lakbima.lk

 

ඔබගේ වර්තමාන දේශපාලන තත්ත්වය කොහොමද?

මම දැන් කිසිම දේශපාලන පක්ෂයකට සහය දෙන්නේ නෑ. මම පාර්ලිමේන්තුවේ ස්වාධීනව ඉඳගෙන මේ දේශපාලකයන් රටට කරන විනාශය බලාගෙන ඒවා අධීක්ෂණය කරමින් ඉන්නවා.

ඒ කියන්නේ ඔබ කාටවත් සහය දෙන්නේ නැද්ද?

නෑ. මේ අවස්ථාවේ කාටවත් සහය දෙන්නේ නෑ.

අතීතයේදී රනිල්  වික්‍රමසිංහගේ නායකත්වය බේරාගන්න ඔබ විශාල කැපකිරීමක් කළා කියලා ඔබ සඳහන් කර තිබුණා. ඔහුගේ නායකත්වය ආරක්ෂා වුණත් ඔබට මොකද වුණේ?

ඔය වාගේ ප්‍රතිචාර කුහක දේශපාලකයන්ගේ සාමාන්‍ය ගතියක්.

ඔබ කලින් ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද?

මම ඒක දැනගෙන සිටියා.

ඔබ දැන දැනමද කුහක දේශපාලකයෙක් ආරක්ෂා කළේ?

මේ තරම්ම කුහකයි කියලා දැනගෙන හිටියේ නෑ. ටිකක් දැනගෙන හිටියා. ඔක්කොම කාලා බලන්න බෑනේ.

ඔබ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව දැඩි ලෙස විවේචනය කරනවා. ඇයි ඒ?

ව්‍යවස්ථාදායක සභාව දැන් කෝපි කඩේ වගේ. කෝපි කඩේදී හැන්දෑවට මුණගැහෙන සයිමන් අයියා, ජේමිස් අයියා වගේ අය එකතුවෙලා තෝරනවා ගමේ ඉන්න සරදියල් හොරෙක්, සිල්වා හොඳ මිනිහෙක් ආදි වශයෙන්. ඒ වගේ තමයි දැන් ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්නේ. ඒකට ක්‍රමවේදයක් න්‍යායක් නෑ.

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳ ජනපතිවරයත් පාර්ලිමේන්තුවේදී විවේචනය කළා. ඊට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය කථානායක අසුනේ ඉඳගෙන පිළිතුරුදීම පිළිබඳවත් විවේචන එල්ල වෙනවා.

ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕනෑම අයෙකුට නිදහස තිබෙනවා. නමුත් දෙන උත්තරය කොයිතරම් සදාචාරාත්මකද කියලා තේරෙන්නේ උත්තර දෙන පුද්ගලයා අනුවයි.

ඔබ කියන්නේ කථානායකවරයා ජනපතිට දුන් පිළිතුර සදාචාර නෑ කියලද?

ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන්ට කථානායකවරයා උත්තර නොදී හිටියා නම් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙනවා කියලයි මම හිතන්නේ.

ඔබත් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළා නේද?

ඔව්. මමත් වසර දෙකක් ඔය සභාවේ නියෝජිතයකු ලෙස කටයුතු කර තිබෙනවා.

එදා විවේචනය නොකර අද ඔබ ව්‍යවස්ථාදායක සභාව විවේචනය කරන්නේ ඔබට එහි නියෝජනය නැති වූ නිසාද?

නෑ. සාධාරණය යුක්තිය සඳහා පිහිට වූ මෙම ආයතනය රටේ තියෙන දූෂිතම ආයතනය බවට පත්වුණාම මේ ගැන කතා කිරීම වරදක්ද? මේ ආයතනයේ දූෂිත තත්ත්වය ගැන මම හෙළි කරන කරුණු බොරු නම් ඒ සභාවට පුළුවන් මට විරුද්ධව ක්‍රියාකරන්න. මම ඒ සභාවේ ඉන්න හැමෝටම අභියෝග කරනවා මම කරන චෝදනා බොරු නම් ඒ බව ඔප්පු කරන්න ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට එන්න කියලා.

ඔබ ඔය තරම් බරපතළ විදිහට සඳහන් කරන ව්‍යවස්ථාදායක සභාවේ දූෂණ මොනවද?

