Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාතර බද්දේගම කළුතර රත්නපුර අවදානම් තත්වයක්

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මේ වනවිට තරමක් පහව ගොස් තිබුණ ද කළුගඟ ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයකත් ගිංගඟ ආශ්‍රත ප‍්‍රදේශ කිහිපයකත් ගංවතුර අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් නිල්වලා ගඟආශ‍්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යාම නිසා අකුරැස්ස මාතර අතර ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇත. මාතර නිල්වලා ගඟේ බැම්ම පුපුරා යාමේ අවදානමක් පවතින බැවින් එම අවට ප‍්‍රදේශවල ජනතාව පදිංචි ස්ථානවලින් ඉවත් කොට ඇති බව වාර්තා වේ.

මාතර නගරයේ මහානාම පාලමේ ජල මට්ටම බෙහෙවින් ඉහළ නැග ඇති අතර නිල්වලා ගඟආශ‍්‍රිත පිටබැද්දර, පාලටුගම යන ස්ථානයන් හි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සවිකොට ඇති ජල මාපක පවා ගංවතුරෙන් යට වී තිබේ. ඌරව ජල මාපකයෙන් ද තොරතුරු ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. මාතර නිල්වලා ගඟේ බැම්ම සම්බන්ධ මෙම අවදානම් තත්ත්වය නිසා ගබඩා වීදිය, වෙලේවත්ත, ගොඩගම, හිත්තැටිය, මාලිම්බඩ, සිරිපනාගොඩ, මදුරු දූව, පරගහතොට, තුඩාව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක් මෙම ගංවතුර අවදානමට මුහුණ පා තිබේ.

ගිංගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා බද්දේගම වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බැවින් බද්දේගම නගර වාසීන්ට ඉන් ඉවත්වන මෙන් දැනුම් දී ඇත. මෙම වේල්ල ආරක්ෂා කර ගැනීම සඳහා බද්දේගම ගිංගඟ හරහා ඇති පාලමක් කඩා ඉවත් කිරීමටත් වේල්ලේ ආරක්ෂාව සඳහා වැලි කොට්ට රැද වීමටත් කටයුතු යොදා ඇත. මේ වන විට නාවුක හමුදා වල පිරිස් ඒ කටයුතු වල යෙදී සිටිති.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දොඩන්ගොඩ කොක්මාදූව සහ ගොඩගම යන ස්ථාන ජලයෙන් යට වීම නිසා එම කොටස් වල වාහන ගමනා ගමනය තාවකාලිකව අත්හිටවා ඇත.

මේ අතර කළුගගේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි පනාපිටියේ ඇති බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවදානමක් ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ජී.සී.ජයලාල් මහතා කියයි. එසේ වුවහොත් බොල්ගොඩ වාද්දූව මොරොන්තුඩුව යන  ආදී පහත් බිම් වල ජනතාවට ඉන් බරපතල හානි සිදුවිය හැකි බව ඔහු පවසා සිටී.

මේ අතර රත්නපුර නගරයේ රත්නපුර කළුගඟ ආශ‍්‍රිතව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක දෙකින්ම ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන අතර නගරයේ කොටසක් තවමත් ගංවතුරෙන් වැසී පවතින බව වාර්තා වේ.

කැලණි ගඟ ආශ‍්‍රිත නෝවුඞ්, කිතුල්ගල, දැරණියගල, හොලොම්බුව, ග්ලේන්කෝස් යන ස්ථානවල ජල මාපකවලින් අද පෙ.ව. 5.00පමණ වනවිට සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කළ අතර හංවැල්ල ජල මාපකයේ සුළු ගංවතුර අවදානමක් පෙන්නුම් කෙරේ. මේ අතර කොළඹ නාගලගම් වීදියේ ජල මාපකයේ සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන අතර එය ද අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

මේ අතර සබරගමුව පළාතේ නැගෙනහිර බෑවුමට තවමත් ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොමැති මුත් බලංගොඩ ප්‍රදේශයෙන් ස්වභාවික විපත් කිහිපයක් වාර්තා වී ඇත. නමුත් සමනලවැව සහ උඩවලවේ ජලාශ තවමත් පිටාර මට්ටමට පැමිණ නැතැයි වාර්තා වේ. නමුත් වලස්මුල්ල ආශ‍්‍රිත රම්මලේ කඳු වැටියට සහ වලවේ ගඟේ පහළ ගංගාධාර ප්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු වර්ෂාව නිසා තංගල්ල රන්න ඇතුළු හම්බන්තොට දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයක ගංගවතුර තත්වයක් පැවති අතර මේ වන විට එයද අඩු වෙමින් පවතින බව වාර්තා වේ.

තත්ත්වය එසේ වුවද හෙට සිට බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම වැසි මි.මි. 75ට වැඩි විය හැකි බව ද සුළඟේ වේගය පැයට කි.මි. 50 - 60 දක්වා ඉහළ නැගිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නැවත ගංවතුර, සුළං, පස්කඳු කඩා වැටීම් වැනි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දමයන්ති ගමගේ{jcomments on}

ඡායාරූප - අනුර ප්‍රියන්ත

ඈදුණු පුවත්

පලමු පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

දෙවන පුවත - කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

‍තෙවනි පුවත - ගම්පහ දිසාවේ ප‍්‍රදේශ රැසකට ගංවතුරක් අත ළඟ

හතරවන පුවත -  25 න් පසු නිරිත දිග මෝසම් වැසි

පස්වන පුවත -  ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

හයවන පුවත -  දිස්ත්‍රික්ක 4ක් ගංවතුර සහ නායයාමේ අවදානමක

හත්වන පුවත - දිගු කලකට පසු නිල්වලා පිටාර ගලයි

අටවන පුවත - මිලිමීටර් 211.90 ක් වූ වැඩිම වර්ෂාපතනය බද්දේගමට

නවවන පුවත - ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

දහවන පුවත - ගිංගඟ තවත් දරුණු වෙයි 

එකොලොස්වන පුවත - මිනිසුන් ගංවතුර අනතුරුවලට ලක්වන හැටි දැන ගනිමු

දොලොස්වන පුවත - බුලත්සිංහල නායගිය ස්ථානයෙන් මළ සිරුරු 9ක්

දහතුන්වන පුවත -  බෙල්ලන මරණ එකොළහක් - කොළඹට ගංවතුර අවදානමක්

දහහතරවන පුවත - කළුතර - රත්නපුර 67 ක් මියයති

පහලොස්වන පුවත - අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 122ක් දක්වා ඉහලට

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2214

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1233

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5391

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3117

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5211

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6472

Please publish modules in offcanvas position.