Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගම්පහ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ අවිවාහක තරුණයෙකු ඊයේ (05) රාත්‍රී විදුලි සැර වැදීමකින් මිය ගොස් ඇත. පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණය නිසා බිදවැටීමට ලක්ව තිබූ මෙම විදුලි රැහැන් පද්ධතිය පෙර පරිදි යථා තත්වයට පත්නොවු නිසා මෙම අනතුර සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

මෘත දේහය මේ වන විට ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර හදීසි මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

එස්.ටී.පී.සිල්වා

යෝජිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයා සහ සියලු තේරීම් භාර නිලධාරීන් හා සහකාර මැතිවරණ කොමසාරිස්වරු සමග විශේෂ සාකච්ඡා 2 ක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් 7 දා පැවැත්වේ.
මැතිවරණ නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව උපරිම බලය යොදවා ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සහ මැතිවරණ කටයුතු සඳහා ‍පොලිස් ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයා සමග මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මැතිවරණයට නාමයෝජනා භාරදීමට නියමිතව ඇති මේ මස 11-14 හා 18-21 යන කාලසීමාව තුළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු පිළිබඳවත්, පැමිණිලි ඒකක පිහිටුවීම සම්බන්ධයෙනුත්, තේරීම් භාර නිලධාරීවරු හා සහකාර මැතිවරණ කොමසාරිස්වරු සමග මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එමෙන්ම ‍පොලිස්පතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී, නාමයෝජනා භාරදීමේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වළක්වන ආකාරය පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිතව ඇත.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපා හැර නීතිය මගින් ඔවුන්ගේ මන්ත්‍රී ධුරයද අහෝසි කිරීමට කටයුතු කරන බව වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට අනුබල දීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවකදී සමරසිංහ මහතා එසේ කීය.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මෙම පිරිස පක්ෂය විනාශ කිරීමට සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් නිකම් බලාසිටිය නොහැකි බවද ඇමැතිවරයා පැවැසීය.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහි සිටින ඉහළම කෙනාගේ සිට පහළම කෙනා දක්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි උත්සාහයක නිරත නමුත් ඔවුන්ට සමගි වීමට අවශ්‍යතාවක් තිබෙන බව දක්නට නොලැබෙන බවද කීය.
සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සිටින්නේ තමන් ළඟ යැයි ඔවුන් පැවැසුවද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් නම් පන්සල්වල නොසිට ඩාලි පාරේ පිහිටි මෙම පක්ෂ මූලස්ථානයට පැමිණිය යුතු බවද පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි

පළාත් පාලන ආයතන බදු සහ බදු කුලී සඳහා යැයි පවසමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් මාසය තුළ පමණක් වැය කළ රුපියල් හය කෝටි හැට ලක්ෂ හතළිස් දහසක අතිරේක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඊයේ (05) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි.  
ඉහත වැය කිරීමට අමතරව තවත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් විසින් ඔක්තෝබර් මාසය තුළ අතිරේක ප්‍රතිපාදන ලෙස රුපියල් කෝටි එක්දහස් එකසිය හැත්තෑ හතර ලක්ෂයක මුදලක් වැය කළ බව මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් දක්වා ඇත.
එහිදී ඇස්තමේන්තු ගත රජයේ ණය මුදල ඉක්මවා අතිරේකව ගෙවූ මුදල සඳහා රුපියල් එකසිය හැට හත්කෝටි විසි නව ලක්ෂයක් ඔක්තෝබර් මාසය තුළ ගෙවා ඇත.
රිදියගම රැඳවුම් මධ්‍යස්ථානයේ යාචකයින් පුනරුත්ථාපනය සඳහා එම මාසය තුළ රුපියල් කෝටියක මුදලක්ද එම මධ්‍යස්ථානයට ගිලන් රථයක් හා කුඩා ට්‍රක් රථ දෙකක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ අනූවක්ද වැය කර ඇති බව පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.
තවද මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට ගෞරව පිණිස ස්මාරකයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් කෝටි තුනක ප්‍රතිපාදන ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන්කර ඇති බවද දැක්වේ.
 
