lakbima.lk

මෙරට ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයිනේ අඩුම මිල ගණන් යටතේ වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත උදාකර දී තිබේ. එ්, මේ වනවිට රෝහල විසින් හඳුන්වා දී තිබෙන සියලූම සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ සඳහා 25% ක් දක්වා වන සුපිරි වට්ටමක් පිරිනමමිනි. මෙම සුවිශේෂී වට්ටම් වැඩසටහන මාර්තු 20 වැනිදා සිට අපේ‍්‍රල් 20 වැනිදා දක්වා වලංගු වේ.

අනවශ්‍ය වියදම් කපා හැර, එයින් ලැබෙන ප‍්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමන පන්නිපිටිය පෞද්ගලික රෝහල අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ, කාටත් දැරිය හැකි සහනදායී මිල ගණන් යටතේ සිය සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ හඳුන්වා දී තිබේ. උත්සව සමය වෙනුවෙන් එ් සියලූ පැකේජ ඇදහිය නොහැකි තරමේ අවම මිලකට, ඉහළම ප‍්‍රමිතියකට අනුව ලබාදෙන බව රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

‘‘අලූත් අවුරුදු සමයේ විවිධාකාරයේ රසවත් ආහාර පාන වැඩි වශයෙන් ගැනීමට හැමෝම පෙළඹෙනවා. නමුත්, එ්වායින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයට ඇතිකරන බලපෑම මොන වගේද කියා බොහෝ දෙනා සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ නිසා අවුරුදු සමයේ ඇතැමුන් විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වනු බොහෝවිට අප දැක තිබෙනවා. මෙම තත්ත්වය ගැන සැලකිලිමත් වෙමිනුයි මෙවැනි සුවිශේෂී වට්ටම් පිරිනමමින්, තමන්ගේ නිරෝගී බව තහවුරු කරගැනීම සඳහා සැවොම උනන්දු කරවීමේ අරමුණින් මෙම සුවිශේෂී වට්ටම් මාසය හඳුන්වා දීමට අප රෝහල තීරණය කළේ. මේ තුළින් අලූත් අවුරුදු සමය නිරෝගීමත්ව, සතුටින් ගත කිරීමේ අවස්ථාව සැමට උදාවනු ඇතැයි අප විශ්වාස කරනවා’’ යනුවෙන් ආනන්ද කුරුප්පුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0112840065 සහ 0115886500 යන දුරකථන අංකද විවෘත කර තිබේ.

අධි තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් සිදුකරනු ලබන අති නවීන වෛද්‍ය පරීක්ෂණද ඇතුළත් වන පරිදි සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ රැුසක් පන්නිපිටිය (පෞද්ගලික) රෝහල හඳුන්වා දී තිබේ. වයස අවුරුදු 40 ට වැඩි අය සඳහා පැකේජ, හදවත් පරීක්ෂණ සඳහා පැකේජ, දියවැඩියා පිරික්සුම් පැකේජය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පැකේජය, පූර්ව විවාහ පැකේජය, සන්ධි වේදනා සහ සන්ධි ඉදිමීම පරීක්ෂාව සඳහා පැකේජය සහ යෞවනයන් සඳහා පිරික්සුම් පැකේජය රෝහල නව මුහුණුවරකින් හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ අතරින් කිහිපයකි.

රෝහලේ සියලූම අංශ වෙනුවෙන් පිරිනමනු ලබන ISO 9001-2008 ප‍්‍රමිති සහතිකය දිනාගත්, ශ‍්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන OHSAS 18001-2007  ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප‍්‍රමිති සහතික සහ සම්මාන රැුසකින් පිදුම් ලබා ඇත. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නවීනතම තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වා දීමට කටයුතු කරන පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප‍්‍රතිකාර රැසක් පළමු වරට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප‍්‍රකටව සිටියි.

  1. LOLC 3 වසරටත් SLIM - Nielsen ජනතා සම්මානයෙන් පිදෙයි
  2. කොමර්ෂල් බැංකුව අන්තර්ජාල ගනුදෙනුකරුවන් දිනවයි
  3. Dialog වසරේ ජනප‍්‍රියතම ටෙලිකොම් සහ අන්තර්ජාල ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
  4. ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථාන අතර ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ඇරඹීමට සාකච්ඡා
  5. මොබිටෙල් අනුරාධපුර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය නව ස්ථානයකට
  6. ප‍්‍රීමා සිලෝන් 40 වසරක අභිමානය සමරයි
  7. පන්නිපිටිය පෞද්ගලික රෝහලින් නිවසටම ගොස් වෛද්‍ය ප‍්‍රතිකාර
  8. තෙල් නැතිව ආහාර පිසීමට සිංගර් මයික්‍රොවේව්
  9. දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි
  10. 85 වෙනි සාන්තුවරයන්ගේ සටනට එලිෆන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට් සමාදර අනුග්‍රහය
  11. ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
  12. ග්ලෝරියස් රෙසිඩන්සීස් විවෘත වේ
  13. සුපිරි වෙළෙඳසල්වලට සීමාවූ ‘‘මැක්කරි’’ දැන් සිල්ලර වෙළෙඳ සල්වලින්
  14. හච් සහ ආයෝජන මණ්ඩලය අතර ඇ.ඩො. මිලියන 115ක ආයෝජනයක්
  15. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට දත් සිටුවීම පිළිබඳ අන්තර්ජාතික සමුළුවක්
  16. Mahindra e2O රථ පහසු මිලට
  17. www.di.lk වෙබ් අඩවියට සම්මාන ද්විත්වයක්
  18. ලොව ප්‍රථම පන්ච් ස්ක්‍රීන් ජංගම දුරකථනයවන NOVA 4 වෙළඳපලට
  19. AIA Walk for Life වැඩසටහනට එක්වී රෝගී හදවත් සුවකරන්න
  20. ලංකා හොස්පිට්ල්ස් වෙතින් නේවාසික රෝගීන්ට WiFi
  21. AMW හා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් අතර නව සබඳතාවක්
  22. රුපියල තරවෙයි
  23. South Asia Textiles රනින් පිදුම් ලබයි
  24. CBL සිංගප්පූරුවේ දී රන් සම්මානයෙන් පිදුම් ලබයි
  25. ඩීමෝ සහ STIHL Germany අත්වැල් බැඳගනී

Page 1 of 58

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.