lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

මගීන් 14කට මරු කැඳවූ රියැදුරු වසර 37ක් හිරේට

මගීන් දාහතර දෙනෙකුට මරු කැඳවමින් තවත් හතළිහකට අධික ප්‍රමාණයකට බරපතළ තුවාල සිදුකරමින්, කුරුණෑගල ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගයේ දීයාව අසලදී සිදුකරන ලද මාරක බස්රිය අනතුර සම්බන්ධ නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත්කළ කුරුණෑගල මහාධිකරණ විනිශ්චයකාර මේනකා විජේසුන්දර මහත්මිය, නඩුවේ චූදිත බස් රියැදුරුට වසර තිස්හතහමාරක බරපතළ සිරදඬුවම් නියම කළාය.
මෙම තීන්දුව යටතේ මිනිස් ජීවිත දාහතරක් මරණයට පත් කිරීම වෙනුවෙන් වසර විසි අටක සිරදඬුවම්ද, බරපතළ තුවාල සිදු කිරීම යටතේ වසර නවයහමාරක සිරදඬුවම්ද නියම කරමින් වසර තිස්හතහමාරක සිර දඬුවමකට විත්තිකරු යටත් කරනු ලැබිය.
වර්ෂ 2003 ජූලි මස හතරවෙනි දින කුරුණෑගල උතුර ඩි‍පෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් මගීන් පුරවාගෙන මඩගල්ල සිට ඉබ්බාගමුව හරහා කුරුණෑගල දක්වා ධාවනයවීමේදී “දීයාව” අසලදී මාර්ගයෙන් පිටතට පැන මී ගසක හැපීමෙන් එහි ගමන්ගත් මගීන් එකොළොස් දෙනෙකු එම අවස්ථාවේදීම මිය ගිය අතර පසුව එම මරණ සංඛ්‍යාව විසි එක දක්වා වැඩි විය. මගීන් හතළිහකට අධික ප්‍රමාණයකට බරපතළ තුවාල සිදුවිය.
අපරික්ෂාකාරී ලෙස බස් රථය පදවමින් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ නීතිපතිවරයා විසින් බස් රථයේ රියදුරු වූ හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න නමැත්තාට එරෙහිව මෙහිදී මහාධිකරණයෙහි නඩු පවරා තිබුණි.
වසර දහයක පමණ කාලයක් තිස්සේ මහාධිකරණ විනිසුරුවරුන් හත් දෙනෙකු ඉදිරියේ මෙම නඩුව විභාග විය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් අසූපස් දෙනෙකු නම්කර තිබූ අතර එහිදී හැත්තෑ හතර දෙනෙකුගෙන් පමණ සාක්ෂි ලබාදීම සිදු කෙරිණ.
මහාධිකරණයේ සාක්ෂිදුන් සාක්ෂිකරුවන් අතර ප්‍රාදේශීය මාධ්‍යවේදියකුද විය. මෙය කුරුණෑගල මහාධිකරණයේදී මතෛක් ලබාදුන් දීර්ඝම නඩු තීන්දුව වශයෙන්ද සැලකෙයි. රජයේ නීතීඥ ළහිරු ජයමාන්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ රවි ජයවර්ධන මහතා පෙනී සිටියේය.

ජේ.එම්. මහරුප් - කුරුණෑගල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 14

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1479

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9694

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4254

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.