තනි පුද්ගලයකුගේ අභිමතාර්ථ ඉටු කරන්න හදාගත්තු ආයතනයක් විදිහට තමයි අද ව්‍යවස්ථාදාක සභාව කටයුතු කරන්නේ. එහෙම කියන්න උදාහරණ තියෙනවා. සුහද ගම්ලත් නීතිපති ලෙස පත් නොකිරීම, ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ‍පොලිස්පති ධුරයට පත් නොකිරීම, දීපාලි විජේසුන්දර විනිශ්චයකාරවරියට උසස්වීම නොදීම, කුසලා සරෝජනී වීරතුංග විනිශ්චයකාරවරියට උසස් වීම නොදීම ආදී බොහෝ කරුණු ව්‍යවස්ථාදායක සභාව සිදුකළේ දේශපාලන පළිගැනීමකට කියලා මම බය නැතුව කියනවා.

ඔබ ඔය කියන කාරණා අනුව අධිකරණයේ විනිසුරුවරුන්ට බරපතළ අසාධාරණයක් සිදුව තිබෙනවා. මේ තත්ත්වය අධිකරණයේ ස්වාධීනත්වයට බලපානවා නේද?

ඒක නිසා තමයි අපි මේ ගැන කතා කරන්නේ අධිකරණයේ විනිසුරුවන්ගේ දක්ෂතා පළපුරුද්ද ගැන ව්‍යවස්ථාදායක සභාව මොනවද දන්නේ අධිකරණයේ විනිසුරුවන් ගැන අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ ලබාදෙනවා. ජනාධිපතිවරයා ඒ නිර්දේශ ඔහුගේද නිර්දේශ සහිතව ව්‍යවස්ථාදායක සභාවට දෙනවා. එතැනදී ඒවා ප්‍රතික්‍ෂේප වෙලා පිටස්තර පුද්ගලයන් රටේ වගකිව තනතුරුවලට පත් වෙනවා. ඒක හරිද?

ඔබ සඳහන් කරන්නේ අධිකරණ සේව කොමිසම, අගවිනිසුරු හා ජනාධිපතිගේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් ව්‍යවස්ථාදායක සභාවේ තිබෙනවා කියලද?

ඔව්. මේ ව්‍යවස්ථාදායක සභාව එක් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව ඉටුකරන මහ පිළිලයක් බවට පත්වෙලා. මේ සභාව ගැන දැන් විශ්වාසයක් නෑ. මේක වහාම අහෝසි කළ යුතුයි කියලයි අපි කියන්නේ.

ඔබ ඔය කියන කාරණය අනුව ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුන අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

ඔව්. මේක බරපතළ අර්බුදයක්. අධිකරණ ක්‍ෂේත්‍රයේ විනිසුරුවරුන්ගේ උසස් වීම් ලබාගැනීමට ඔවුන්ට දේශපාලන වන්දිභට්ටකම් කරන තැනට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔබ එල්ල කරන චෝදනාව බරපතළයි. ඔය කියන තත්ත්වය අනුව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාවට ඇතිවන්නේ අවිශ්වාසයක් නේද?

අධිකරණෙයේ විනිසුරුවන්ට සිදුවන අසාධාරණය ගැන කතා කිරීමෙන් අධිකරණයේ කටයුතු ස්වාධීන නෑ කියලා කාටවත් කියන්න බෑ. අධිකරණ ක්‍ෂේත්‍රයේ විනිසුරුවරුන්ට කොතෙක් කෙනෙහිලිකම් එල්ල වුණත් ඔවුන් ඒ සියල්ල ඉවසාගෙන රාජකාරිය නිවැරදිව කරනවා. ඒ විනිසුරුවන්ට ඔවුන්ගේ අයිතීන් ඉල්ලන පාරට බහින්න බෑ. ඒ නිසයි ඔවුන්ට සිදුවන දේශපාලන පලිගැනීම් ගැන කතා කරන්නේ. අපේ රටේ විනිසුරුවන් තමන්ගේ වගකීම් ඉටුකිරීමේදී පරිණත හා ව්‍යක්ත අයුරින් කටයුතු කරන නිසා නීතියේ ආධිපත්‍යයට තවමත් අනතුරක් නෑ.

ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට හා නීතියට එකඟයි කියලා. ඔබ සඳහන් කර තිබුණා. නමුත් අධිකරණය තීන්දු කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදියි කියලයි. ඒ තීන්දුවටත් මේ පවතින අර්බුදය හේතුවක් වුණාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වගන්ති දෙකක් තියෙනවා. ඒ වගන්ති දෙක එකකට එකක් පරස්පරයි. ඒ වගන්තිවලින් එක් වගන්තියකින් අනෙක් වගන්තිය යටත් වෙනවා කියලා සඳහන් වෙන්නෙත් නෑ. මේ නිසා ඒ වගන්ති දෙකේ තිබෙන කරුණු අනුව කුමන වගන්තියක් හෝ පාදක කරගෙන වඩාත් සුදුසුම තීන්දුව දෙන්න අධිකරණයට නිදහස තිබෙනවා. ඒ අනුව තමයි අධිකරණය තීන්දුව ලබාදී තිබෙන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සමාජයේ විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් විවේචන එල්ල වී තිබුණා ඔබ මොනවද හිතන්නේ.

