Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පසුගිය වැඩ වර්ජනයෙන් මුළු මනින්ම පාහේ අඩාල වී තිබූ දුම්රිය සේවය මේ වන විට 90% පමණ යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

අද (13) පස්වරු වන විට ඉතිරි සියලුම දුම්රිය ධාවන ගමන්වාර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 

ලංකා සතොස මගින් රුපියල් 84/- ට අලෙවි වූ සම්බා සහල් කිලෝවක් රුපියල් 83/- ට ද රුපියල් 74/-ට අලෙවි වූ නාඩු සහල් කිලෝවක් රුපියල් 73/- ට ද දැන් මිලදී ගත හැකි බව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට සතොස තොග වෙළඳ මධ්‍යස්ථාන 22 ක් සඳහා මෙම මිල යටතේ පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට අවශ්‍ය සහල් තොග මුදා හැර ඇති බවය.

එස්.ටී.පී සිල්වා

 

 

“වයිබර්, වට්ස්ඇප්” වැනි ජංගම දුරකථන යෙදවුම් භාවිතයේදී ඒවාට අයත් සංකේත දත්ත හා රහස් පද එකිනෙකා අතර හුවමාරු කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවා සිටී.වෙනත් පුද්ගලයන්ගේ දුරකථන අංක භාවිතා කරමින් ව්‍යාජ ලෙස සකසන දුරකථන යෙදවුම් ගිණුම් පිළිබඳව පැමිණිලි රැසක් දැනටමත් තම සංසදය වෙත ලැබි ඇති බවත්, ඒ අනුව මෙම යෙදවුම් භාවිතයේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන ආරක්ෂක තොරතුරු ඉංජිනේරු රොෂාන් බන්දුගුප්ත මහතා පවසයි.
මෙම ව්‍යාජ යෙදවුම් ගිණුම් විවිධ අපරාධ සඳහාද භාවිතා කළ හැකි බැවින් තම දුරකථන යෙදවුම්වලට අදාළ තොරතුරු කිසිවක් වෙනත් අය සමග හුවමාරු කර නොගැනීම වැදගත් බව චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න
 


 

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය හමුවේදී කර ඇති ප්‍රකාශයක් අනුව අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි පෙන්වා දෙමින් මාගල්කන්දේ සුදන්ත හිමි හා විශ්‍රාමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ බුවනෙක අලුවිහාරේ සිසිර ද ආබෘෘ හා අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.
ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත පුද්ගලයින් බවට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා එම පැමිණිල්ල ගොනුකර තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

දුම්රිය රියැදුරන් හදිසියේ ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඊට එරෙහිව ‍පොලීසිය මාර්ගයෙන් විශේෂ විමර්ශනයක් කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (12) පැවැසීය.
දුම්රිය වර්ජනය නිසා මගී ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග
පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (12) පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන්ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
මෙහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ වැඩවර්ජකයින් 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ආරම්භ කරන බව දැනුම් දී ඇති බවත් නමුත් එසේ නොකොට 11 වන දින පස්වරු 5.00ට දුම්රිය වර්ජනය ආරම්භ කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි නිසා ජනතාව අපහසුතාවයට පත් කරමින් කළ මෙම සාපරාධී ක්‍රියාමාර්ගය පිළිබඳව ‍පොලීසිය මාර්ගයෙන් විමර්ශනයක් කරන බවද ඇමැතිවරයා පැවැසීය.
කෙසේ නමුත් මගී ජනතාවට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ශ්‍රී ලංගමය විසින් කොළඹ සිට ‍පොල්ගහවෙල - අළුත්ගම - ගාල්ල  - මීගමුව යන ප්‍රදේශ සඳහා විශේ බස් සේවා ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින්ද පෞද්ගලික බස් රථ සේවා පුළුල් කර ඇති අතර වර්ජනය අවසන් වන තෙක් තාවකාලික මාර්ග බලපත්‍ර නොමැතිව අවශ්‍යතාවය අනුව පෞද්ගලික බස් ධාවනයට බස් රථ හිමියන්ට අවසරය ලබාදී ඇත.
මේ අතර ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා විසින් ලංගමයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත. එමෙන්ම කලින් වෙන් කරන සුඛෝපභෝගී දුම්රිය සේවාවන් සඳහා ශ්‍රී ලංගමයේ වායු සමීකරණය කරන ලද බස් රථ යෙදවීමටද කටයුතු කරන බවත් ලබාගත් දුම්රිය බලපත් මගින් සුඛෝපභෝගී බස් රථවලින් ගමන් කිරීමට හැකි බවත් සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවැසීය.
මේ අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන් හට කොළඹ කොටුවේ සිට ධාවනය වන ශ්‍රී ලංගම බස් රථවල නොමි‍ලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීමට රමාල් සිරිවර්ධන මහතා පියවර ගෙන තිබුණි.

