lakbima.lk

75%ක බෝනස් මොබයිල් ඩෙටා පැකේජ මොබිටෙල් වෙතින්


සැමට වටින වඩාත් සිත්ගන්නා සුළු මිලකට ලබාදෙන රුපියල් 49 සහ 99 මෙන්ම අලූතින් හදුන්වා දුන් රුපියල් 499 මොබයිල් ඩෙටා පැකේජ මගින් සිය පෙරගෙවුම් ඩෙටා පාරිභෝගිකයන්ට ගන්න ගාණට වඩා ඉහළ වටිනාකමක් ලබාදීමට මොබිටෙල් කටයුතු කරයි. නැවත වඩාත් උසස්ව සැකසූ මොබිටෙල් ඩෙටා පැකේජ දීමනා මගින් වැඩි වාසියක් පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවීම පිළිබදව මොබිටෙල් සතුටට පත්වේ

75%ක් දක්වා බෝනස් ඩෙටා ලබාදෙන එකම ජාලය වීම නිසා හොදම ගාණකට වැඩිම ඩෙටා දෙන එකම ජාලය මොබිටෙල් වේ. මොබිටෙල් නව ඩෙටා පැකේජ රුපියල් 49ට මෙගාබයිට් 825ක්, රුපියල් 99ට මෙගාබයිට් 1650ක්, රුපියල් 199ට ගිගාබයිට් 3.5ක් සහ රුපියල් 499ට ගිගා බයිට් 11 ආදී වශයෙනි.

සිය පාරිභෝගිකයන්ට වඩාත් ඉහළ සේවාවක් සැපයීමේ අරමුණ පෙරදැරිව මොබිටෙල් විසින් සිය සන්නිවේදන ජාල ව්‍යාප්තිය සදහා විශාල ආයෝජනයක් සිදුකළේය. මේ නිසා ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ලංකාවේ මොබයිල් සන්නිවේදන තාක්ෂණය ඉහළට ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

එයට සමගාමීව මොබිටෙල් ශ‍්‍රී ලංකාවේ අද්විතීය සහ සුවිසල් 4.5G/4G-LTEසන්නිවේදන ජාල ව්‍යාප්තිය සනිටුහන් කර ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.