lakbima.lk

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ සේවාවන් පුළුල්කරයි

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල එකවර රෝගින් වැඩි සංඛ්‍යාවකට ප‍්‍රතිකාර කළ හැකිවන පරිදි සිය රුධිර කාන්දු පෙරණ එ්කකය (Dialysis Unit) සියලූ පහසුකම්වලින් යුක්තව නවීකරණය කර තිබේ. එ් අනුව දිවයිනේ වෙනත් කිසිදු පෞද්ගලික රෝහලකින් ලබාගත නොහැකි ආකාරයේ ඉතා සහනදායී මිලකට, විශේෂඥ වෛද්‍යවරු සහ දක්ෂ, පළපුරුදු කාර්ය මණ්ඩලයක සත්කාරය යටතේ පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් අදාළ ප‍්‍රතිකාර දැන් ලබාගත හැකි බව එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

‘‘අද වනවිට ශ‍්‍රී ලංකාවේ ජනතාව අතර වකුගඩු රෝග ඉතා සුලබ වී තිබෙනවා. වකුගඩුවල කි‍්‍රයාකාරීත්වය අකර්මණ්‍ය වූ රෝගීන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා රුධිර කාන්දු පෙරණය ඉතා වැදගත්. එම වැදගත්කම හඳුනා ගනිමින් අප රෝහලේ රුධිර කාන්දු පෙරණ එ්කකයෙහි නව රුධිර කාන්දු පෙරණයන් කිහිපයක් අලූතින් ස්ථාපිත කර එම එ්කකය තවදුරටත් නවීකරණය කිරීමට අප පසුගියදා පියවර ගත්තා. එ් අනුව රෝගීන් හයදෙනකුට එකවර රුධිර කාන්දු පෙරණ ප‍්‍රතිකාර ලබාදිය හැකි සියලූ පහසුකම් දැන් අප සතුව තිබෙනවා. ඇතැම් රෝගීන්ට මෙවැනි ප‍්‍රතිකාර සදහා වැයවන මුදල දරා ගැනීමට අපහසුයි. එ් බව වටහා ගනිමින් කාටත් දරාගත හැකි ආකාරයට, දැනට ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලකින් ලබාදෙන අවම මිල ගණන් යටතේයි අප රෝහල රුධිර කාන්දු පෙරණ ප‍්‍රතිකාර රෝගීන් වෙත ලබාදෙන්නේ. එවැනි සහනදායී මිලකට එම ප‍්‍රතිකාර ලබාදීමේදී අප රෝහලට එමගින් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැහැ. එබැවින් මෙය රෝහල මගින් ඉටුකරනු ලබන තවත් සමාජ සත්කාරයක් ලෙසද හැඳින්විය හැකියි’’ යනුවෙන් රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0112840065 සහ 0115886500 යන දුරකථන අංකද විවෘත කර තිබේ.

අධි තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් සිදුකරනු ලබන අති නවීන වෛද්‍ය පරීක්ෂණද ඇතුළත් වන පරිදි සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ රැසක් පන්නිපිටිය (පෞද්ගලික) රෝහල හඳුන්වා දී තිබේ. වයස අවුරුදු 40 ට වැඩි අය සඳහා පැකේජ, හදවත් පරීක්ෂණ සඳහා පැකේජ, දියවැඩියා පිරික්සුම් පැකේජය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පැකේජය, පූර්ව විවාහ පැකේජය, සන්ධි වේදනා සහ සන්ධි ඉදිමීම පරීක්ෂාව සඳහා පැකේජය සහ යෞවනයන් සඳහා පිරික්සුම් පැකේජය රෝහල නව මුහුණුවරකින් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ අතරින් කිහිපයකි.

රෝහලේ සියලූම අංශ වෙනුවෙන් පිරිනමනු ලබන ISO 9001-2008 ප‍්‍රමිති සහතිකය දිනාගත්, ශ‍්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007  ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප‍්‍රමිති සහතික සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වා දීමට කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප‍්‍රතිකාර රැසක් පළමු වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප‍්‍රකටව සිටියි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.