Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වැඩ වර්ජනය අවසන් වීම නිසා මේ වන විට වර්ජනයට සහභාගී වූ දුම්රිය සේවකයන් සේවයට වාර්තා කරමින් සිටියද දුම්රිය සේවය යළි යථා තත්වයට පත් කිරීමට හෙට පෙරවරුව වන තුරු නොහැකි වෙතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඊට හේතුව දුම්රිය වර්ජනයට සහභාගී වූ දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීම සඳහා දුම්රිය ගමනා ගමන පහසුව නොමැති වීම මත සේවයට වාර්තා කිරීමේ යම් පමාවක් පැවතිම බව ද වාර්තා වේ.

ඒ අනුව දුම්රිය සේවකයන් සේවයට වාර්තා කරන අන්දමට හෙට අළුයම සිට ක්‍රමයෙන් දුම්රිය ගමන්වාර සැළසුම් වනු ඇතැයි ද දුම්රිය ප්‍රකාශකයෙක් කීය.

කෙසේ හෝ මහජනතාවට අතිශයෙන් පීඩාකාරී අයුරින් මෙලෙස වර්ජනයට එක්වීම මුල් කොට දුම්රිය රියදුරන් සහ නියාමක වරුන් කෙරෙහි තමන් තුළ පැවැති ප්‍රසාදය මුළු මනින්ම ගිලිහී ගිය බව අප නියෝජිතයන් හමුවේ දුම්රිය මගීහු බොහෝ දෙනෙක් කියා සිටියහ.

මෙහිදී ඔවුන් සඳහන් කර සිටියේ ඉටුකළ යුතු අතවශ්‍ය මහජන සේවාවක් සිදු කළ යුතු දුම්රිය රියදුරන් සහ නියාමක වරුන් මෙහිදී දැඩි ආත්මාර්ථකාමී පියවරක් අනුගමනය කළ බවය.

මෙහිදී කරුණු දැක්වූ දුම්රිය මගීන් තවදුරටත් පවසා ඇත්තේ පසුගිය ඔක්තෝබර් 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දැනුම් දී තිබූ දුම්රිය රියදුරන් එසේ නොකොට 11 වන දින පස්වරු 5.00ට දුම්රිය වර්ජනය ආරම්භ කිරීම දුම්රිය මගීන්  දැඩි අපහසුවකට පත් කිරීමක් බවය. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් නිසා ජනතාව අපහසුතාවට පත් කරන මෙවන් සාපරාධී ක්‍රියාමාර්ග පිළිබඳව ‍පොලීසිය මාර්ගයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවය.

දුම්රිය රියැදුරන් මහජනතාව අමතක කොට එලෙස හදිසියේ ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඊට එරෙහිව ‍පොලීසිය මාර්ගයෙන් විශේෂ විමර්ශනයක් කරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔක්තෝබර් 12 පැවැසීය.

එහෙත් ඒ සම්න්ධයෙන් ඇමතිවරයා ගත් ක්‍රියාමාර්ගයක් ගැනද අසන්නට නොලැබූනු බවද මගීහු කිහ.

කෙසේ හෝ පෞද්ගලික බස් සේවකයන්ටත් වඩා අවිනයවත් සහ සදාචාර විරෝධි ලෙසින් කටයුතු කොට ඇති දුම්රිය රියැදුරන් සහ නියාමක වරුන් කෙරෙහි මගී ජනතාව තුළ පවත්නා මෙම දැඩි අප්‍රසාදය සමනය කිරීමට කටයුතු යෙදීම දුම්රිය සේවකයන් ගේ වගකීමක් හා යුතුකමක් බව ද මගීහු පෙන්වා දෙති.

එස්.ටී.පී.සිල්වා

ඊයේ(12) පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවක් ඊයේ අළුයම සිය නිවසේදී ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. යාපනයේ සන්දිලිපායි විදුහලේ ඉගෙනුම ලබමින් සිටි දේවේන්ද්‍රන් මධුෂිකා නම් මෙම ශිෂ්‍යාව ඊයේ උදෑසන විභාගයට යාමට සූදානම් නොවු බැවින් ඇගේ මව ශිෂ්‍යාවගේ කාමරයට ගොස් විපරම් කරන විට ඇගේ සිරුර එහි බාල්කයක එල්ලෙමින් තිබෙනු දක්නට ලැබී ඇත. පසුව ඇය රෝහල් ගත කර ඇතත් රෝහල් ගත කරන විටද ඇය මියගොස් තිබී ඇත.

සිසුවිය ගෙල වැළලාගෙන ඇත්තේ මවගේ සාරියකිනි. යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.ප්‍රේම්කුමාර් මහතා මෙය ගෙළ වැළලා ගැනිමෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය මගින් තහවුරු කර ඇත.

