Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආණුඩුව පන්සල් පල්ලි කෝවිල් වලටත් බදු ගහනවා - බන්දුල කියයි

පසුගිය රඡය විසින් ආගමික සිද්ධස්ථාන සහ මහඡනතාවට ලබා දි තිබු බදුසහන ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව හිටපු මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (17)අස්ගිරි මහා නාහිමියන් හමුවේ පැවසිය.ඊයේ පෙරවරුවේ කරන බන්දුල ගුණවර්ධන මහතා අස්ගිරි මහා නාහිමියන් හමුවේ මෙසේද සඳහන් කළේය.
අලූතින් ආරම්භ කර ඇති දේශිය ආදායම් බදු පනත පිලිබඳව  අප සියලූ ආගමික නායකයින් දැණූම්වත් කරනවා. 2006 වසරේ මහින්ද රාඡපක්ෂ මහතා මුදල් අමාත්‍ය වරයා ලෙස කටයුතු කළ අවදියේ ඉදිරිපත් කළ දේශිය ආදායම් පනතක් ක‍්‍රීයාත්මක කළා. ඒ පනත අනුවයි මෙරට බදු අය කරන්නේ. ඒ පනතින් පන්සල්, පල්ල,කෝවිල්, සිනමා කරුවන්, කලා කරුවන්, සංගිතඥයින්, ග‍්‍රන්ථකර්තෘ වරුන්, සේවකයින්, ගොවින් සුළු හා මධ්‍යම කර්මාන්ත කරුවන් හට වෙනම පරිච්ඡේදයකින් සහන ලබාදි තිබෙනවා. 2006 අංක 10 දරණ දේශිය ආදායම් පනතේ තුන්වන පරිච්ඡේදය පුරා තියෙන්නේ එම බදු නිදහස් කිරීමයි.ඒ නව පනතින් ඒ සියලූ බදු නිදහස් කිරීම් ඉවත්කර පන්සල් පල්ලි කෝවිල් ඇතුලූ සියලූ සිද්ධස්ථාන වලට සියයට දාහතරක බද්දක් පනවා තිබෙනවා. එමෙන්ම ඒ අයාතන වල ආදායම් ලාභ බරපතල ලෙස බද්දට යටත් කර සිද්ධස්ථානයක පුණ්‍ය ආයතනයක ඉතිරිකිරීමේ ගිණූමක් හරහා තිබු බදු සහන පවා ඉවත් කර තිබෙනවා. එය රටේ ආගම ධර්මය සංස්කෘතිය කලා කටයුතු ආදි දිරිගැන්විම් කළ යුතු අංශ මෙම නව පනතින් අඩාල කර තිබෙනවා. ඒවාත් ව්‍යාපාරික ගණයේ ලා බදු අයකරන්න සුදානම් වනවා. ඒ අනුව අප ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍ය වරයාවශයෙන් ඡනතාවට දි තිබු බදු සහන ඉවත් කර ඡනතාව පිඩාවට පත් කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා. මේ පනත පිලිබඳව පෙත්සම් හයක් විභාග වනවා. ඊට අමතරව ඡනතා අප‍්‍රසාදයක් මේ සඳහා රටේ ගොඩනැගෙමින් තිබෙනවා.
රජය මේ පැරණි පනත සංශෝධනය කර නව පනතින් බදු එකතු කරන්න සුදානම් වනවා. සියයට 14 ක් සියලූ ආයතන වලින් අයකරනන්න යනවා. කළින් මේ බදු තිබුණේ සියයට දහයයි. මේ පනත සකස් කර තිබෙන්නෙ මේ රටේ ඡනතාව ගැන සිතා හෝ ඒ අයගේ අදහස් ලබාගෙන නොවෙයි.මේ තිබු බදුසහන යළි ලබා ගැනිමට ඡනාධිපති වරයා දැණූම්වත් කරන ලෙසද බන්දුල ගුණවර්ධන මහතා මහා නාහිමියන් ගෙන් ඉල්ලීමක් කළේය.
 මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි අතිපුඡ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධීකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්ද එක්ව සිටියහ.

ගයා වන්නිආරච්චි

IMAGE

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 1076

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 2810

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 3207

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 4131

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 2324

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 2714

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click