Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මේ වන විට ක්‍රියාත්මක වන දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය සඳහා අද (7) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ද එක් වන බව එම සංගමයේ ප්‍රකාශකයෙක් කියයි. මේ අතර ඉදිරියේ පැවැත්වෙන අපොස සා.පෙ විභාගයට පෙනි සිටින සිසුන් හට මෙමගින් ඇති විය හැකි දුෂ්කරතා සලකා එය කල් දමන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කරන ලද ඉල්ලීමට මේ තාක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ අතර ඉදිරි පාසල් නිවාඩු සමයේ දුර සේවා දුම්රිය මගින් ඉටුවන මගී අවශ්‍යතා සදහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

එස්.ටී.පි සිල්වා

බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීම නවතා දමන බවට බලධාරීන්ගෙන් නිසි පොරොන්දුවක් ලැබෙන තුරුම ඊයේ (6) මධ්‍යම රාත්‍රීයේ ඇරඹු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රීයාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය සදහන් කරයි.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කරනුයේ මේ වන විටද එලෙස රියදුරු සහායකයන් බඳවා ගැනීමට අදාල බලධාරීන් කටයුතු කොට ඇති බවය.

එස්.ටී.පි සිල්වා

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ‍පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ඊයේ (6) දින දක්වා නිකුත් කොට තිබූ අතුරු තහනම් නියෝගය ලබන 15 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් එදින විභාගය ආරම්භ කිරීමටද අභියාචනාධිරණයේ සභාපති විනිසුරු එල්.ටී.බි. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් තීරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව ‍පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් ‍පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත එම අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණි. නීතිපතිවරයාට කරුණු දැක්වීමට අවසර ලබාදීමකින් තොරව පසුගිය 29 වැනිදා අභියාචනාධිකරණය විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විරෝධතාවය දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා එහිදී විනිසුරු මඬුල්ලට පෙන්වා දෙමින් ලිඛිතව අධිකරණය හමුවේ විරෝධතා ගොනු කළේය.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සමග ඇතිකරගත් ගිවිසුමක් අනුව තංගල්ල වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉඳිකළ බවත් එහිදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය විශ්වාසය කඩකළේ යැයි චෝදනා කරමින් ‍පොදු දේපළ පනත යටතේ තමාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත් පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි. ‍පොදු දේපළ පනත යටතේ විමර්ශන කර තමාව අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරනුයේ ඇප ලබානොදී දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ අදිටනින් බැවින් සහකාර ‍පොලිස් අධිකාරීවරයකු විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති සහතිකය අත්හිටුවන ලෙසටද ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

නිශාන්ති රාමනායක
කොළඹ අධිකරණ

ඉදිරි පළාත් පාලන මැතිවරණය සාමකාමීව නිත්‍යානුකූලව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව පැවැත්වීම සඳහා සියලු පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ඇතැම් අය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අපේක්ෂකයන් හා සාමාජිකයන් ඇද ගැනීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සූදානමක් තිබෙන බවට තොරතුරු ලැබි තිබෙන බවද එවැනි යම් තත්ත්වයක් සඳහා උත්සාහ කරන පුද්ගලයන් නීතියේ රැහැනට අල්ලා දීමට පියවර ගත යුතු බවද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයන්ට දන්වා ඇත.
දැනටමත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ සන්ධානයට විශේෂ ජයග්‍රහණයක් හිමිවන බව බුද්ධි අංශ පෙන්වා දී තිබෙනවා. මේ නිසා තමයි මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ කරන්න. මැතිවරණය කල් දාගන්න නොහැකි වුවහොත් ඒකාබද්ධ විපක්ෂය තුළ භේද ඇති කිරීමේ කුමන්ත්‍රණයක් දැනටමත් දියත් කර තිබෙනවා. මොන විදිහකින් හෝ අපේ ජයග්‍රහණය වැළැක්වීමට එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් සියලු අපේක්ෂකයන් හා පාක්ෂිකයන් දැනුවත් කර මැතිවරණය සාමකාමීව පවත්වා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරවීමට සියලුදෙනා කැපවිය යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ජයසූරිය උඩුකුඹුර

 

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තනි පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වෙනුවෙන් ලබන සතියේදී ඇප මුදල් තැන්පත් කරන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන ආයතන සඳහා තනි දේශපාලන පක්ෂයක් මෙසේ තරග කරනු ලබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර මෙම පක්ෂය තරග වදින්නේද අලියා ලකුණ යටතේය.
මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා රජයේ හවුල්කාර පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මේ වන විට තම අපේක්ෂකයන්ගේ නම් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත යොමු කර ඇති අතර හවුල්කාර පක්ෂ සඳහා දෙන නාම යෝජනා කෝටාව තීරණය කරනු ලබන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්වෙන ජාතික නාම යෝජනා මණ්ඩලයේදීය.
අලියා ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ප්‍රබල පක්ෂ රැසක් අපේක්ෂිත ලැයිස්තු ඉදිරිපත් කර ඇති බැවින් අදාළ පක්ෂවලට වෙන් කරන නාම යෝජනා පිළිබඳ කෝටාව තීරණය වූ විගස ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන බව එක්සත් ජාතික සන්නිවේදන  බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහා පැවැසීය.

