lakbima.lk

පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් සුරක්ෂා සිසු රක්ෂණයේ ප්‍රතිලාභ එවේලේම

 

‘‘සුරක්ෂා’’ සිසු රක්ෂණ කාඞ් පත් හිමි දිවයිනේ සියලූම සිසු සිසුවියන් සඳහා කිසිදු ගෙවීමකින් තොරව වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමේ පහසුකම පන්නිපිටිය පෞද්ගලික රෝහල විසින් සලසා දී තිබේ. සුරක්ෂා සිසු රක්ෂණය හිමි දිවයිනේ සියලූම පාසල් සිසු සිසුවියන් හට මීට පෙර ලබාදී තිබූ වරප‍්‍රසාදය වූයේ පෞද්ගලික රෝහල්වලින් මුදල් ගෙවා අදාළ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගෙන පසුව එම මුදල් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ආයතනය හරහා ලබාගත හැකිවීමය. නමුත් එසේ නොමැතිව දිවයිනේ ප‍්‍රමුඛතම පෞද්ගලික රෝහල් 7 කට පමණක් කිසිදු ගෙවීමකින් තොරව සිසු සිසුවියන් සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමේ බලතල අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබාදී තිබේ. පන්නිපිටිය පෞද්ගලික රෝහල සතු සේවාවන් සැපයීමේ විශිෂ්ඨත්වය සහ අවම මිල ගණන් සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම සුවිශේෂ බලතල සහිත වරප‍්‍රසාද පන්නිපිටිය පෞද්ගලික රෝහල වෙත ලබා දී ඇත.

සුරක්ෂා සිසු රක්ෂණාවරණයට මෙරට සියලූම රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් සිසු සිසුවියන් මෙන්ම පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාද වෙනුවෙන් ප‍්‍රතිලාභ රැුසක් හිමිකර දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී හඳුන්වා දෙන ලද රක්ෂණාවරණයකි. මෙමගින් සෑම සිසුවකු හෝ සිසුවියකටම  රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 2 ක් වටිනා වාර්ෂික රක්ෂණාවරණයක් හිමිවේ.

ප‍්‍රතිකාර සඳහා වැයවන මුදල මුලින් රෝහල වෙත තැන්පත් මුදලක් ලෙස ගෙවා පසුව රක්ෂණ ආයතනය හරහා එම මුදල ලබාගත හැකිවීම රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවන සාමාන්‍ය ක‍්‍රමවේදය වේ. නමුත් රක්ෂණ ආයතනය හරහා සෘජුවම බිල්පත් ගෙවීමේ පහසුකම උදාකර දී ඇති බැවින් පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගන්නා සුරක්ෂා රක්ෂණ කාඞ් පත් හිමි සිසු දරු දැරියන්ට එවැනි කිසිදු තැන්පත් මුදලක් රෝහල වෙත නොගෙවා අත්විඳීමට හැකියාව ලැබේ. මේ පිළිබඳ සියලූ විමසීම් සඳහා 0112024330 යන දුරකථන අංකය විවෘත කර තිබේ.

‘‘අනවශ්‍ය වියදම් කපා හැර, එමගින් ලැබෙන ප‍්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමන අප රෝහල සුරක්ෂා රක්ෂාවරණය යටතේ සිසු දරු දැරියන්ට තිළිණ කරන සියලූම ප‍්‍රතිලාභ පිරිනැමීම සඳහා එක්වූයේ ඉතා කැමැත්තෙන්. එම ප‍්‍රතිලාභ තවදුරටත් පුළුල් කරමින් මෙම රක්ෂාවරණය යටතේ කිසිදු මුදල් තැන්පතුවකින් තොරව ප‍්‍රතිකාර ලබාගත හැකි රෝහලක් ලෙස පන්නිපිටිය පෞද්ගලික රෝහල නම් කිරීම ගැන අප ඉතාමත් සතුටට පත්වෙනවා. මෙය තම දරුවන්ගේ රෝහල් ගතවීමකදී දෙමාපියන්ට ලැබෙන විශාල සහනයක් ලෙස හැඳින්විය හැකියි’’ යනුවෙන් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.