Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අද (10) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබූ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කෙරිණ.

එහිදී රුපියල් ලක්‍ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහක ශරීර ඇප මත ඇය මුදා හරින ලද අතර ඇගේ විදෙස් ගමන්ද තහනම් කොට ඇත.

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන තිහක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගම ඔස්සේ විශුද්ධිකරණය කළ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද විත්ති කරුවෙකු ලෙස නම් කොට ඇති අතර ඔනෙල්ලා ද සමඟ නඩුවේ විත්ති කරුවන් තිදෙනෙකු රටින් පලා ගොස් ඇති බව මින් පෙර අධිකරණයේ දී ප්‍රකාශ විණි.

ඔනෙල්ලා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක දීය.

ඒ.ජී. රේණුකා

 

 

වතුකම්කරුවන්ගේ ඉඩම් අයිතිය, වතුකරයේ රාජ්‍ය දේපල විකිණීම නතර කිරීම, වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම, ඇතුලු වතුකම්කරුවන්ගේ මෙතෙක් නොවිසඳුණු ගැටළු හා වතු සමාගම් විසින් වතුකම්කරුවන් වෙත මෙතෙක් නොගෙවා ඇති සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල හා පාරිතෝෂික දීමනාව ලබා දෙන ලෙස බලකරමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (10) හැටන් බස්නැවතුම්පොළේදි පැවැත්වුණි.

කදුරට ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වු ව්‍යාපාරය විසින් මෙම ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහන සංවිධානය කර තිබුණු අතර මෙහිදි අත්පති‍්‍රකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කෙරිණ.

මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස බලකරමින් ජනාධිපතිවරයා වෙත තැපැල් පත් යොමු කිරිමක්ද මෙහිදි සිදුකරනු ලැබිණ.

මෙම දැනුවත් කිරිමේ වැඩ සටහන් වතුකරය පුරා ක්‍රියාත්මක කරන බවට සංවිධායකයෝ කියති.  

හැටන් රංජිත් රාජපක්‍ෂ   

 

 

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් 'ගවර්ස් කෝපරේට්' සමාගම හරහා විශුද්ධි කරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක විත්තිකාරිය වන ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා කටුනායක ගුවන්තොටුපළේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සතු සමාගමක් බව පැවසෙන එහි ඔනෙල්ලාද අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කර ඇතැයි පැවසේ.

එස්.ටී.පී සිල්වා

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පළාත් පාලන ආයතනවල සභිකධුර ප්‍රමාණය ගැසට් කළ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව සිය කොමිසමට ලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය.
මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත යන පනත් තුන පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එම පනත් සම්මත වීමත් සමගම පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ගැසට් කිරීමට විෂයභාර අමාත්‍යවරයාට අවස්ථාව හිමි වේ.
ඒ අනුව සභික සංඛ්‍යාව විෂයභාර අමාත්‍යවරයා විසින් හැකි ඉක්මනින් ගැසට් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ වුවහොත් බොහෝ දුරට ජනවාරි මාසය ඇතුළත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා කීය.

ලසන්ත විරකුලසූරිය,ගයාත්‍රි ගීගනආරච්චි

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක්ව තිබූ මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත් තුන පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත් තුන විවාද කර සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව විශේෂයෙන් රැස්විය. අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් විවාදය ආරම්භ කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද එම විවාදයට එක්විය.
විවාදය පැයක පමණ කාලයක් පැවැති අතර එම පනත් සඳහා සංශෝධන එක්කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත් තුන සම්මත විය.

පැතුම් වික්‍රමරත්න/ප්‍රසාදිකා ජයවර්ධන

උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට හේතුව රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී එම ප්‍රශ්නයට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට ගෙන ඇති තීරණය එහි සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව ද ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

උතුරු කොරියාවට එරෙහි ආර්ථික සම්බාධක පැනවීම ලොව විවිධ රටවල් මඟින් සිදුකරන ලද මුත් ශ්‍රී ලංකාව මෙතෙක් එවැනි පියවරක් ගෙන නොතිබුණි. නමුත් මෙම තීරණය උතුරු කොරියාව සමඟ මිත්‍රශීලී රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති මධ්‍යස්ථ ප්‍රතිරූපය පලුදු කරවන්නක් බව දේශපාලන විචාරකයෝ කියති.

දමයන්ති ගමගේ

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට පිවිස මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා අද පස්වරුවේ රහස් පොලීසියට භාරවී ඇත.
ඒ ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මාර්ගයෙනි.මෙම මුල්‍ය අපරාධය සම්බන්ධ වීඩියෝ සාක්ෂි අනුව කිසියම් පුද්ගලයකු ලංකා බැංකුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් රැගෙන ගිය බව තහවුරු වී තිබේ.මෙම මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් හිටපු යුධහමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරියකුගේ පුත්‍රයකුද දැනට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

එස්.ටි.පි.සිල්වා

ගැබිණි ගුරුවරියන් සඳහා යෝග්‍ය විනයානුකූල දිග ගවුමක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පියවර ගෙන ඇත.