ලසන්ත වීරකුලසූරිය /ශානිකා මාධවී පීරිස්

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුම අත්සන් තැබිමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පැවැසීය.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් ඉන්ටර්නැෂනල් ‍පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් ‍පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම අතර හවුල්කාරීත්ව ගිවිසුමක් 2017 ජුලි 29 දා අත්සන් තබා තිබේ.
ඒ අනුව හම්බන්තොට වරාය සංවර්ධන සඳහා ස්ථාපනය කරන ද විශේෂිත කාර්ය සමාගම් දෙකක් වන ඉන්ටර්නැෂනල් ‍පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් ‍පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම විසින් එම ගිවිසුමේ එකඟතා අනුව සිය මෙහෙයුම් කටයුතු 2017 දෙසැම්බර් 9දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ අනුව මෙම සමාගම් සහ සීඑම් ‍පෝර්ට් සමාගම අතර අත්සන් තැබිමට නියමිත කොටස් හිමිකාරීත්ව ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලය මෙසේ අනුමැතිය ලබාදී ඇත.

පානුක රාජපක්ෂ

හම්බන්තොට වරාය  සේවකයන්ට කලින් ලබාදීමට  තීරණය කර තිබූ වන්දි මුදලට වඩා තුන් ගුණයක වන්දියක් සමග  මාස පහමාරක වැටුප්ද ගෙවීමට  රජය තීරණය කර ඇති බව  සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා  පැවැසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය මේ පිළිබඳව කළ ප්‍රශ්න කිරීම්වලදී   අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය.
මෙම සේවකයන්ට කැමතිනම් අදාළ වන්දි මුදල් හා සියලු දීමනා ලබාගෙන නැවතත් හම්බන්තොට වරාය සමාගම් තුළ සේවය කිරීමටද අවස්ථාව ලබාදෙන බව දයාසිරි ජයසේකර මහතා පැවැසීය.හම්බන්තොට වරාය සේවකයන් දේශපාලන අතකොලු  බවට පත්ව සිටින බවත්  එයින් මිදී  එළියට ඇවිත් රජය ලබාදෙන මේ සහනය ලබා ගන්නා ලෙසද අමාත්‍යවරයා පැවැසීය.

පානුක රාජපක්ෂ

අද(06) මධ්‍යම රාත්‍රියේ සිට පොල්, කරවල සහ පරිප්පු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනය කොට ඇත.

ජීවීන වියදම් කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම උපරිම සිල්ලර මිල නියම කළ බව පැවසූ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් ලෙසෙද පරිප්පු කිලෝකව උපරිම සිල්ලර මිල රුපියල් 130ක් ලෙසද කට්ට කරවල කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් දහසක් වශයෙන්ද නියම කර ඇතැයි පැවසීය.

ඒ අනුව එම සිල්ලර මිල අභිබවා එම භාණ්ඩ අලෙවි කරන වෙළදුන් හට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා පැවසීය.

දමයන්ති ගමගේ

මෙවර පලාත් පාලන මැතිවරණයේ කාර්යභාර පොලිස් නිලධාරීයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පත් කොට ඇත. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත්වීම ලබාදී ඇත.
ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ඔහු මෙම පත්වීම ලබා ඇත්තේ මීට පෙර මැතිවරණ භාරව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතාගේ විශ්‍රාම යාමත් සමඟය.

එස්.ටී.පී.සිල්වා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් අභියාචනාධිකරණය විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලබා දුන් අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අද අභියාචනාධිකරණය නියෝග කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මව්පියන් අනුස්මරණය කිරීම සඳහා ඉදිකරන ලද ස්මාරකය සහ කෞතුකාගාරය සඳහා රාජ්‍ය මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහුට එරෙහිව චෝදනා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ අතර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයවෙත පෙත්සමක් මගින් ප්‍රකාශ කර සිටියේ තමන් පොලිස් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති අතර එය වළකාලන නියෝගයක් නිකුත්කරන ලෙසය.

එස්.ටී.පී.සිල්වා

දුම්රිය රියදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කොට අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට ලෝකොමොටිව් ඔපරේටිව් ඉංජිනියර්ස් යුනියන් හෙවත් දුම්රිය රියදුරු සංගමය තීරණය කර ඇත.

එහෙත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනුයේ රියදුරු සහායකයන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩු දෙකක් සමතයකට පත්වී ඇති පසුබිමක එය මුල්කොට මෙවන් වැඩ වර්ජනයක් සිදු කිරීම අසාධාරණ බවය.

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1264

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2716

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8213

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4110

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4333

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 5998

Please publish modules in offcanvas position.