මෙම දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඒ.ජී.රේණුකා

 

නූතන සමාජ ජාලා කවි පරපුරේ කැපී පෙනුණු කවියෙකු වූ ඉන්දික ගුණවර්ධන මහතා අද(13) අළුයම හදීසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා හිටපු සභාපති සහ රජයේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ සොහොයුරෙකු වූ ඔහුගේ කවි වලට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වලින් ඉහළම ප්‍රතිචාර ලැබෙමින් තිබිණ.

ඔහු විසින් ලියන ලද පද්‍ය සංකල්පනා ඇතුළත් ‘අවන්හල් බළල්ලු‘ ,‘සිසිරයේ දිගු රැයක‘, ‘හිතේ කෙටූ ටැටූ‘ ආදී කාව්‍ය කෘතිත් පාඨකයන් අතර මහත් ජනප්‍රසාදයට පත් විය. 

නූතන සමාජ ජාල කවි පරපුරේ පුමුඛතමයෙකු මෙලෙස හදීසියේ ජීවිතයෙන් සමුගැනිම සමාජ ජාල කවියේ ප්‍රගමණයට ප්‍රබල බාධකයක් බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

සහන් සංකල්ප සිල්වා

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ අනුර කුරුප්පු, උප සභාපති එල්.ටී.විජේවර්ධන, දෙහිඕවිට ප්‍රාදේශිය සභාවේ හිටපු එජාප මන්ත්‍රී තෝමස් චමින්ද, දැරණියගල එජාප බලමණ්ඩලයේ ලේකම් ඒ.වී පියරත්න යන මහත්වරුන් අද(13) පෙරවරුවේ ජනපති නිලනිවසේදී ජනාධිපතිතුමා හමුවී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.

ජනාධිපතිතුමා රට ගොඩ නැගීම පිණිස ගනු ලබන අවංක උත්සාහයට සහාය පළ කිරීම පිණිස තමන් මෙලෙස ශ්‍රීලනිපය හා එක් වූ බව ඔවුහු කියා සිටියහ.

ඒ.ජී.රේණුකා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජංගම සන්නිවේදන ක්‍ෂේත්‍රයේ නිපුනයෙකු වන සිද්ධි මොහොමඩ් ෆාරුක් මහතා පත්කොට ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත්වීම ලබා දී තිබේ. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ෆාරුක් මහතා 2009 – 2017 කාලය තුළ ෆෑන්ඒෂියාපවර් පී.එල්.සී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇත.

එස්.ටී.පී සිල්වා

 

වර්ජනයේ නියුතු දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය නිම කිරීමට තීරණය කොට ඇත. ඒ ආචාර්ය  සරත් අමුණුගම ඇතුළු අමාත්‍ය අනුකමිටුව සමඟ අද (13) පෙරවරුවේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.  මෙම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද එක්වී සිටියහ.

 

එස්.ටී.පී සිල්වා

රටේ ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්කොට ඇති වැඩ වර්ජන ක්‍රියාමාර්ගයෙන් බැහැර වන මෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර සිටියි.

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පාසැල් සිසුන් ඇතුළු විශාල පිරිසක් මින් දැඩි පීඩාවට පත්ව සිටින බවත් මෙරට පාලකයන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල කිසිදු සාමාජිකයෙකු දුම්රිය සේවාව භාවිතා නොකරන බවත් එම සේවය භාවිතා කරන්නේ රටේ වැඩ කරන ජනතාව බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර හෝ මෙම වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව වැඩිදුරටත් අවධාරණය කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබේ.

එස්.ටී.පී සිල්වා

කොළඹ 2 ශ්‍රීමත් ච්ත්තම්පලම් ගාඩිනර් මාවතේ ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 32ක සාමාජිකයන් අරඹා ඇති උපවාසය තව දුරටත් ක්‍රියාත්මක වේ.

මණ්ඩලයේ ඉහළ ශ්‍රේණිවල නිලධාරීන්ට වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව තම වැටුප් කප්පාදුවට එරෙහිව ඔවුන් මෙම උපවාසයට තුන් වන දිනටත් අද ක්‍රියාත්මක කරමින් සිටි.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ විදුලිබල මණ්ඩලයේ අනියම්, ආදේශක, පරිවාස, පුහුණු සහ අභ්‍යාසලාභී සේවකයන් සඳහා නිකුත් කොට ඇති සේවය අතහැර ගියා සේ සලකන ලිපි අවලංගු කොට ඇති අතර මෙම වෘත්තිය සමිති ඉල්ලීම් පිළිබඳව මේ වන විටත් කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර  ඇති බවය.

දමයන්ති ගමගේ

මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය වෘත්තීය සමිති නායකයන්ට තමසේවය හැරගියා සේ සලකන ලිපි නිකුත් කර ඇතත්ඒ ලිපි ප්‍රතික්ෂේප කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියයි.