පානුක රාජපක්ෂ

මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් එම තනතුරු වලින් ඉවත්කොට මතුගම නව සංවිධායකවරිය ලෙස හිටපු අමාත්‍ය සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර මහත්මියත් නව   නාවලපිටිය ශ්‍රීලනිප  ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත්සභා මන්ත්‍රී එච්.ඒ රණසිංහ මහතාත් පත්කොට තිබේ.
මේ අතර අත්නගල්ල ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත් කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පත්වීම් ප්‍රකාශකොට නව ආසන සංවිධායක ධුර ඊයේම  ප්‍රදානය කරන ලදි.

එස්.ටී.පි.සිල්වා

ඊයේ පස්වරුවේ හදිසියේ අරඹන ලද දුම්රිය රියැදුරන්ගේ හා නියාමකයන්ගේ වැඩ වර්ජනය මේ වන විට තාවකාලිකව නතර කළ බව දුම්රිය රියදුරු සංගමය ප්‍රකාශ කරයි.ඒ ජනාධිපති ලේකම්  ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව  දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් හදිසියේ දියත් කරන ලද මෙම වැඩවර්ජනය නිසා ඊයේ රාත්‍රීයේ දහස්ගණන් දුම්රිය මඟීන්ට මහමඟ අසරණ වීමට සිදුවිය. මින් කුපිත වු දුම්රිය මඟීහු කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන කාර්යාලවලට  බලහත්කාරයෙන් කඩාවැදීමට සැරසුණු අවස්ථාවේ එහි කාර්යමණ්ඩල කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඇරඹිමට තිබූ දුම්රිය රියදුරු සහ නියාමක වැඩවර්ජනය ඊට පැය කිහිපයකට පෙර ඇරඹීම තමන්ද පිළිකුලින් යුතුව හෙළා දකින බවය.

ඒවන විට එම දුම්රිය ස්ථානවලින් රාත්‍රී දුම්රිය සඳහා ප්‍රවේශපත්‍ර ද නිකුත්කොට තිබිණ.කෙසේ හෝ මෙම කලබලකාරී බව සන්සිඳුවීම පිණීස විශේෂ පොලිස් කණ්ඩායම් කැඳවීමටද සිදුවිය.

ඒ අනුව මෙම වර්ජනය පිළිබඳව බොහෝදෙනෙකු පවසන්නේ සම්මත නීතිරීති සේම සම්මත සදාචාරයද උල්ලංඝණය කළ මෙම වැඩවර්ජනය මෑත ඉතිහාසයේ වෘත්තිය සමිති නාමයෙන් සිදුකළ පහත්ම ක්‍රියාවක් බවය. ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනිම කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් කෙරෙහි සමාන්‍ය මඟීන් තුළ ඇති වු දැඩි අප්‍රසාදය සහ කළකීරීම තව බොහෝ කලක් යන තුරු පහව නොයන බව ඊයේ සහ අද දුම්රිය මඟීන් කළ කී දේ වලින් මනාව පැහැදිලි විය.

එස්.ටී.පි.සිල්වා

වලපනේ පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ හරහා මහනුවර දක්වා ලංගම බස් රථයක් ධාවනයට යෙදවීමෙන් අවේගශීලීව කටයුතු කිරීමට සූදානම්ව සිටින පෞද්ගලික බස් කර්මාන්ත කරුවන් හා‍ සේවකයින් අතින් මිනිස් ජීවිත හා දේපළ හානි සිදුවිය හැකි බවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන ප්‍රවාහන විදුලිබල හා බලශක්ති හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා ලංගම සභාපතිවරයාට අනතුරු අගවන  ලිපියක් යවා ඇතැයි වලපනේ මගී හිමිකම් සුරැකීමේ සමිතිය ප්‍රකාශකරයි.