පැතුම් වික්‍රමරත්න, ප්‍රසාදිකා ජයවර්ධන

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව රජයේ පාසල් සිසුන් සඳහා නොමිලයේ ලබාදෙන පෙළ‍පොත් ප්‍රමාණය මෙවර සියයට පනහක් දක්වා අඩුකර ඇති බවට ලංකා ගුරු සංගමයේ ‍ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරයි.
අයවැයෙන් පෙළ‍පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2500ක් වෙන්කර ඇතත් එම මුදලින් සම්පූර්ණ පෙළ‍පොත් ප්‍රමාණය මුද්‍රණය නොකර නියමිත ප්‍රමාණයෙන් අඩක් පමණක් මුද්‍රණය කර පාසල් වෙත යවා ඇති බවත් මෙසේ පිටපත් සංඛ්‍යාව අඩුකළද මුද්‍රණ වියදමෙහි අඩුවක් සිදුව නැති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දේ.
අලුත් පෙළ‍පොත් නොලැබුණු සිසුන්ට පැරණි භාවිත කළ පෙළ‍පොත් ලබාදී ඇති අතර ඒවා විවිධ දෑ ලියූ අබලන් වූ ඒවා බවද ඔහු පෙන්වා දේ. මෙම සිසුන්ට නව පෙළ‍පොත් අවැසි නම් මුදල් ගෙවා ලබාගත හැකි බවට චිත්‍රයක් මැවීමට කලක පටන් පෙළ‍පොත්වල මිලත් මුද්‍රණය කිරීමට රජය කටයුතු කළේ යැයිද හෙතෙම චෝදනා කරයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් බලධාරීන් මෙලෙස නිදහස් අධ්‍යාපනය වළපල්ලට යැවීමට ක්‍රියාකිරීම නින්දිත බවද ඒ මහතා පෙන්වා දේ. මීට අමතරව 3-4-5 ශ්‍රේණි සඳහා අවශ්‍ය ගුරු අත්‍පොත් මතෛක් මුද්‍රණය කර ගැනීමට වැඩබලන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්වරයා අසමත්ව ඇති අතර වෙනත් පෞද්ගලික ආයතන ඒවා මුද්‍රණය කර ගුරුවරුන්ට රුපියල් 1100ක් වැනි මුදලකට අලෙවි කරන බවද සඳහන් වෙයි. මේ සඳහා පාසල්වල මුදල්ද ගුරුවරුන්ගේ පෞද්ගලික මුදල්ද වියදම් වන අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණු යැයි සඳහන් පැමිණෙන ගුරුවරුන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද ලංකා ගුරු සංගමයේ ‍ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. 
පෙළ‍පොත් මුද්‍රණයේ අඩුවක් ඇතැයි ලංකා ගුරු සංගමය නගන චෝදනාව පදනම් විරහිත එකක් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා මේ බව අප කළ විමසීමේදී අවධාරණය කළේය.
1-5 වසර සඳහා සියලුම පෙළ‍පොත් අලුතින් ලබාදෙන බවත් 9 වසරේ සිට නව විෂය මාලා හේතුවෙන් සියලු පෙළ‍පොත් අලුතින් මුද්‍රණය කර ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
6-7-8 වසර සඳහා පමණක් භාවිත කළ පෙළ‍පොත්වලින් සුදුසු ඒවා පමණක් තෝරා නැවත භාවිත කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ බවද ඒ මහතා පවසයි.
 