රැකියාවන්හි නියුතු සෑම ගැබිණි කාන්තාවන්ටම ඒ සඳහා සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටිය හැකි වුවද ශ්‍රී ලාංකිය ගුරුවරියන්ට පාසලේ දී එවැනි ඇඳුමක් ඇඳ සිටිමට අවසර නොලැබීම කනගාටුවකට කරුණක් යැයි අමාත්‍යවරයා කියයි.

ඒ අනුව ගැබිණි ගුරුවරියන්ට පාසලේදී ඇඳීමට සුදුසු දිග ගවුම් විලාසිතාවක් චක්‍රළේකයක් මගීන් ඉදිරි කාලය තුළඳී හදුන්වා දීමට නියමිතය.

හෙට (10)  දින පැමිණෙන ලෙස හම්බන්තොට පොලීසිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ අතර ඔහු අද (09) පෙරවරුවේ පොලීසියට පැමිණ තිබුණේ හෙට (10) දින අළුත්කඩේ උසාවියේ නඩුවක් ඇති බව පවසමිනි.  එහෙත් අද (09) අද දින ප්‍රකාශයක් ගැනීමට කාලය ප්‍රමාණවත් නැති බව පොලීසිය පැවසූ බවත් ඉදිරියේදී තමන්ට පොලීසියෙන් නැවත පැමිණීමට දිනයක් දන්වන බවත් පොලීසියේ සිට ආපසු පැමිණි මන්ත්‍රී වරයා ප්‍රකාශ  කෙළ්ය.

ඔහු කළ ප්‍රකාශය මෙතනින්,

 

චන්ද්‍ර සේන ගමගේ

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දහසක් පමණ ජර්මනිය තුළ තවමත් ක්‍රියාකාරීව සිටින බව එරට නවතම බුද්ධි අංශ වාර්තාවක් අනාවරණය කර ඇත.
ජර්මනියේ ජාතික බුද්ධි අංශයක් මගින් පසුගිය වසරේ දත්ත ඇසුරින් එළිදැක්වූ නවතම වාර්තාවක් මගින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කර ඇත.
මෙම තත්ත්වය යුරෝපයේ සාමයට අහිතකර බලපෑමක් එල්ලකරනු ඇති බවද මෙම වාර්තාවේ දැක්වේ.
එල්.ටී.ටී.ඊ.ය ඇතුළු ලෝකයේ තහනම් කරන ලද ත්‍රස්ත සංවිධාන රැසක පුද්ගලයන් 30,000ක පමණ පිරිසක් ජර්මනිය තුළ ක්‍රියාත්මක වී සිටින බව එම වාර්තාවේ දැක්වේ. මෙම පිරිසට  ඉස්ලාමීය අන්තවාදීන්ද ඇතුළත් බව වාර්තාවේ විශේෂයෙන් දක්වා ඇත.
එහෙත් පසුගිය වසර වන විට ජර්මනිය තුළ සක්‍රීයව සිටින ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම ත්‍රස්තවාදීන්ගේ ඉලක්කගත රටවලට අහිතකර බලපෑමක් වනු ඇති බව ජර්මානු බුද්ධි අංශය අවධාරණය කරයි.
 
පැතුම් වික්‍රමරත්න

එක්සත් නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාව තුළ බලය බෙදා හැරීමට එකඟ නොවූවහොත් නැවතත් ප්‍රචණ්ඩත්වය මතු විය හැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු හා  ශාන්තිකා 6 කලාප භාර රාජ්‍ය අමාත්‍ය මැක් ෆීල්ඩ් මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු නිවේදනයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මෙම කරුණු අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාවගෙන් 50ක් ජීවත් වන්නේ රටෙන් බැහැරව  බව පෙන්වා දෙන සම්බන්ධන් මහතා පවතින තත්ත්වයට දිගු කාලීන විසඳුමක් නොලැබුණහොත් රට හැර යන දෙමළ ජාතීන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇතැයිද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
උතුරු නැගෙනහිර පළාත් දෙක නැවත එක් කිරීමේ අවශ්‍යතාවය තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය අමාත්‍යවරයාට පැහැදිලි කර දුන් බවද සම්බන්ධන් මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
රටේ පුරවැසියන් වශයෙන් ජනතා සංවිධානයේ මූල ධර්ම පදනම් වූ සමාජයීය, සමාජකෘතික, ආර්ථික හා දේශපාලන යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනතාවට බලය ලැබෙන එකඟතාවක් ඇති කර ගැනීම තම අපේක්ෂාව වී ඇති බවද විපක්ෂනායකවරයා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
 
ජයසූරිය උඩුකුඹුර
IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1600

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2684

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1904

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1672

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2162

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3363

Please publish modules in offcanvas position.