Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක වේ. දුම්රිය එන්ජින් රියැදුරුවරුන්ගේ සංගමය දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඒකාබද්ධව සහ තවත් සියලු දුම්රිය එන්ජින් රියැදුරු වෘත්තීය සංගම් සහය ලබා ගනිමින් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියැදුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ‍ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ‘ලක්බිම’ට පැවසීය.
දුම්රිය එන්ජින් රියැදුරු සහයකයන් බඳවා ගැනීම්, උසස් වීම් ගැටලු සහ දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරිම් ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින්, එම ගැටලුවලට විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය කටයුතු නොකිරීමට එරෙහිව මෙම අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත්, සිය ඉල්ලීම් දිනා ගන්නා තුරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වා ගෙන යන බවද ඒ මහතා කීය.
දුම්රිය රියැදුරු සහයකයන් බඳවා ගැනීමේදී දුම්රිය ආරක්ෂිත නීතිවලට පටහැනිව බඳවා ගැනීම් කර තිබෙන බවත්, එබැවින් එම බඳවා ගැනීම් අත්හිටුවා අදාළ බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කර බඳවා ගැනීම් කිරීම, දීර්ඝ කාලයක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීම, වසර 17කින් දුම්රිය එන්ජින් රියැදුරු විශේෂ ශේ්‍රණියට උසස්වීම් කර නොමැති වීම එම ගැටලුව වහා විසඳීම, දිස්ත්‍රික් පරීක්ෂක යාන්ත්‍රික හා සහකාර ප්‍රවාහන අධිකාරි යාන්ත්‍රික තනතුරුවල බඳවා ගැනීම් ප්‍රමාද කිරීම් එම බඳවා ගැනීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල්කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ මහතා කීය.
මෙයට දුම්රිය නියාමක සංගමය සහ අදාළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන ගමන් මාර්ග සියයට සියයකින් අඩපණ විය  හැකි බවද ඒ මහතා කීය.
මේ අතර මේ සම්බන්ධයෙන් ලක්බිම වැඩිදුරටත් කළ විමසීමේදී දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ‍ලේකම් පී.එම්.පී. පීරිස් මහතා කියා සිටියේ, දුම්රිය එන්ජින් රියැදුරුවරුන්ගේ සංගමය ගෙන යන අඛණ්ඩ වැඩවර්ජනයට සහය දෙමින් සිය වෘත්තීය සංගමයද එක්වන අතර වැටුප් විෂමතා ඇතුළු ගැටලු ගණනාවකට දුම්රිය නියාමකවරුන්ද මුහුණදී සිටින බවය.
ඒ වෙනුවට නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සමග සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලබා දුන්න ද එහිදී සිදුකරනු ලැබුවේ අදාළ ප්‍රශ්න විසඳීම වෙනුවට නිලධාරින් හමුවේ සිය සංගම් අපහසුතාවට පත්කිරීම බවත් මෙම කාරණා සියල්ල පදනම් කරගනිමින් වැඩවර්ජනයට එක්වන බවත් කීය.

පද්මිණි මාතරගේ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5735

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3882

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5365

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6015

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6865

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4265

Please publish modules in offcanvas position.

X

Right Click

No right click