Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිගම්පිටිය ප්‍රදේශයේ දින තුනක් තිස්සේ නවතා තිබූ හිමිකරුවෙකු නොමැති නවීන මොටර් රථයක් පොලිස් භාරයට පත්ව ඇත. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම රථය පරීක්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ නීතිඥයන් අදින කළු කබායක් සහ මදුරු නාශක ස්ප්‍රේ බදුන් කිහිපයක් හමුවී ඇත.

එම රථයේ අංකය මුල්කොට කරනු ලැබූ විමර්ශන වලදී හෙළිවී ඇත්තේ එය වැලිමඩ ප්‍රදේශයේ නීතිඥයෙකු සතු මෝටර් රථයක් බවත් එය නැතිවීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත ඔහු වැලිමඩ පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත්ය.

ඒ අනුව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම රථයේ ඇඟිලි සලකුණු පරික්ෂා කොට ඇති අතර මෙය කිසියම් අපරාධයක් සඳහා යොදාගෙන මෙහි දමා ගොස් තිබේ දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවන බව ජා ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතා කීය.

ප්‍රසංග පෙරේරා - ජා ඇල

අද පෙරවරුවේ පමුණුගම උස්වැටකෙයියාව කඩලවල හන්දියේ සිදුවූ රිය අනතුරකින් ලොරියකට, යුද හමුදා ට්‍රක් රථයකට, වෑන් රථයකට සහ මොටර් රථයකට හානි සිදුවිණි.

පවත්නා වැසි සහිත කාලගුණය නොතකා අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් ඉදිරියෙන් ගමන්කරමින් තිබූ යුද හමුදා ට්‍රක් රථයක්, වෑන් රථයක් සහ තවත් ලොරි රථයක් එක් වරම ඉස්සර කිරීමට යාමේදි ලිස්සා ගොස් මංසන්ධියෙන් පාරට පිවිසෙමින් තිබූ මොටර් රථයක ගැටීමෙන් එය ද අනතුරට පත් වූ අතර වේගයෙන් පැමිණි ලොරි රථයට ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථය ඊට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ වෑන් රථයේ ගැටී ඇත.

මේ අනුව වේගයෙන් පැමිණි ලොරි රථයට යුද හමුදා ට්‍රක් රථයට ඊට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ වෑන් රථයට සහ ලොරි රථයේ ගැටුණු මොටර් රථයට අලාභහානි සිදුවී තිබේ. මෙම අනතුරෙන් කිසිවෙකුටවත් තුවාල සිදුවී නොමැති මුත් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ජීවිතය අනු නමයෙන් බේරුණු බව සිද්ධිය සියැසින් දුටුවෝ පවසති.

ප්‍රසංග පෙරේරා ජා ඇළ 

අගමැති රනිල් වික්‍රමසිංහ පින්ලන්තයේ සංචාරයක නිරතව සිටින අතරවාරයේදී හිටපු ඇමැති රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවා වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙසේ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවා ඇති අතර එහිදී ඇතැම් මන්ත්‍රීවරු, මලික් සමරවික්‍රම ඇමැතිවරයා ඇතුළු අගමැතිවරයාට සමීප ඇමැතිවරු කිහිපදෙනෙක් දැඩි ලෙස විවේචනය කර තිබේ. මේ පිළිබඳව අගමැතිවරයාට මන්ත්‍රීවරු පිරිසක් දැනුම් දී ඇති අතර ඒ අනුව මෙම පරීක්ෂණය ක්‍රියාත්මක වේ.
රවි කරුණානායක මන්ත්‍රීවරයාට ඇමැති ධුරය අහිමිවීමෙන් පසුව ඔහුට හිතවත් රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරු සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙක් එම තනතුරුවලින් මේ වනවිටත් ඉවත් කර තිබේ. ඒ අතර රවි කරුණානායකට හිතවත් තවත් සංස්ථාවක ප්‍රධානියෙක් ඉල්ලා අස්වී ඇත.
ඉහත වැඩමුළුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැමිණි දින දිවා ආහාරය මෙන්ම රාත්‍රී භෝජන සංග්‍රහය විදේශීය මත්පැන් සමග සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවා ගනිමින් පවත්වා තිබේ. වැඩමුළුවට පැමිණි මන්ත්‍රීවරුන් සඳහා රාත්‍රියේ නවාතැන් ගැනීමට වෙන වෙනම සුඛෝපභෝගී කාමරද සපයාදී තිබේ.
මෙම වැඩමුළුව පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එල්ලවන චෝදනාවලට පිළිතුරුදීමට
බව කීවත් රැස්වීමේ වැඩි කාලයක් වෙන්වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ඇමැතිවරුන් විවේචනය කිරීමට බව අනාවරණය වී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටියදී නායකත්වයට නොදන්වා සමුළුවක් කැඳවා අමාත්‍යවරුන් විවේචනය කිරීම ගැන දිවයිනට පැමිණි වහාම අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම පරීක්ෂණය පැවැත්වේ.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධාන වීම සඳහා වන මූලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ සඳහා ලබා දෙන මන්ත්‍රී සංඛ්‍යාව (කෝටා) පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව පක්ෂ ආරංචිමාර්ග අනාවරණය කළේය.
 මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 18ක් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරන බව එම ආරංචිමාර්ග අනාවරණය කළේය. මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසුව සෑම දේශපාලන පක්ෂයක් සමගම ගිවිසුමකට එළැඹෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කමණී හෙට්ටිආරච්චි

ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය විද්‍යාල භුමියේ දණගස්වා තිබීම සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ පැවැති නඩුවකින් වැරදිකරු බවට පත්ව දෙවසරක අත්හිටවු සිරදඩුවම් සහ දඩ නියම වු  ආනන්ද සරත් කුමාර මහතාට ආනමඩුව ශ්‍රීලනිප සංවිධායක පදවිය හිමිවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දැඩිවිරෝධතා එල්ල වෙමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දක්වන මතය වනුයේ සමාජයේ පරමාදර්ශී වෘත්තියක් වන ගුරුවෘත්තියට මෙවැන් නිගරුවක් කළ පුද්ගලයකු හට ශ්‍රීලනිපයේ ආසන සංවිධායක තනතුරක් හිමිකරවීම සඟ,වෙද,ගොවි,ගුරු,කම්කරු යන දිවංගත එස්.ඩබ්.බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේග සංකල්පයට එල්ල කළ අතුල් පහරක් බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනුයේ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ විරෝධය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා නාම යෝජනා නොදුන් පුද්ගලයකුට වත්මන් යහපාලන ආණ්ඩුව මඟින් මෙමදු පත්වීම් ලබාදීම විහිළුවක් බවය.
මෙම පත්වීමට එරෙහිව ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළගස්වන බවද හෙතෙම කීය.

එස්.ටී.පි.සිල්වා
 

අද (13) අළුයම චෙන්නායි සිට මෙරටට පැමිණි කාන්තාවකගේ ගමන් බෑගයේ තිබී ඇමරිකානු ඩොලර් ලක්‍ෂයක මුදල් නෝට්ටු සොයා ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

අද (13) අළුයම ශ්‍රී ලංකාවට පැමිණි මෙම කාන්තාවගේ සැකකටයුතු හැසිරීම් දුටු ‍රේගු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් ඇගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී රුපියල් එක්කෝටි පනස්තුන් ලක්ෂයක වටිනාකමකින් යුත් මෙම මුදල් තොගය හමුවී තිබේ.

 

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත්කොට ඒ වෙනුවට නව සංවිධායක ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා පත්කොට ඇතැයි වාර්තා වේ.

ආණමඩුව, නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මිය විදුහල් භූමියේ දන ගස්වා තැබීම නිසා දැඩි මහජන අප්‍රසාදයට සහ අධිකරණමය දඬවම් වලට පවා හිමිකම් කියූ ඔහුට මෙවන් තනතුරක් ලබා දීම විස්මයට කරුණකැයි බොහෝ දෙනෙක් කියති.

එස්.ටී.පී. සිල්වා

 

 

මේදිනවල පවත්නා අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය යටතේ සන්ධ්‍යා කාලයන් හි ගිගුරුම් සහිත වැසි සමඟ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අයිස් වැසි ද ඇදහැළිය හැකි බව හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ, කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අබේසිංහ මහතා පවසයි.

අකුණු වැසි සහ ටෝනේඩෝ සඳහා මුල් වන කැටි වැසි වලාකුළු වල කිලෝමීටර් අටක් තරම් වන ඉහළම කොටසේ  95% පමණ අයිස් රැඳී ඇති බවත් මේ දිනවල පවතින තද වැසි තත්ත්වයන් සමඟ එම අයිස් කැට පොළවට පතිතවීමේ හැකියාවක් ඇතැයි ඒ මහතා අවධාරණය කරයි.

විනාඩි 5 -10 අතර කාලයක් තුළ ගිගුරුම් සහිතව ඇද හැලෙන ධාරානිපාත වැසි සමඟ මෙම අයිස් කැට ඇද හැළීම සිදුවිය හැකි බව පවසන ඒ මහතා පස්වරු 02.00 පසු මෙම තත්ත්වය ඇති වීමට වැඩි සම්භාවිතාවක් පවතින බවද කියයි.

ශීත දේශගුණික රටවල මෙසේ අයිස් වැසි ඇද හැළීම කාලගුණික අතවරයක් ලෙස සැලකුණද අප රට වැනි ඝර්ම කලාපීය රටවල එය කාලගුණික අතවරයක් ලෙස නොසැලකෙන අතර ඊට හේතුව පරිසරයේ අධික ශීත දේශගුණයක් නොමැති වීම මත පහළට ඇඳහැලීමේ දී එම අයිස් කැට දිය වී කුඩා කැට හෝ පතුරු බවට පත්වීම යැයි ද ඒ මහතා කියයි.

 

දමයන්ති ගමගේ

 

 

 

 

ශලීල මුණසිංහ මහතාගෙන් ඇබෑර්තු වූ  ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස නිශ්ශංක නානායක්කාර මහතා පත්කොට ඇත.

ප්‍රකට නීතිඥයකුද වන නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී කමිටු සමාජිකයෙකු සහ නීති උපදේශකයෙකු ද වෙයි.

මෙම ලිට්රෝ ගෑස් සමාගම පාලනය වනුයේ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගිනි.

 

 

පසුගිය වැඩ වර්ජනයෙන් මුළු මනින්ම පාහේ අඩාල වී තිබූ දුම්රිය සේවය මේ වන විට 90% පමණ යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.

අද (13) පස්වරු වන විට ඉතිරි සියලුම දුම්රිය ධාවන ගමන්වාර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 

ලංකා සතොස මගින් රුපියල් 84/- ට අලෙවි වූ සම්බා සහල් කිලෝවක් රුපියල් 83/- ට ද රුපියල් 74/-ට අලෙවි වූ නාඩු සහල් කිලෝවක් රුපියල් 73/- ට ද දැන් මිලදී ගත හැකි බව ලංකා සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට සතොස තොග වෙළඳ මධ්‍යස්ථාන 22 ක් සඳහා මෙම මිල යටතේ පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට අවශ්‍ය සහල් තොග මුදා හැර ඇති බවය.

එස්.ටී.පී සිල්වා

 

 

Page 5 of 130

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 270

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 882

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 984

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1112

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1557

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2517

Please publish modules in offcanvas position.