ඔවුන් පවසනුයේ නීතිය, සාමය රජයන ප්‍රජාතන්ත්‍රවාදී සමාජය වග කිවයුතු දේශපාලඥයෙකු විසින් කෙසේවත් සිදු නොකළ යුතු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් සහිත එම ලිපියේ පිටපතක් තම සමිතිය වෙතද ලැබී ඇති බවකි.

ඒ අනුව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ මහනුවර, රිකිල්ලගස්කඩ, වලපනේ හරහා නුවරඑළියට බස් ධාවනය වූ මාර්ග අංක 626 මාර්ගය පෞද්ගලික බස් රථ ධාවනය වීමෙන් පසු කොටස් කිහිපයකට කැඩී ඇති බවය.  මෙම කොටස් කිහිපයකට බෙදීම නිසා දැනට පැය තුනහමාරකින් පමණ මහනුවර සිට නුවරඑළියට යා හැකි කිලෝ මීටර් 98.3 ක දුර ප්‍රමාණය ගෙවීම සඳහා එම මාර්ගයේ කඩින් කඩ ගමන් කරනා මගියෙකුට පැය 7 – 8 ගතවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

දැනට එම මාර්ග අංකය යටතේ බස් රථ ධාවනය වනුයේ මහනුවර - රිකිල්ලගස්කඩ දක්වා පමණක් බවත් මෙම තත්ත්වය නැති කොට අතීතයේ සාර්ථක බස් රථ සේවාවක් පවත්වා ගෙනගිය  මහනුවර, රිකිල්ලගස්කඩ, වලපනේ හරහා නුවරඑළිය මාර්ගයේ පැවැති ලංගම බස් රථ සේවාව නැවත ස්ථාපිත කරන ලෙසත් තම සමිතිය කලක සිට වගකිවයුතු සෑම අංශයකටම දන්වා ඇතැයි එම සමිතිය කියයි.

එහිදී සියළු පාර්ශවයන්ගේ එකඟත්වය යටතේ මෙම මාර්ගය ඇතුළු වලපනේ ආශ්‍රිත සෙසු මාර්ග වල සිනි කළමනාකරණයක් යටතේ ලංගම බස් රථ සේවාව විධිමත් කළ යුතුව තිබිය දී නැවත ලංගම බස් රථ ධාවනයට යොදවුවහොත් අවේගශීලීව කටයුතු කිරීමට සූදානම්ව සිටින පෞද්ගලික බස් කර්මාන්ත කරුවන් හා‍ සේවකයින් අතින්  දේපළ සහ ජීවිත විනාශ වන බවට මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලංගම සභාපතිවරයා අනියමින් බිය වැද්දීමට උත්සාහ කිරීම ගැන තම සමිතිය විශ්මයට පත්වන බව ඔවුහු කියති.

මෙහිදී පළාත් අමාත්‍යවරයා අතීත තත්ත්වයන් නොසලකා සහ දුරදිග නොබලා හුදෙක් පෞද්ගලික බස් කර්මාන්තය වෙනුවෙන් පමණක් පෙනී සිටන අතර පොදු මගී සුභසාධනය වෙනුවෙන් පෙනී නොසිටීම ඉතා ශෝචනීය කරුණක් බව පෙන්වා දෙන එම සමිතිය නිසි කළමනාකරණ වැඩසටහන් ය‍ටතේ දැනට අහිමි වී ගොස් ඇති මාර්ග අංක 626 මහනුවර - නුවරඑළිය මාර්ගයේ ලංගම බස් රථ සේවාව විධිමත් කරන ලෙසත්, දැනට නවීකරණය වී ඇති මාර්ග පද්ධතිය යටතේ එම ධාවන කාල සීමාවන් අඩුකිරීමට කටයුතු කරන ලෙසටත් අවශ්‍ය උපදෙස් දෙන මෙන් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගෙන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මධ්‍යමපළාත් මාර්ග සංවර්ධන අමාත්‍යවරයා  ලංගම සභාපතිවරයාට යොමුකළ මෙම ලිපියෙහි අනියමින් සිදුකොට ඇති සාපරාධි තර්ජනය පිළිබඳව නීතිමය සහ විනය ක්‍රියා මාර්ගයක් ගන්නා මෙන්ද ඔවුහු ඉල්ලා සිටිති.
 