එහෙත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ ඔවුන් එසේ ලිපි ප්‍රතික්ෂේප කළද දෙපාර්තමේන්තුවට ඔවුන් සේවය හැර ගියා සේ සැලකිය හැකි බවය.

එමෙන්ම මෙම වැඩ වර්ජකයන් වෘත්තීය සමිති ඉල්ලීම් දිනාගැනීම මුවාවෙන් අන්තගාමි ලෙස මෙම වර්ජනයෙහි නියුතු වන අතර මෙය කිසියම් දේශපාලන හස්තයක් මගින් මෙහෙයවන බවට වර්ජනයේ නියුතු දුම්රිය සේවකයන් මගින්ම දෙපාර්තමේන්තුව වෙත තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද පැවසීය.

එමෙන්ම අනියම් තාවකාලික වෘත්තීන් මගින් දෛනික වැටුප් ලබන අතිවිශාල පිරිසක් එදිනෙදා ජීවනෝපායන් සඳහා දුම්රියෙන් අගනුවරට පැමිණෙන අතර මෙම වැඩවර්ජනය හේතුවෙන් ඔවුන් සහ ඔවුන්ගේ දරු පවුල් මේ වන විට අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව ද වාර්තා වී තිබේ.

මේ අතර ජනතාවට පීඩා පමුණුවන මෙවන් වැඩ වර්ජන අවස්ථා වලදී අත්‍යවශ්‍යය සේවා පවත්වාගෙන යාම සඳහා විශේෂ ශ්‍රම බලකායක් ගොඩ නැගීම කෙරෙහි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඒ කෙසේ හෝ දුම්රිය සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳව විමසා බැලීම පිණිස ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කොට ඇති අමාත්‍ය අනුකමිටුව සහ දුම්රිය වෘත්තීය සමිති නායකයන් අතර අද පැවැත්වෙන සාකච්ඡාව බෙහෙවින් තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එස්.ටී.පී.සිල්වා

තමා තවමත් ශ්‍රී ලංකා තානාපති නිලධාරියකු සතු තානාපති වරප්‍රසාදවලට හිමිකම් කියන අයකු බව ඇමෙරිකානු බලධාරීන්ට දැනුම් දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාට හා එම අමාත්‍යංශයේ ‍ලේකම්වරයාට නියෝගයක් කරන ලෙස ඉල්ලා ඇමෙරිකානු ශ්‍රී ලංකා හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ අවසරයක් මත සිය ඇසේ ඇතිවූ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමා ඇමෙරිකාව බලා පිට වූ බව ජාලිය වික්‍රමසූරිය මහතා එමගින් අධිකරණයට පෙන්වා දී තිබුණි. ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන්  විසින් ලබාදුන් උපදෙස් මත එම රෝගී තත්ත්වයට වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමා චිලී රාජ්‍යයේ සංචියාගේ නගරය බලා පිටත්ව යාමට ගිය අවස්ථාවේදී එහි බලධාරීන් විසින් තමාව රඳවාගත් බවත් ජාලිය වික්‍රමසූරිය මහතා එමගින් අධිකරණයට පෙන්වා දී තිබුණි. 
තමා හිමිකම් කී තානාපති වරප්‍රසාද ඉවත් කළ බව ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා තමාට දන්වා නොමැති බැවින් තමාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමට චිලී රාජ්‍යයට යාමය අවශ්‍ය අවසරය හා තානාපති වරප්‍රසාද හිමි අයකු බව දැන්වීමට අවශ්‍ය නියෝගයක් කරනා ලෙස පෙත්සම්කරු එමගින් ඉල්ලා තිබුණි.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ 2008 වසරේදී එම තානාපති කාර්යාලයට අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාව යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි. මාස 8කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසු වූ ඒ මහතාට මාස දෙකක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශ ගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබුණි.
 
නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

විවිධ වැරදි සඳහා චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටින පාසල් සිසුහු 21 දෙනෙක් අද (12) බන්ධනාගාර මධ්‍යස්ථාන දෙකකදී අ.‍පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටියහ. මැගසින් බන්ධනාගාරයේ පැවැති විභාග මධ්‍යස්ථානයේදී සිසුන් 11 දෙනෙකුද වටරැක බන්ධනාගාර විභාග මධ්‍යස්ථානයේදී සිසුන් 10 දෙනෙකුද මෙලෙස විභාගය ලියන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
බන්ධනාගාරයේදී වුවත් විභාග මධ්‍යස්ථානයක තත්ත්වයටම සිසුන්ට පහසුකම් ලබාදී ඔවුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා තිබෙන බව උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
 
ජයසූරිය උඩුකුඹුර

Page 4 of 184

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1263

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2715

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8212

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4109

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4333

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 5998

Please publish modules in offcanvas position.