද කියන ගැටළුවත් තියෙනවා.
කොහොම පේ‍්‍රම කලත් හැමෝගෙම බලා පොරාත්තුව සදාකාලික සංසාරගත පේ‍්‍රමයක්. සදා කාලික නොවූ ලෝකේ සදාකාලික පේ‍්‍රමයක් සොයා නෙක ගම් දනවු පීරා ගියත්  සදා කෙලෙසද පෙම් බඳින්නෙ? මේ නිසාම ”පේ‍්‍රමෙතෝ ජායතී සෝකෝ පේ‍්‍රමෙතෝ ජායෙතී භයං ” පේ‍්‍රමය නිසා සෝකය උපදී පේ‍්‍රමය නිසා භය උපදී කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. 
සැබෑ පේ‍්‍රමයක් උනත් අවසනායෙ ඉතිරි බිඳීමක් පමණයි. මේ නිසා බිඳුනු පේ‍්‍රමය හමුවෙ විවිධ අය විවිධ ආකාරයට හැසිරෙනවා. කෙනෙක් නැතිවුන පේ‍්‍රමය වෙනුවෙන් ටජ්මහලක් හදද්දි, සිංදුවක් ලියද්දි තව කෙනෙක් තමන්ව හැරගිය කෙනා හොයාගෙන ගිහින් පිහියෙන් අනිනවා. තව කෙනක් ”ඔයා හොඳින් ඉන්න මම යන්නම්” කියලා තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවනවා. ඔය අතරෙ සමහරු එක් අයෙකුට නැතිව කිහිප දෙනෙක්ටම පේ‍්‍රම කරනවා. ඉඳලා හිටලා කලාතුරකින් අනෙකාගෙ පේ‍්‍රමය වෙනුවෙන් තමන්ගෙ පේ‍්‍රමය පුද කරපු අයත් අපට හමුවෙනවා.  ඒ වගේම මුදල් ගෙවාගෙන පේ‍්‍රම කරන අයත් ඉන්නවා.
මීට ටික කාලෙකට කලින් පානදුරේ හිරණ පාලමෙන් තරුණ ජෝඩුවක් ගඟට පණිනවා මැරෙන්න. මුලින්ම පනින්නෙ පරිමි ළමයා. පස්සෙ ගෑණු ළමයත් පනිනවා . ගෑණු ළමයා පිහිනුම් පංති ගිය කෙනෙක්. ඒ නිසා ගෑණු ළමයව ගිලෙන්නෙ නෑ. ගෙඟ් පාවෙවී ඉඳලා පහුවදා උදේ ධීවරයන්ට අහුවෙලා බේර ගන්නවා. පිරිමි ළමයා මැරෙනවා.  මරණ පරීක්ෂණයෙදි මේ ගෑණු  ළමයා සාක්ෂි දෙන්නෙ මෙහෙම ”මියගොස් සිටින්නේ මගේ පෙම්වතා. ඔහු හා මා අතර සබඳතාව  ගොඩනැගී මාස හයක්වත් නැති තරම්. අපි දෙදෙනාම සා.පෙළ ලියා ප‍්‍රතිඵල බලාපොරොත්තුව සිටිනවා. අපට නිතර නිතර කතා කිරීමට මට ජංගම දුරකථනයක් පවා ඔහු  අරන් දුන්නා. ඒකේ කාඞ්  මුදල්වලට ගෙවන්නෙත් ඔහුයි.” 
සියල්ලම සිදුවුන අකාරය මේ ගෑණු ළමයා මරණ පරීක්ෂකට විස්තර කරනවා. මේ විස්තරේ අහගෙන ඉඳපු මරණ පරීක්ෂක තුමා, බොහොම සැහැල්ලූවෙන් සාක්ෂි දීපු මේ දැරියට අවවාද කරලා පරීක්ෂණ වාර්තාව අවසානයෙ මෙහෙම සටහනක් තියනවා.
 
‘‘ඉදිරිපත් වූ සාක්ෂි අනුව එය මුදල් ගෙවමින් පවත්වා ගෙන ගිය බොළඳ පේ‍්‍රමයක් මත සිදුකරගෙන ඇති සියදිවි හානිකර ගැනීමක් බව තීරණය කරමි.”
ඉතිං 
සඟවා ළය මත ඔබෙ වත රහසින්
සුසුමක් සුසුමට ලං කර රහසින්
කියා දෙන්න ලංවී
පේ‍්‍රමය නම් මෙයයි කියා”
 
අසිරු කරුණාරත්න
IMAGE

තාත්තාගේ සංගීතයෙන් හම්බකරන අය කර්තෘභාගයවත් දෙන්නේ නැහැ

IMAGE 2017 Sep 20 16:53
ප්‍රේමසිරි කේමදාස කියන මහා සංගීතවේදියාගේ නම අමතක කරලා ලංකාවේ සංගීතය ගැන කතා බහ කරන්න බැරි...
Views - 438

චූටි මැණිකේ තරම් මම අහිංසක නෑ

IMAGE 2017 Sep 19 11:43
ශලනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. දවෛනි ඉනිමේ චූටි මැණිකේ එහෙම නැත්නම්...
Views - 2695

හුලවාලි මන්ත්‍ර ගුරුකම් යනු සෙප්පඩ විජ්ජාවකි

IMAGE 2017 Sep 19 10:26
හුලවාලි වශී ගුරුකම්, රොඩී දැහැන, නීචකුල බන්ධන ආදී වශයෙන් සැලකෙන ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ විශාල...
Views - 1305

ජනාධිපති මැදුරේ අපි එක රැයක්වත් ගත කර නෑ

IMAGE 2017 Sep 18 19:35
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ...
Views - 4085

මට කිසිම සම්මාන උළෙලකට ආරාධනා ලැබෙන්නෙ නෑ

IMAGE 2017 Sep 18 19:07
“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි...
Views - 2233

විදුලි වැඩවර්ජනය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බිලි ගනී

IMAGE 2017 Sep 18 12:49
මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ...
Views - 1180

Please publish modules in offcanvas position.