එම ලිපිය - :
 

සභාපති,

චමල් සිරිවර්ධන මහත්මා,

ලංකා ගමනා ගමන මණ්ඩලය,

නාරාහේන්පිට,

කොළඹ.

හිතවත් සභාපතිතුමනි,

වලපනේ ලංගම ‍ඩිපෝ අධිකාරි තම අභිමතය පරිදි බස් රථ ධාවනයට යෙදවීමෙන් සිදුවිය හැකි දේපල හා ජීවිත විනාශය වහාම නතර කරන ලෙසට කරනු ලබන දැනුම්දීම

වලපනේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ අධිකාරී විසින් ඔහුගේ අභිමතය පරිදි වලපනේ පදියපැලැල්ල රිකිල්ලගස්කඩ හරහා මහනුවර දක්වා බස් රථයක් ධාවනයට යොදවා ඇත. එසේම ඉදිරියේ දී තවදුරටත් බස්රථ තුනක් යෙදවීමට අදහස් කර ඇති බවද පැවසේ.

01.මෙම මාර්ගයේ ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග බලපත්‍ර ලබා දී ඇත.

02.මාර්ගය සඳහා තවදුරටත් මාර්ග බලපත්‍ර ලබාදීම මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය මගින් මාගේ උපදෙස් මත නතරකර ඇත.

03.නව බලපත්‍ර ලබාදීම නතරකර ඇත්තේ ප්‍රමාණවත් බලපත්‍ර නිකුත්කර ඇති නිසාවෙනි.

04.නිකුත්කර ඇති බලපත්‍ර ප්‍රමාණය සඳහා වේලාවන් ලබාදීම නොහැකි බැවින් සමහර බස්රථ දෛනික ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.

05.මෙම මාර්ගයේ බස් රථ ධාවනය සඳහා ඒකාබද්ධ කාලසටහනක් සකස්කර නොමැත. ඒ සඳහා එකඟත්වයද ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ලබාදී නොමැත.

කාලසටහනකට අනුව පෞද්ගලික බස් රථ ධාවනය වුවද කාලසටහනකට අනුව ලංගම බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තකරුවන්ට සිදුවිය හැකි අසාධාරණය පිළිබඳව බස් කර්මාන්තකරුවන් හා සේවකයින් අවේගශීලීව කටයුතු කිරීමට සූදානම්ව සිටින බව පෙන්වා දීමට කැමැත්තෙමි.

මෙම‍ හේතුවෙන් සිදුවිය හැකි යැයි උපකල්පනය කරනු ලබන දේපල විනාශය හා මිනිස් ජීවිත හානිය පිළිබඳව විශේෂයෙන් සොයාබලා ඇතිවිය හැකි ගැටළුකාරී තත්ත්වය නවතා දැමීමට උපකාරීවන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාව වෙත පැවරී ඇති මගී ප්‍රවාහන සේවා සැලසුම් කිරීම, මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම් ආදී කරුණු පිළිබඳව මා වෙත පැවරී ඇති බලතල අනුව නෛතික ක්‍රියාමාර්ගයකට මාහට එළඹීමට ඇති හැකියාව පිළිබඳව ඔබ තුමා දැනුවත් කිරීමට මෙම ලිපිය උපයෝගී කරගනිමි.

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්රථය ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් පැනනැඟිය හැකි තත්ත්වය පිළිබඳව විධිමත්ව සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් අදාල නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මෙයින් කාරුණිකව දන්වමි.

මීට ඉහතදී වලපනේ ඩිපෝවේ අධිකාරී මහතා සාකච්ඡාවට කැඳවුවද ඔහු සහභාගී නොවී ඊට හේතූන් ලිපියකින් දැනුම් දීමට තරම් උද්දච්ච වී ඇති බවද කණගාටුවෙන් සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබගේ විශේෂ අවධානය යොමු කර ජීවිත හා දේපල සුරක්ෂිත කර ජන ජීවිතය යථාතත්වයෙන් පවත්වාගෙන යාමට අදාල නිලධාරීන්ට නියෝග කිරීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.

