Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පලාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ 2017 නොවැම්බර් 2 බ්‍රහස්පතින්දා අංක 2043/ 56 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 4දා දක්වා බලරහිත කිරීමේ අභියාචනාධිකරණ තීන්දුවත් සමඟ ඉදිරි මැතිවරණය තවත් කල් යාමට ඉඩ ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ මත පළ කරති.

එම ගැසට් පත්‍රයේ සඳහන් නිර්දේශ සංශෝධනය කිරීමේදී විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තම බල සීමාව ඉක්මවා කටයුතු කර ඇත්දැයි විමසා බැලීම සඳහා දෙසැම්බර් මස 4 වෙනි දින විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති අතර ඒතාක් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් පනවා තිබේ.

එමෙන්ම එම විභාගය පැවැත්වීම මුල් කොට එම ගැසට් පත්‍රය නැවත වාරණයකට ලක් කළ හොත් ඉදිරි පලාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි දේශපාලන නිරික්ෂකයෝ පවසති.

මෙම ගැසට් නිවේදනය බල රහිත කිරීමට අභියාචනාධිකරනය පියවර ගෙන ඇත්තේ කොළඹ, මහනුවර, මාතර, ඇඹිලිපිටිය සහ හාලිඇළ යන ප්‍රදේශවල ඡන්ද දායකයන් 6 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකට අනුවය.

ඒ අනුව එවැනි තත්වයක් එළැඹිය හොත් සීමා නිර්ණය ගැටළු නොමැති ප්‍රදේශවල හෝ ඉදිරි පලාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමේ හැකියාව පිළිබඳව මෙම 25දා රැස්වෙන මැතිවරණ කොමිසම් සභාව සලකා බැලෙනු ඇතැයි ද එම කොමිසම් සභා ආරංචි මාර්ග කියයි.

දමයන්ති ගමගේ

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2323

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1537

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 814

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1826

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5462

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3412

Please publish modules in offcanvas position.

Web Analytics