ඇමෙරිකාවේ අගවිනිසුරු මාෂල් වරක් සඳහන් කර තිබුණේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ හැම තීන්දුවකටම ගරු කරනවා. මොකද ඒ තීන්දුවට එරෙහිව යන්න වෙන අධිකරණයක් නැති නිසා කියලා. ඔහුගේ ප්‍රකාශය අපිටත් වලංගුයි. රටක පැවැත්මට මේ තත්ත්වයත් අවශ්‍යයයි.

ඔබ අපේ රටේ ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා. මොකක්ද අපේක්ෂාව?

අසාධාරණයට ලක්ව සිටින හා ඉදිරියේදී උසස් වීම ලබාදිය යුතු විනිසුරුවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට සාධාරණයක් ඉටු කරන්න කියල මම කථානායකවරයාට හා ජනපතිට ලිඛිතව කරුණු ඉදිරිපත් කළා.

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න එ.ජා.ප.ය නැවත සූදානම් වෙනවා? ඔබේ මතය කුමක්ද?

ජාතික ආණ්ඩු සම්පූර්ණයෙන්ම අසාර්ථක බව මේ අය ඔප්පු කරලා තිබෙනවා. ජාතික ආණ්ඩු සංකල්පය ඉතා හොඳයි. නමුත් ලෝකයේ ඉන්න දූෂිතම දේශපාලකයොත් එක්ක අපේ රටේ ජාතික ආණ්ඩු කරන්නේ කොහොමද? යහපාලනය ගැන අපි රටට මොන තරම් දේශනා කළාද? නමුත් යහපාලන ආණ්ඩුව පිහිටුවලා මාස දෙකක් ගතවෙන්න පෙර ලෝකයේ ලොකුම බැංකු මුදල් කොල්ලකෑම සිද්ධ වුණා. අගමැති ඒකට වගකියන්න ඕනේ. නමුත් ඔහු අදටත් යහපාලනය ගැන කතා කරනවා. අද අපි දුක් වෙනවා මේ වගේ පුද්ගලයකු නායකයා කරන්න අපිත් කැප වුණා නේද කියලා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන්ටත් චෝදනා එල්ල වී තිබෙනවා නේද?

ඔව්. මට ලැබිලා තියෙන තොරතුරු අනුව අපේ සමහර මැති ඇමැතිවරුන් ගංජා කොකෙන් හා හෙරොයින්වලට ඇබ්බැහි වෙලා.

සාකච්ඡා කළේ : ජයසූරිය උඩුකුඹුර

 

  1. ජාතික ආණ්ඩුවට එන අය ඉස්සරහට බලාගන්න පුළුවන් - ජේ.සී. අලවතුවල
  2. ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාවලින් මහින්දලා ඉවත් නොවන්නේ ඇයි?
  3. පොලිස් විරුවන්ට සිදුවන නොසැලකිල්ල ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය
  4. පාර්ලිමේන්තුව උණුසුම් කළ කතානායකගේ සම්පූර්ණ කතාව
  5. ආයෙත් ජාතික ආණ්ඩුවක් නම් හැදෙන්නේ නෑ
  6. හොරට නිදාගෙන ඉන්න හාදයන් ඇහැරවන්න අමාරුයි
  7. ඇමතිවරු වැඩිකරගන්න ආණ්ඩුව කරන උප්පරවැට්ටිය
  8. අපේ එකම අරමුණ අපේම ජනාධිපතිවරයෙක්
  9. ජනපති අපේක්ෂකත්වය මෛත්‍රීට නොලැබුනොත් මම දේශපාලනයෙන් සමු ගන්නවා
  10. සුමන්තිරන් - සම්පන්දන් කියන්නේ එල්.ටී.ටී.ඊ.කාරයෝ නොවේ
  11. රනිල්ගේ සුමන්තිරන්ගේ ගැටවලට අහුවෙන්න එපා - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
  12. මැතිවරණයට බිය දේශපාලන පක්‍ෂ
  13. මහින්ද ශ්‍රීලනිපයේ බව අපි පිළිගන්නවා - එතුමත් ඒ බව කියනවා
  14. දයාසිරිගේ කතා අපට වලංගු නෑ

Page 1 of 15

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.