 

                                                                                          මෙයට

                                                                                          විශ්වාසි

 

                                                                                         එදිරිවීර විරවර්ධන

                                                                                         මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන,

                                                                                         ප්‍රවාහන විදුලිබල හා බලශක්ති          

                                                                                         සහ නිවාස හා ඉදිරිකිරීම් අමාත්‍ය

 

පිටපත් -:

01.සභාපති ජාතික ගමනා ගමන කොමිෂන් සභාව                  - දැ.පි/අ.ක

02.සාමාන්‍යාධිකාරී, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය - දැ.පි/අ.ක

03.ඩිපෝ අධිකාරි (වලපනේ)                                                     - දැ.පි/අ.ක

04.ගොණුවට


සංස්කාරක සටහන,

අමාත්‍යවරයා විසින් මෙම ලිපියෙහි ලංගම සභාපතිවරයාගේ නම සඳහන් කොට ඇත්තේ 'චමල් සිරිවර්ධන' ලෙස වුවද ඔහුගේ නම 'රමාල් සිරිවර්ධන' වන අතර ඒ සම්බන්ධයෙන්ද පළාත් අමාත්‍යවරයා දැනුවත්ව නොමැති බවත් මින් හැගේ.



නුවරඑළිය බස් නැවතුම්පොළේ මාර්ග අංක 626 පර්යන්තයේ අද තත්ත්වය

 

තිලක් සේනාසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූර දරන කුමාර වෙල්ගම, මහින්දානන්ද අළුත්ගමගේ, විදුර වික්‍රමනායක ඇතුළු පස්දෙනෙකු එම සංවිධායක ධූර වලින් ඉවත් කර අද (12) සවස නව සංවිධායක වරුන් පත් කිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව සංවිධායක වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

කමණි හෙට්ටිආරච්චි

දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදීසි වැඩ වර්ජනය නිසා අඩාල වී ඇති දුම්රිය සේවය යථා තත්වයට පත් කර ගැනීම සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය නියුතු විශ්‍රාමික දුම්රිය රියැදුරන් සහ නියාමක වරුන් වහා සේවයට කැඳවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම් අබේවික්‍රම මහතා සදහන් කරයි.

ඔවුන් අද දහවල් සේවයට වාර්තා කිරීමෙන් පසුව අද පස්වරුවේ සිට දැනට අඩාලව පවතින දුම්රිය සේවය සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑ හැකි වෙතැයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර දුම්රිය රියැදුරු සහායකයන් බදාවා ගැනීමේ පටිපාටිය ක්‍රමවත් සකසන තෙක් තම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය රියදුරන්ගේ සහ නියාමකවරුන්ගේ සංගමය පවසයි. අද පෙරවරුවේ විවිධ ස්ථානවල සිට අගනුවරට පැමිණි දුම්රිය කිහිපයක් දුම්රිය ධාවනාගාරවල ගාල් කිරීමෙන් පසු දුම්රිය සේවය මුළු මනින්ම අක්‍රීය වී ඇති තත්වයට පත් වූ බව දෙපාර්තමෙන්තු ප්‍රකාශකයෙක් කීය.

ඒ අතර යළි දුම්රිය සේවය යථාවත් කිරීමට එරෙහිව දුම්රිය ධාවනාගාර තුළ කඩාකප්පල් කාරී ක්‍රියා සිදුවන්නේ ද යන්න පිළිබඳවත් විශේෂ විමර්ශන සිදු කර ඇති අතර ඒවායේ ආරක්ෂාව තර කොට ඇති බවද එම ප්‍රකාශකයා ලක්බිම ඔන්ලයින් වෙත කීය.


එස්.ටී.පී.සිල්වා.

ඡායාරූප - ෆ්‍රෑන්ක් සොයියා

රංජිත් රාජපක්ෂ හැටන්

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරිමේ සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා එක් වීමට එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ විමර්ශකයන් දෙදෙනෙක් මේ වන විට ලංකාවට පැමිණ සිටිති.

ඒ එම මංකොල්ලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරනු ලබන පරීක්ෂණ වලට සහාය දැක්වීම පිණිසය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා සහ හිටපු ජ්‍යෙෂ්ඨ යුධ හමුදා නිලධාරියෙකුගේ පුතෙකු රිමාන්ඩ් බාරයේ පසුවෙති.

තවත් සැකකරුවන් සොයා රහස් පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

ඒ.ජී.රේණුකා

Page 7 of 131

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1600

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2684

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1904

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1672

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2162

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3363

Please publish modules in offcanvas position.