මිහිරාන් කරුණාරත්න

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක අනුරාධපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහයෝගය දීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා එ්කාබද්ධ විපක්ෂය එක්වී ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කළ යුතුයැයි දැඩි ස්ථාවරයක සිටි වීරකුමාර දිසානායක මහතා දෙපාර්ශ්වයේ සාකච්ඡුා බිඳ වැටීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කළේය.
ඔහු මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරීමට ඊයේ (5) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක්ද පැවැත් වූ අතර ඉන් පසුව ඔහු මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබිණි.
එම නිවේදනයේ වැඩිදුටත් සංක්‍ෂිප්තය මෙසේය.
ශී‍්‍ර .ල.නි.ප.ය දෙකට කැඩිමෙන් 2020 වසර වික‍්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වීම වැලැක්විය හැකි නම් අනිවාර්යයෙන් දෙකට කැඩිය යුතුය. නැතිනම් රනිල් 2020 වසර විධායක ජනාධිපති වීම වැලැක් වෙන්නේ දෙකඩ නොවී එකට සිට අරගල කිරීමෙන් නම් කිසිසේත්ම ශී‍්‍ර .ල.නි.ප.ය කැඞීමට ඉඩ නොදිය යුතුය.
අද කළ යුතු වන්නේ ‘‘වෙනස’’ වෙනස් කිරීමය. වෙනස වෙනස් කිරීමේ උපාය හරි සරළය. එම උපාය වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔවුන්ගෙන් මුදවාගෙන ශ‍්‍රීලනිපයද දෙපයින් සිටුවා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ‍්‍රීලනිපයේ ජාතික අභිලාශයන්ගෙන් වටකර ඒකීය රාජ්‍යයත්, ජාතික ආර්ථිකයත් අරක්‍ෂා කරගැනීමය. ගෝලීය අධිරාජ්‍යවාදයටත්, බෙදුම්වාදීන්ටත් සරළ හා පහසු බුද්ධිමත්ම පිළිතුර මෙය වන බව විද්‍යමානවේ. සියලූ සකලවිධ සතුරන්ගේ හිස කුඩුකල හැකි පහරදීමද මෙයයි.
වර්තමානයේ ඇත්ත වශයෙන්ම කළයුතු වන්නේ ඒකාබද්ධ විපක්‍ෂයත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් ප‍්‍රමුඛ සියලූම වාමාංශික බලවේග හා දේශපේ‍්‍රමී කොටස් ද, ජාතික හා දේශහිතෛශි සංවිධානද, ප‍්‍රගතශීලි ජනතාව හා ජනතා ව්‍යාපාරද, සියලූ බුද්ධිමත් ප‍්‍රජාවද එකට එකතුකර මහා ජාතික බලවේගයක් නිර්මාණය කිරීමය එම බලවේගයන්ට නායකත්වය දීමය. නොඑසේ නම් අපගේ මාතෘභූමිය මේ පරසතුරු උගුලෙන් ගලවා ගත නොහැකිය. එකී තත්ත්වයට පිටින් සැලසුම් හදන සියලූ දෙනා ගමන අවසාන කරන්නේ පරසතුරන්ගේ උගුල්වල දිවා ? දේකේම වැටි වැටී මරලතෝනි දෙමින්ය. ප‍්‍රහාරයේ ප‍්‍රමාණය හා උපාය හඳුනා නොගෙන සටන් කිරීම මෝඩකමකි. දුර්වලකමකි.
මෙම තත්ත්වය මා මීට වසරකට පෙර සිට ජා.නි.පෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කලෙමි. දැනට මාස තුනක පමණ සිට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමට හා නායකයින් හට ද විටින් විට පවසා ඇත. පසුගිය සතියේ ඒකාබද්ධ කණ්ඩායම් රැුස්වීමේදී ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ද මේ පිළිබදව කරුණු ඉදිරිපත් කළෙමි.
”මම ඔබට රහසක් පවසන්නෙමි” ඒකාබද්ධ විපක්ෂයේ සිටින ජේෂ්ඨ නායකයින් හා මන්තී‍්‍රවරු බොහෝ දෙනෙක් මෙම සත්‍ය තේරුම් ගෙන සිටී. ඇතැම් මන්තී‍්‍රවරුන් හැඟීම්බරය.ඒ නිසා මෙකී සත්‍ය ඔවුන්ට නොතේරෙයි. ”මම තවත් රහසක් ඔබට පවසන්නෙමි” ඒකාබද්ධයේ මන්තී‍්‍රවරුන් බොහෝ දෙනෙකු ජනතාව වන ඔබට බියවී ඇත. ඒ මක් නිසාද යත් ඔබ ඔවුනට මනාපයක් නොදී සිටීවි යැයි සිතාය. ඔබ අමනාප කරගැනීමට අකමැති නිසාය. 
මටනම් එහි හරයක් හා ගැඹුරක් නොපෙනෙන්නේය. ජනතාවට සත්‍ය පවසා තිබීම අප දිණුවත් පැරදුණත් වඩාත් සුදුසු වන්නේය. නැතිනම් කවදා හෝ ඔබ අපට දොස් පවරනු නොඅනුමානය. මාගේ හෘදසාක්ෂියට එකඟව මට එය කළ නොහැක. 
 
කමණි හෙට්ටිආරච්චි

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීම සඳහා මේ වන විට ලැබි ඇති නාමයෝජනා අයැදුම්පත් 24000 ද ඉක්මවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ කොට්ඨාසවලට ඉදිරිපත් කළ යුතු නාම යෝජනා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් පමණ ඉක්මවන පිරිසක් මෙලෙස අපේක්ෂකත්වය ඉල්ලීම නිසා එක්සත් ජාතික පෙරමුණේ ජාතික නාම යෝජනා මණ්ඩලය උග්‍ර අර්බුදයකට මුහුණ පා ඇතැයි ද ඒ මහතා කීය.
ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ ද එක්සත් ජාතික පෙරමුණෙන් නාම යෝජනා ගැනීම සඳහා නම් ඉදිරිපත් කර තිබිම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීම තියුණු තත්ත්වයක පවතින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
ආසන සහ දිස්ත්‍රික් මට්ටමින් සකස් කරනු ලැබූ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සිරිකොත පක්ෂ මූලස්ථානයට මේ වන විට ඉදිරිපත් කර ඇත. ඊට අමතරව පක්ෂ මූලස්ථානයට සෘජුවම අයදුම් කළ 17000 ගේ නාමයෝජනා ඉල්ලුම්පත් ද පක්ෂ මූලස්ථානයේ සංශෝධන ලැයිස්තු ලෙස සකස් කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන අවසන් අපේක්ෂක ලයිස්තු ජාතික නාම යෝජනා මණ්ඩලය මගින් සකස් කරන අතර සියලු අපේක්ෂක නාම යෝජනා ලයිස්තු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින ජාතික නාම යෝජනා මණ්ඩලය වෙත මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව පවතින බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
 
ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

ඉදිරි දින කිහිපයට තුළ ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙහි ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (05) සිට ලබන 08 වෙනිදා තෙක් මෙම තත්ත්වය බලපැවැත්විය හැකි අතර විශේෂයෙන් පොතුවිල් - ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශයේ අව පීඩන තත්ත්වය සක්‍රීය විය හැකි අතර දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතු වල යෙදෙන ධීවරයන් බංග්ලාදේශය දෙසට යාත්‍රා කිරීමෙන් ආරක්ෂාව සලසාගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

එස්.ටී.පී.සිල්වා

 

 

අයහපත් කාලගුණය නොතකා ගන්දර මුහුදු තීරයේ ඊයේ (04) සවස මුහුදු ගිය ධීවරයෙකු මුහුදේ දී අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙවිනුවර හුම්මාන පාරේ පදිංචි 68 හැවිරිදි ධීවරයෙකි.

මුහුදේ දී අකුණු අනතුරට පත් මෙම ධීවරයා ඔහු සමඟ ගිය සෙසු ධීවරයා විසින් මාතර මහ රෝහලට ඇතුලත් කොට ඇතත් ඒ වන විට ද මියගොස් ඇතැයි පැවසේ.

 

 

මීට සුළු මොහොතකට පෙර නාකුළුගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්‍ෂ 50 කට අධික මුදලක් පැහැර ගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී සිදුවූ වෙඩි තැබීමකින් එක් ගණුදෙනු කරුවෙකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කොට ඇත.

චන්ද්‍රසේන ගමගේ - තංගල්ල

 

 

 

යාපනය මිසාලෙයි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (04) රාත්‍රී කිසියම් පුද්ගලයෙකු විසින් කපා කොටා දමා ඇත. මෙම ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා වාලච්චෙනෙයි රෝහලට ඇතුලත් කොට ඇති බව වාර්තා වෙයි.

මෙය කිසියම් සංවිධානාත්මක ප්‍රහාරයක් ද යන්න මේ වන විටත් නිශ්චය කොට නොමැති බව පවසන පොලිසිය ආවා කල්ලිය මර්දනය කිරීම වෙනුවෙන් විශේෂ පොලිස් බලකා සෙබලුන් සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1264

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2716

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8213

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4111

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4333

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 5998

Please publish modules in offcanvas position.